Monday, February 4, 2013

2012 A/L Results Issue -IUSF

2012 A/L Results Issue Problem Z Score IUSF
Sri Lanka’s main students union, Inter University Students Federation (IUSF) Convener Sanjeewa Bandara said the pass rate of commerce stream 2012 A/L has increased quite abnormally and there are close to 6500 candidates who have obtained 3As in the commerce stream. But about 5000 students admit to state universities from Commerce stream. 
During previous years, even those who obtained two As and one B could enter university whereas this year, it seems even those who have three As will not be able to enter a state university due to restrictions in admissions.
IUSF further said that there are few incidents where Z score and ranks are different with issued results.

IUSF - Press Release
මෙවර උසස් පෙළ විභාගයත් අවුල්, ආණ්ඩුව උපාධිකඩ අරින්න ප‍්‍රතිඵල වෙනස් කරලා
2011 වසරේ උසස් පෙළ විභාගයේ මෙවර නිකුත් කළ ප්‍රතිඵලවලද ගැටලු ගණනාවක් මතුව තිබේ.

"මෙවර උසස් පෙළ විභාගයත් අවුල්, ආණ්ඩුව උපාධි කඩ අරින්න ප‍්‍රතිඵල වෙනස් කරලා. සියලු උසස් පෙළ සමතුන් සරසවි වලට බඳවා ගත යුතුයි. මේ පාර විභාග ප‍්‍රතිඵලයත් පිළිගන්න පුලුවන් තත්ත්වෙක නෑ.
2011විභාග ප‍්‍රතිඵලය තරම්ම තොමැති වුනත් මේ පාරත් rank වල සහ Z අගයන්වල ගැටළු තියෙනවා. උදාහරණයක් විදියට පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් කලා අංශයෙන් නව විෂය නිර්දේශයෙන් විභාගයට ඉදදිරිපත්වුණු (5577012) c2 s1ක ප‍්‍රතිඵයක් ලබාගෙන තියෙන ශිෂ්‍යයාවක්ගෙ දිස්ත‍්‍රික් rank එක 9ය. Z අගය -0.3373යි. අයිලන්ඞ් rank එක 534යි.

 එම දිස්ත‍්‍රික්කයේම තවත් ශිෂ්‍යයෙක් ඉන්නවා(5551064). එත් කලා විෂය ධාරාවෙන්මයි විභාගයට ඉදිරිපත්වෙලා තියෙන්නේ. ප‍්‍රතිඵලය B2, C1. Z අගය 0.7353යි, දිස්ත‍්‍රික් rank එක 320. අපි අහනවා මේ ප‍්‍රතිඵලය පිළිගන්න පුළුවන්ද? ඒ වගේම තමයි වව්නියා දිස්ති‍්‍රක්කකයෙන් කලා අංශයෙන් නව විෂ්‍ය නිර්දේශය යටතේ විභාගයට ඉදිරිපත්වුණු (6231594) ශිෂ්‍යයගෙ විභාග ප‍්‍රතිඵලය තමයි ABC . දිස්ත‍්‍රික් rank එක 01. අයිලන්ඞ් rank එක 38. Z අගය 1.1988යි. එම දිස්ත‍්‍රික්කයේම තවත් ශිෂ්‍යයෙක් (6237770) ඉන්නවා ඔහුගේ ප‍්‍රතිඵලය A1 B2යි. දිස්ත‍්‍රික් rank එක 27. අයිලන්ඞ් rank එක 2694. මේක මෙහෙම වෙන්නෙ කොහොමද? ඕනෑම කෙනෙක්ට තේරෙනවා මේක විකෘතියි කියලා.

