Saturday, March 23, 2013

Richmond Mahinda Big Match Clash 2013


Police used Tear Gas to control the tense situation that erupted during the 108th Lovers Quarrel Richmond Mahinda Big Match 2013 played at Galle Stadium.


මහින්ද - රිච්මන්ඩ් ගැටුමට හේතු වුයේ ඕවර 14කින් ලකුණු 114ක් රැස්කර ජයගග්රහණය කර හිමි කර ගැනීමේ ඉලක්කයක් රිච්මන්ඩ් විදුහලට ලබා දීමෙන් පසුවය.  එහෙත් රිච්මන්ඩ් විදුහලට ලබාගත හැකි වූයේ ඕවර 14ක් දී ලකුණු 92ක් පමණී
මුල් ඉනිමේදී සියල්ලන් දැවී මහින්ද විදුහල ලකුණු 198 රිච්මන්ඩ් විදුහල කඩුලු හතක් දැවී ලකුණු 175 රැස්කර ගත්තේය.  දෙවැනි ඉනිමේ දී මහින්ද විදුහල් ක්රිඩකයන් ලබා ගැනීමට හැකි වූයේ සියල්ලන් දැවී  ලකුණු 91ක් පමණි. රිච්මන්ඩ් විදුහලට ඕවර 14කි දී ලකුණු 114 ඉලක්කයක් ලැබුණේ ඉන් පසුවය. එම ඉලක්කය කරා යන්නට රිච්මන්ඩ් ක්රීඩකයනට නොහැකි වූ විට මහින්ද විදුහල් ආදි සිසුන්, මව් පියන් දෙසට ගල් ප්රහාර එල්ල වන්නට වූ බව වාර්තා වෙයි. පොලිසිය කඳුළු ගෑස් එල්ල කෙළේය.  මහින්ද විදුහල් ආදි සිසුන් පැවැසුයේ පොලිසිය තමන්ගේ පැත්තට කඳුළු ගැස් එල්ල කළ බවයි. කඳුළු ගෑස් වැදී මහින්ද ආදි සිසුහුද මව් පියෝ   කුඩා දරුවෝ දැඩි අපහසුතාවට පත් වූහ. බොහෝ දෙනෙක් ගෑ ගසූහ.
මේ තරගය හැඳින් වූයේ ආදරවන්තයන්ගේ තරගය ලෙසිනි.
මහින්ද ආදි සිසුවකු වන ලසිත් මාලිංගගේ ඡායාරූපයක් මහින්ද විදුහල් කොඩිය   මාලිංග මෑත දී මාධ්යවේදීනට  කියූ කියමනක් සහිතව බැනරයක්  රිච්මන්ඩ් විදුහලේ කූඩාරමේ එල්ලා තිබීම රිච්මන්ඩ් මහින්ද අවුලට හේතුවන්නට ඇතැයි එහි සිටි මාධ්යවේදීහු කියති. එම බැනරය ගලවා ඉවත්කරන ලෙස කළ ඉල්ලීම රිච්මන්ඩ් කූඩාරමෙන් ප්රතික්ෂේප කර ඇත.‘ ‘වැඩක් බලාගෙන යනවා යන්න‘‘ යනුවෙන් මාලින්ග කියූ වදනකින් මහින්ද විදුහලට අපහාස වන අකාරයෙන් ප්රදර්ශනය කිරීම සමාව දිය නොහැකි වරදක් බව මහින්ද ආදි සිසුහු බොහෝ දෙනෙක් කියති.

