Search in This Site

Sunday, February 17, 2013

World Best Love Stories - ඇය යන්නම යන්න ගිහින්

Sri Lankan Campus Love Stories www.lankauniversity-news.com
ඇය යන්නම යන්න ගිහින්
1984 වසරේ බටහිර මිචිගන් සරසවියේ ගිම්හාන උණුසුම ෆැරන්හයිට් අංශක අසූ ගණනක් දක්වා ඉහළ නැඟ තිබිණි. හිරු දිලිසුණේය. මගේ සරසවි ජීවිතයේ පළමු දිනයයි. එසේම වැඩිමනත් දෙයක් කියන්නේ නම්, මට සින්ඩි මුණගැසුණු පළමු දිනය එයයි.
මනෝහර ලෙස සුන්දර වූවාය. සාමාන් ආයිත්තම් සහ යන්තම් ගෑ ඇස් අඳුන් කැපීගෙන විදහා දැක්වුණු පරිදි අසමාන පෞරුෂයකින් සහ ආත්ම විශ්වාසයකින් යුක්ත තැනැත්තියකි. එයාකාර සුන්දරත්වයකට කොල්ලන්ගේ මොළය තෝන්තු නොවේ නම් පුදුමයකි. සුන්දර බවට පාරට්ටු කතා ඇවැසි නැත.
එම විශේෂ දිනයේ සින්ඩි සහ මා මුණගැසුණේ අඩමාන කොන්දේසියක් යටතේ . එනම් ආරෝහකයේ යන අතර අහම්බෙනි. ඇය මා දෙස බලා මඳ සිනා පෑවාය. අපි එකම මහලෙන් බැස ගතිමු. මා මුලින් චකිතයට පත්වූයේ ඇය වැරදීමකින් එසේ කරන්නට ඇතැයි සිතමිනි. මා කොරිඩෝරයට වී මගේ සොහොයුරා අඩුවැඩිය ගෙනෙන තෙක් බලා සිටිනා අතර සින්ඩි කෙළින් මා කරා ඇවිද ආවාය. ඇය මා වෙත ළං වන බව දකිත් මගේ බඩ දඟලන්නට පටන් ගත්තේය. එහෙත් බාහිරින් මා උත්සාහ ගත්තේ බව නොපෙන්වා සිටීමට . මම බාහිරින් ආත්ම විශ්වාසනීයත්වය ගොඩනඟා ගතිමි. සිතට එඩි ගතිමි. සිනාවක් මවාගෙන ඇය සමඟ කතා කිරීමට සූදානම් වීමි. මම ඔයා එනකල් නෙවෙයි ඉන්නෙ...මා පසුකර යමින් සින්ඩි වෙඩි තියන්නාක් මෙන් කීවාය. ඔයා ගැස්සිලා...
මම ඇස් අදහාගත නොහැකිව බලා සිටියෙමි. මගේ පන්තියට එහා පන්තියේ සිටිනා සරසවියේ ලස්සනම කෙල්ලගේ මුවින් එම අනපේක්ෂිත බස පිටවූ බව මට විශ්වාස කළ නොහැක. මම වලාකුළු මතින් පියාඹන්නට පටන් ගතිමි.
නොවැම්බර් මස මැද වන විට අපි පෙම්වතුන් වීමු. වෙන්කළ නොහැකි පෙම් යුවළක් වීමු. මා සම්බන්ධයෙන් නම්, මෙවැනි ආදරයක් මීට පෙර මසිතෙහි ඇති වී නොතිබිණි. අප අතර සමානකම් විය. අපි දෙදෙනාම සැහැල්ලුවෙන් සහ විනෝදයෙන් සිටීමට පිරය කළ විවෘත අදහස් ප්රකාශ කරන අය වීමු. අපේ ප්රේමයේ ලොකු ආශීර්වාදය වූයේ එයයි. අපි කලබලකාරී නමුත් අසිරිමත් වසර එකහමාරක් ගතකළෙමු. මේ කාලය තුළ, එකිනෙකාගේ ඇසිපිය යට සිට අපි පෙම් කළෙමු.
ප්රේමය තුළ මම මහත් පරස්පර වූ හැඟීම් සමුදායකින් පීඩා වින්දෙමි. ඒවා බොහෝ විට ඍණාත්මක හැඟීම් විය. ලස්සනම යුවතියක පෙම්වතිය කරගත් ඕනෑම සාමාන් පෙනුමැති කොල්ලකුට සිදුවන පරිදි මම ඊර්ෂ්යාවෙන් පීඩා වින්දෙමි. හීනමානයක්දැයි අදටත් නොදන්නා මේ හැඟීම මට කිසිසේත්ම වළක්වාගත නොහැකි විය. එහි ප්රතිඵලය වූයේ අවසානයේ 1986 පෙබරවාරියේ අප දෙදෙනා වෙන්වීමයි. මම ඊර්ෂ්යාවට මගේ ප්රේමය අනුභව කරන්නට ඉඩ දී බලා සිටින මෝඩයෙක් වීමි.
