Thursday, August 8, 2013

Japura University Samantha Murder Case

පුර සරසවියේ සමන්ත සිසුවා ඝාතනයට සැකකාර සමන් අත්අඩංගුවට ගන්න නියෝග
ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ඉගෙනුම ලබමින් සිටි සමන්ත සිසුවා අතින් පයින් හා පොලුවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධ නඩුවෙන් චෝදනා ලැබ සිටින එම විශ්වවිද්යාලයේ සිසුවකු වූ හයවෙනි විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුැ කුමුදුනී වික්රමසිංහ මහත්මිය (06) දා වරෙන්තු නිකුත් කළාය.
නඩුව (06) දා විභාගය සඳහා කැඳවූ අවස්ථාවේ අධිකරණයට නොපැමිණි හය වැනි විත්තිකරු වූ .. සමන් නමැති විත්තිකරුට එසේ වරෙන්තු නිකුත් කෙරුණි.
සමන්ත සිසුවා ඝාතනය සම්බන්ධව ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ එවකට ඉගෙනුම ලැබූ සිසුන් 22කට එරෙහිව අධි චෝදනා ගොනුකළද සිසුන් දෙදෙනෙකු නොමැතිව සිසුන් 20කට එරෙහිව මේ නඩුව විභාගයට ගැනෙයි.
නඩුව (06) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පස්වන විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීපව පසුවන බව දන්වමින් ඔහුගේ නීතිඥවරයා විසින් අධිකරණයට වෛද් වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.
2002 වසරේ නොවැම්බර් 07 වැනිදා ගංගොඩවිලදී ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය තුළ වූ අභ්යන්තර සිසු ගැටුමකදී අතින් පයින් හා පොලුවලින් පහරදී එම විශ්වවිද්යාලයේ ඉගෙනුම ලැබූ ඕවිටිගල විතානගේ සමන්ත සිසුවා ඝාතනය කැර තවත් සිසුන් පිරිසකට බරපතල තුවාල සිදු කළ බවට නීතිපතිවරයා විසින් විත්තිකාර සිසුනට එරෙහිව අධි චෝදනා ගොනු කැර ඇත.
විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම මත නඩුව විභාගයට ගැනීම ලබන සැප්තැම්බර් මස 18 වැනිදාට කල් තැබුණි. Extract from Dinamina

www.lankauniversity-news.com

2 comments:

  1. Justice should be met for perpetrators. A University is not a battle ground but a hallowed higher learning institute.

    ReplyDelete
  2. in english please..?

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-