Tuesday, March 12, 2013

Sabaragamuwa University Management Faculty Shortcomings

Sabaragamuwa University Management Faculty Shortcomings
ශ්රී ලංකා සබරගමුව විශ්වවිද්යාලයේ කලමනාකරණ අධ්යයන පීඨය යනු ව්යාපාර අධ්යයන පීඨය ලෙස 1991 දී විශ්වවිද්යාලය අරම්භයත් සමගම ස්ථාපිත වූ  පීඨ දෙකෙන් එකකි. සමනල වැව ව්යාපෘතියේ ශේෂ වූ ඉතා අඩු පහසුකම් සහිත ගොඩනැගිලි යොදා ගනිමින්  මෙම පීඨයේ අධ්යයන කටයුතු මුල් අවදියේදී සිදුකළ අතර සිසුන්ගේ දැඩි කැපකිරීම් හා අරගල මත මේ වනවිට පීඨ ගොඩනැගිල්ල ඉදිකර  ගැනීම හා වර්තමානයේ පවතින සම්පත් පීඨය තුලට රැගෙන ඒමට සිසුනට හැකි විය. 

නමුත් වාර්තමානයේදී විශ්වවිද්යාල පරිපාලනය හා පීඨ පරිපාලනයේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් සිසුන් පීඩාවට පත්කරන අධ්යයන හා සුභ සාධන ගැටළු රාශියක් උත්ගත වී ඇති අතර තුල
01 ආචාර්ය හිගය
02 විෂය නවීකරණ ප්රතිපාධන කප්පාදුව 
03 අනුමත මානව සම්පත් කළමනාකරණ උපාධි පාඨමාලාව අරම්භ නොකිරීම.
04 නව පීඨ ගොඩනැගීල්ලේ  ඉදිකිරීම් ආරම්භ නොකිරීම.
05 ක්ෂේත් චාරිකා  අවලංගු කිරීම.
06 පීඨයේ විභාග ක්රමයේ අවිධිමත් බව.
07 දේශන ශාලා නඩත්තු නොකිරීම.
08 පීඨයට ස්ථීර ලේඛකාධිකරී වරයෙක් පත් නොකිරීම.
09 පීඨයේ පවතින උග් පුහුණු සේවක හිගය
10 උද්යාන අලංකාර කටුතු සිදු නොකිරීම

ප්රධාන වේ.
මෙම ගැටළු සම්බන්ධයෙන් කළමනාකරණ  අධ්යයන පීඨ ශිෂ් සංගමය ලිපි මගින් පරිපාලනය දැනුවත් කල අතර පීඨාධිපති උපකුළපති සාකච්චා තුලදීද  සාකච්චා කල නමුත් මේ වන තෙක් එම ගැටළු විසදීමට පීඨ පරිපාලනය සහ විශ්වවිද්යල පරිපාලනය පියවර නොගැනීම හේතුවෙන් ඉහත ගැටළු විසදන ලෙස උපකුලපති තුමා අතුලු විශ්වවිද්යල පරිපාලනයට බලපෑම් කරමින්  කළමනාකරණ අධ්යයන පීඨ ශිෂ් සංගමය 2013.03.07 දින 12.30-01.30 දිවා පැයේදී උද්ඝෝශණයක් සිදු කල අතර වැඩි දුරටත් අදහස් දැක්වූ කළමනාකරණ අද්යන පීට ශිෂ් සංගමයේ සභාපති සහෝදරයා ප්රකාශ කරන ලද්දේ විශ්වවිද්යාල පරිපාලනය කළමනාකරණ අධ්යන පීඨයේ ගැටළු විසදීමට පියවර නොගතහොත් සියලු පීඨයන් ඒකරාශී කර ගනිමින් මෙම අරගලය අධ්යාපන ක්ෂේත්රයේ වගකිව යුතු ඉහලම බලධාරියා දක්වා මෙහෙයවන බවයි. Extract From IUSF 

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-