අවසාන වශයෙන් සින්ඩි දුටු විට මා ඇය සමඟ බෙදාගත් අවසන් හැඟීම වූයේ කෝපය යි. නොගැළපෙන සම්බන්ධයක් නිසා තෙහෙට්ටු වී සිටි මම ඇය දෙස රවා බැලුවෙමි. මගේ කෝපය එයට වඩා වැඩිමනත් පළිගැනීමක් කිරීමට මට බල කළේය. මම අප එක්ව ගත කළ පීරතිමත් සමයේ මතක සැමරුම් ඇතුළත් ඡායාරූප සියල්ල ලියුම් කවරයක බහා ඇයට දුන්නෙමි. එම සියලු ඡායාරූප මා විසින් කැබලි දහස් ගණනකට කීතු කීතු වන සේ ඉරා දමා තිබිණි. එකම එක පින්තූරයක්වත් මම ඉතිරි කර නොගත්තෙමි. ඇය මට කී අවසන් වචන, එදා පළමු දිනයේදී කී වදන් . ඔයා ගැස්සිලා...යැයි ඇය පැවසුවාය.
මේ වතාවේ ඇය කී දෙය ඉතා නිවැරදි . සත්තකින්ම මම ගැස්සී සිටියෙමි. ඇය සමඟ පවසන මේ අවසන් වදන් සමඟ මට සදාකල් ජීවත් වීමට සිදුවන බව මම දැන සිටියෙමි. ඇය දෙස බැලුවෙමි. දයාවක් හෝ ප්රේමයක් රහිත බැල්මෙන් මෙසේ කීවෙමි. මීට පස්සෙ මම ඔයාව කවදාවත් දැක්කත් එකයි, නැතත් එකයි. ඔයා ගැන මට අහන්න ලැබුණත් එකයි, නැතත් එකයි...මේ වදන් සමඟ මම ඇය හැර දමා ආවෙමි. මගේ කටුක වදන් ඇය වෙත බලපෑ අයුරු දැකීමටවත් පමා නොවී ඇය හැර දමා ආවෙමි.
ඔබ සිතනා පරිදි මගේ ආදර කතාව තවත් එක් ඊර්ෂ්යාකාර පිරිමියකුගේය යන සිතිවිල්ල සමඟ අවසන් කිරීමට ඔබට සිදු නොවේ. එම වර්ෂය අග වන විට මම සැබවින්ම පසුතැවෙමින් සිටියෙමි. මගේ ඊර්ෂ්යාව සහ කෝපය හසුරවාගත් අමනෝඥ ආකාරය ගැන පුදුම වෙමින් සිටියෙමි. හමුවී සිත් රිදෙන වදන් කීවේ බරපතළ සිතකින් නොවන බවටත්, ඒවායේ අර්ථය මා අදහස් නොකළ බවත් ඇයට කීමට මට ඇවැසි විය. මා මෝඩයකු බවත්, ඇය මට සමාව නොදෙන්නේ නම් එය සාධාරණ බවත් ඇයට පැවසීමට මට ඇවැසි විය. මගේ ජීවිතයට ඇය සැබැවින්ම අවශ් බවත් මගේ ඉරිසියාකාර පිරිමි හදවත ඇයට පෙර නොවූ විරූ ලෙස ආදරය කරමින් සිටිනා බවත් පැවසීමට මට ඇවැසි විය.
එක් දෙසැම්බර් රාත්රියක මම ඇයට මේ සියල්ල පැවසීම සඳහා දුරකථන ඇමතුමක් ගතිමි. එහෙත් පිළිතුරක් නොවීය. එයින් සති දෙකකට පසු මා දැනගත්තේ මගේ ප්රථම ප්රේමය මේ ලෝකයෙන් සමුගෙන ඇති බවයි. මට සමාවෙන්නයැයි ඇය අමතා කීමට උත්සාහ කළ දෛවෝපගත රාත්රියේම, බීමත් රියැදුරෙකුගේ රිය අනතුරක් විසින් ඇය ජීවිතයෙන් සමුගන්වා තිබිණි. මා පසුතැවෙන බව නොදැනම යන්නට ගියාය. සිත ගැස්සුණු මෝඩයකු මෙලොව තනිකර දමා ඇය යන්නට ගියාය. ගියා වේලාසන වැඩි බව, සැමදා හඬන මගේ සිත කියයි.

Extract From Lake House Dinamina Newspaper Tabloid Samakaya

Read More Love Stories - Click