ඒ වගේම තමයි මෙවර කලා අංශයේ විභාග ප‍්‍රතිඵල අඩුයි. වානිජ අංශයේ ප‍්‍රතිඵලවල අසාමාන්‍ය වර්ධනයක් දකිනවා. අනෙක් විෂය ධාරාවන් සම්බන්ධවත් ගැටලු තියෙනවා. හැබැයි වානිජ අංශය විශේෂයි. වානිජ අංශයෙන් A3ලබාගත්ත ශිෂ්‍යයො දහස් ගානක් ඉන්නවා. ඒත් ඔවුන්ට මෙවර සරසවි යන්න බෑ. සෑම දිස්ත‍්‍රික්කයකම වගේ මේ වෙනස දකින්න පුළුවන්. මෙවර උසස් පෙළ ප‍්‍රතිඵල වලට අනුව A3ලබාගත් සිසුන් 8544ක් සිටින අතර වාණිජ විෂය ධාරාව යටතේ සිසුන් 6471ක් වීම විශේෂත්වයකි. එහෙත් වාණිජ විෂය ධාරාව යටතේ සරසවි වලට ඇතුලත් කරගන්නා සිසුන් ප‍්‍රමාණය 5000ටත් වඩා අඩුය. ප‍්‍රතිඵල ඉහළ ගියපු එක හොදයි. ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් අපි මේක පිටුපස්සෙ ආණ්ඩවේ Project එකක් තියෙනවා කියලා දකිනවා. මොකද මේක වෙන්න පුලුවන් එක්කො විභාගය වෙනදට වඩා ලේසි කරන්න ඕන. නැත්නම් එකපාරම ශිෂ්‍යයො දක්ෂයො වෙන්න ඕන. මේ මොක වුනත් පාස්වෙච්ච එක හොදයි. ඒ වගේම ප‍්‍රශ්න පත‍්‍ර එක පාරම වානිජ අංශයෙන් විතරක් ලේසි කලේ ඇයි? විභාග අමාරු වියයුතුයි කියලා අපි කියන්නෙ නෑ. හැබැයි ඒක අධ්‍යාපනික නොවන අරමුණ කින් නම් කලේ ඒක අනුමත කරන්න අපට බෑ. මොකද මේක පිටුපස්සෙ තියෙන්නෙ ශිෂ්‍යයින්ට තියෙන ආදරයට වඩා වෙනත් අරමුණු නිසයි.

මේ සමත් වෙච්ච හැමෝම දක්ෂයො ඒකෙ විවාදයක් නෑ. A 3ගත්ත අය විතරක් නෙවෙයි S3ක් තියෙනවනවනම් ඒ අයත් සරසවි යන්න සුදුසුයි. ප‍්‍රශ්නෙ තියෙන්නෙ ආණ්ඩුවට ඔවුන් බදවාගන්න වැඩපිළිවෙලක් හරි උවමනාවක් හරි නැති එකයි.

මේ පාස් වෙච්ච සිසුන් සරසවි වලට බදවා ගත යුතුයි. ඒත් ආණ්ඩුවට එහෙම වැඩපිළිවෙලක් නෑ. මොකද 2011හේ ප‍්‍රතිඵලයට අනුව අමතරව බදවාගන්නවා කියලා අධිකරණයට පොරොන්දුවු සිසුන් 5000වත් බදවා ගන්නෙ නෑ. එහෙම තත්ත්වයක් ඇතුළෙ විභාගෙ ලේසි කරලා, ඇයි වැඩි ප‍්‍රමානයක් සමත් වෙන්න සැලැස්වුයේ කියන එක ලොකු ප‍්‍රශ්නයක්.

ඒ වෙන මොකටවත් නෙවෙයි පෞද්ගලික විශ්වවිද්‍යාල සදහා පාරකපන්න. A 3ගත්ත ශිෂ්‍යයො හැමෝම සරසවි යන්න බලාන ඉන්නවා. ඒත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට හැමෝම බදවා ගන්නෙ නෑ. මොකද ඇහුවොත් ඉඩනෑ කියනවා. පුළුල් කරන්න දෙන්න ආණ්ඩුවට සල්ලි නෑ කියනවා. ඊළගට කියයි පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. ඒවට යන්න කියලා. කීප දෙනෙක්ට ශිෂ්‍යත්ව දෙන්නම් කියයි. පස්සෙ ගෙවන්න කීපදෙනෙක්ට ණය වුණත් දෙන්නම් කියන්න බැරිනෑ. දෙමවුපියන්ටත් A 3ගත්ත තමන්ගෙ දරුවා ගෙදර ඉන්නව බලන් ඉන්න බෑ. ශිෂ්‍යයින්ටත් ආපහු හිත හදාගෙන විභාගෙ ලියන්න බෑ. ලිව්වත් වැඩකුත් නෑ. ඒ නිසා දෙමවුපියෝ ඉහ ඉග විකුණල හරි තමන්ගෙ දරුවටත් උපාධියක් අරන් දෙන්න උත්සාහ කරනවා. මොකද ඉහළින් සමත් වෙ ච්ච ශිෂ්‍යයින්ට සරසවි යන්න එන හැගීම ප‍්‍රබලයි. A 3ක්ම අරන් ඉහළින්ම සමත් වුණ ශිෂ්‍යයෙක්ගෙ ඒ හැගීම සියදහස් ගුණයකින් වැඩියි. ආණ්ඩුව අන්න ඒ හැගීම විකුණල උපාධිකඩ අරින තමන්ගෙ අරමුණ ඉටුකරගන්න තමයි දැන් හදන්නෙ. ඒත් ඒක කරන්න පුලුවන් යම් ආදායම් මට්ටමකින් ඉහළ අයට විතරයි.