Extract From Online Lankadeepa
ආදරවන්තයන්ගේ සටන හෙවත් රිච්මන්ඩ් මහින්ද ක්රිකට් තරඟය අද ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අවසන්වීමෙන් පසු කඳුළු ගෑස් ගැසීමේ අයිතිය ලැබුණු මෙම පුද්ගලයා කවුදැයි ප්රශ්නයක් වී ඇතැයි මහින්ද විද්යාලයීය ආදි ශිෂ්යයෝ කියති. සාමාන් ඇඳුමින් සැරසී රිච්මන්ඩ් විද්යාලයීය කැප් තොප්පියක් පැළඳි පුද්ගලයා පොලීසියෙන් කඳුළුගෑස් විදිනයක් ඉල්ලාගෙන ක්රියාත්මක කරන අවස්ථාවක් වීඩියෝ ගත වී ඇත. මහින්ද විදුහල්පති වසන්ත සිරිවර්ධන මහතාගෛන් කියා සිටියේ තරඟය අවසන් වනතුරු දෙවිදුහල්හි ආදි සිසුන් ඇතුළු ආධාරකරුවන් ඉතාමත්ම සංවරව සිටි බවත් ත්යාග ප්රධානෝත්සවය සඳහා ක්රීඩා ලෝලීන් පිටියට පැමිණි පසු පොලීසිය කඳුළු ගෑස් එල්ලකොට අනවශ් වැඩක් කළ බවයි.
පොලීසිය පවසන්නේ රිච්මන්ඩ් කණ්ඩායමට අවසන් පන්දුවට පහරදීමට පෙර ක්රීඩා ලෝලීන් පිරිසක් පිටියට කඩා වැදීම නිසා මෙලෙස කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කිරීමට සිදුවූ බවයි. පිටියේ සිටි මාධ්යවේදීන් පවසන්නේ අවසන් පන්දුව යවා ක්රීඩකයන් ක්රීඩාගාරවලට ගිය පසු ත්යාග ප්රධානෝත්සවය පැවැත්වීම සඳහා ක්රීඩා ලෝලීන් පිටියට පැමිණි බවයි. පිටිය මැද තත්ත්වය පාලනය කිරීමට මහින්ද ශිෂ් කූඩාරමට කඳුළුගෑස් එල්ල කිරීමෙන් සිසුහු දැඩි අපහසුතාවකට පත්වූහ.

Related News

Lovers Quarrel Score - Click

Dharmasoka Devananda Clash - Click
Panadura Royal St. Jones Clash - Click
Ananda Nalanda Clash - Click
Mahinda Richmond Clash - Click
Big Match Season - Click 

5 comments:

  1. මේ ගොන් ලිපිය ලියපු පොට්ටයා මැච් එක බලන්න ගියේ නැති උනාට මම ගියා. එතනදි උනේ, මහින්දෙ හිටපු ගොන් රැල අන්තිම බෝලෙට බැට් කරන්නත් කලින් පිට්ටනියට පැනල බූරු පාට් දාපු එක!!
    අනික ගල් ගැහුවෙත් මහින්දෙ එවුන්, ඒත් අන්තිමට පොලීසිය කඳුලු ගෑස් ගැහුවෙත් අර අසරණ ස්කූල් යුනිෆෝම් පිටින් හිටපු පොඩි එවුන් ටිකට....
    මේ වගේ ගොන් පාහර වැඩ මීට පස්සෙ කරන්න එපා අංකල්....

    ReplyDelete
  2. අයියට සල්ලි කීයක් දුන්නද අයියෙ, මෙහෙම මහින්දෙ'ට කඩේ යන්න???

    ලැජ්ජයි අයියෙ, ලැජ්ජයි....!!!

    ReplyDelete
  3. මමත් ගියා Richmond Mahinda එක බලන්න .මහින්ද කට්ටිය තමයි රණ්ඩුව ඇදල ගත්තේ .හරිම කැත විදියට තමයි මහින්ද කට්ටිය හැසිරුනේ .හැමදේකටම මුල වුනේ ඒගොල්ලෝ .Richmond අය අන්තිම වෙනකන්ම සද්ද නැතුව ඉදලා බැරිම තැන තමයි වලියට ආවෙ .එතකොට එක ඉතින් සාධාරනනේ .Well done Richmond College.

    ReplyDelete
  4. kisima deyak danne nathuwa me wage lipi liyana un ponnayo. aththata une mahinde un match eka draw kara ganna ona kamata ground ekata paninna haduwa.gal gahuwa.
    anith eka RICHMOND ekata 114 gahanna thibune overs 9.

    ReplyDelete
  5. මාධ්‍ය කියන්නෙ හැමෝටම පොදු දෙයක්...!!
    ඒත් ඒ මාධ්‍ය මේ විදිහට පක්ෂපාතී වෙලා එක පැත්තක ඉඳන් මඩ ප්‍රචාර දෙන එක හරිම නින්දිතයි...!! අඩුම ගනනේ තමා පල කරන පුවතක ඇති සත්‍ය / අසත්‍ය භාවය ගැන පුද්ගලිකව තමාටවත් විශ්වාසයක් තිබිය යුතුයි!! එහෙම නැතුව කෙනෙක් කිවූ පමණින් එය පිලිගෙන මෙවැනි ලෙස පුවත් පල කිරීම ගැන කලකිරීමට පත් වෙනවා වගේම, මමත් මාධ්‍යවේදියෙක් ලෙස මෙම ලිපිය හෙලා දකිනවා!!
    - තිස්ස පරණගම-

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-