හැමෝටම මේවට යන්න බෑ. ඒක තමයි ආණ්ඩුවේ අද ප්ලෑන් එක වෙලා තියෙන්නෙ. ජනාධිපතිතුමාම NIBM එකේ ශාඛා විවෘත කරන්න යන්නෙ, උපාධි විකුණන්න මේ තරම් වලිකන්නෙ ඒ නිසයි. මේ උපාධි කඩවලට යන්න පුලුවන් ඉතාම අතලොස්සකට විතරයි. අනිත් හැමෝම අන්තිමේ සරසවියන්න බැරිවෙනවා.
මේ යතාර්තය අපි තේරුම් ගත යුතුයි. මේක පිටුපස්සෙ කුමන්ත‍්‍රණයක් තියෙන බව ඇත්ත හැබැයි අපි හිතනවා මේක ඉතිහාසයේ ස්වර්ණමය අවස්තාවක් කියලා. මොකද එකක් විශාල ප‍්‍රමාණයක් ඉහළින් සමත්වීම ඒක හොදයි, හරියට සටන් කළොත් ඒ දැන් ඒක උ/පෙළ ලියලා ප‍්‍රතිඵල එද්දිම තේරෙන්න පටන් ගන්නවා. සරසවි බඳවගන්න ප‍්‍රමාණය වැඩිකරගන්න සටන් නොකර කොච්චර විභාගෙට මහන්සි උනත් වැඩක් නෑ. මොකද විභාගෙට ලියන ඔක්කොම A3බැගින් ගත්තත් සරසවි යන්න පුලුවන් 22000කට විතරයි. නිදි මරාගෙන ළමාකාලය, තාරුණ්‍ය පවා අහිමිකරගෙන දෙමවුපියෝ රටේම ණයකාරයෝ කරල අන්තිමේ විභාගෙන් A 3ක් ගත්තත් යන්න සරසවියක් නෑ. ඒ නිසා කළ යුත්තේ මේක නෙවෙයි. සමාජයක් විදියට අධ්‍යාපන අවස්ථා වැඩි කරගන්න සටන් කරන එකයි.

සමහරු හිතනවා ඕවා කරලා, නිකන් ආණ්ඩුව එක්ක හැප්පිලා මැරෙන්න බෑ කියලා. හැබැයි ඒ අය තනි තනියෙන් ජීවිතේ දිනන්න කියලා යන පාරවල් කෙළවර වෙන්නෙත් අවසානෙ දරුණු අගාධයන්වලම තමයි. එතකොට වෙන්නෙ බලාපොරොත්තුත් එක්කම සිය දිවි හානිකරගන්න විතරයි.

අද උසස් පෙළ ශිෂ්‍යයන්ට අත්වෙලා තියෙන ඉරණමත් ඒකම තමයි. අපි කියනවා දැන්වත් නිවැරදි පාර තෝරාගත යුතුයි. සරසවි යන්න බලාපොරොත්තු වන හැමෝටම දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි. ඒ තමයි හැමෝම එකතුවෙලා සරසවිවලට බඳවාගන්න ප‍්‍රමාණය වැඩිකරන්න කියලා ආණ්ඩුවට බලකරන එක. හැමෝම එකතුවෙලා බල කළොත් ආණ්ඩුවට ඒක කරන්න වෙනවා. පුලුවන් තරම් බඳවානොගෙන ඉන්න උත්සාහ කරයි. බැරිම වුනොත් ජනපති පුතා ඇවිත් සන්දර්ශනයක් දාල හරි අන්තිමේ බඳවා ගනියි.
අපි දෙමවුපියන්ගෙනුත් ශිෂ්‍යයන්ගෙනුත් ඉල්ලනවා ඒ වෙනුවෙන් පෙරට එන්න කියලා. ශිෂ්‍යයෝ තව තවත් තමන්ගේ දෙමවුපියන් රටේ ණයකාරයෝ කරවන්නෙ නැතිව, ඒවා පියවන්න තව තවත් වැඩකරන තැනට පත්කරලා ඔවුන් ලෙඩවෙලා මැරෙන්න අරින්නෙ නැතිව, ආයෙත් බොරුවට විභාග කරන්න ගිහින් ජීවිතේ විඳින්න තියෙන කාළේ නිකරුනේ විඳවන්නෙ නැතිව තමන් ලබාගත්ත ප‍්‍රතිඵලයට අනුව උසස් අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය දිනාගන්න එකාවන්ව හැමෝම එකතු වෙන්න කියලා අපි ඔබට කියනවා. අපි ඒ සටන පටන් ගන්නවා. නමුත් අපි විතරක් සටන් කරා කියලා වැඩක් වෙන් නෑ. ඔබ ඉදිරියට පැමිණිය යුතුයි.

1 comment:

  1. Well Mr. Sanjeewa Bandara.. why don't you take any actions for the delay of 2011 A/L cutoff marks?

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-