Wednesday, August 28, 2013

Malabe Private Medical College SAITM Sri Lanka News

Malabe Private Medical College SAITM Sri Lanka
මාලඹේ නීත්යානුකූල කිරීමට දෙවන ගැසට් පතරයත් ළඟදීම ! ආණ්ඩුව හොරු සමග හෙළුවෙන් !-වෛ.පී.ශි.ක්රි..

‘‘මේ වන විට ඉතාමත් රහසිගත අයුරින් මාලඹේ SAITM ආයතනයේ පෞද්ගලික වෛද් විද්යාලයක්ය කියා ගන්නා ආයතනයකට නීත්යානුකූලභාවයක් ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් යනවා. දෙනෝදාහක් ඉස්සරහා, සමාජයක්ම රවට්ටමින්, මිනිසුන් නොමඟ යවපු ආයතනයක් නීත්යානුකූල කරන්නයි ඔවුන් කටයුතු කරමින් යන්නෙ. මේ වෑයම සාර්ථක වුවහොත් හෙට අනිද්දට මුදලට මිනී මරන්න, මංකොල්ල කන්න එහෙමත් ආණ්ඩුවෙන් නිළ වශයෙන් ලයිසන් ලබා ගන්න පුළුවන් වේවි. නිදහස් අධ්යාපනය අහෝසි කරලා, අධ්යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරන්න පාලකයන් ඕනෑම ජඩ වැඩක් කරන්න පැකිලෙන්නේ නැති බවට මේක හොඳම උදාහරණයක්.’’

මේ අදහස් පල කළේ වෛද් පීඨ ශිෂ් රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා විසින්. අද දින (අගෝස්තු 24) සවස මරදානේ සමාජ හා සාමයික කේන්ද්රයේ (CSR) හිදී වෛද් පීඨ ශිෂ් කිරයාකාරී කමිටුව මඟින් සංවිධානය කළ මාධ් හමුවක් අමතමින්.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඔහු,

මාලඹේ SAITM ආයතනයේ වෛද් පීඨය ලෙස හඳුන්වමින් මෙය ආරම්භ වූයේ 2009 සැප්තැම්බර් 01 වැනිදා. මෙය ආරම්භ වන්නේම පෞද්ගලික වෛද් විද්යාල ආරම්භ කරන්න උත්සාහ කරලා හත්වරක් උත්සාහය ශිෂ් ව්යාපාරය අතුළු රගතිශීලි බලවේගවල අරගල හමුවේ අකුලගන්න සිදු වුණු සමාජයක. ආරම්භයේදීම විශාල වශයෙන් පුවත්පත් දැන්වීම් පල කරමින් එහි පරිපාලකයන් එහෙමත් නැත්නම් උපාධි කඩයේ මුදලාලිලා රකාශ කරපු රධාන කරුණු දෙකක් තියෙනවා. තමයි මෙම ආයතනය රුසියාවේ නිෂ්නි නොව්ගොරොද් වෛද් ඇකඩමියට අනුබද්ධ ආයතනයක් බවත් එම ආයතනය මඟින් පිරිනමන උපාධිය ශී ලංකා වෛද් සභාව මඟින් පිළිගන්නා බවත් කියන එක.

මෙය ආරම්භ කරපු දවසේ ඉඳන් මේ හරහා සිදුවන සමාජ අසාධාරණය හේතුවෙන් ඊට එරෙහි අරගලයක අපි නිරත වෙලා ඉන්නවා. මේ වෙද්දී අපිත් එක්ක තවත් බලවේග ගණනාවක් මේ අරගලයට එකතු වෙලාඉන්නවා. 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවැනි වර පත් වීමෙන් පසු එස්.බී. දිසානායකඋසස් අධ්යාපන ඇමැතිවරයා විසින් මාලඹේ පෞද්ගලික වෛද් විද්යාලයට දැවැන්ත රාජ් අනුගරහයක් ලබාදෙන්න පටන් ගත්තා. මේ ආයතනය මඟින් සියලූ රාජ් ආයතන නොමඟ යවලා තිබුණු තත්වයක් ඇතුලේ. රී ලංකා වෛද් සභාව(SLMC)දිගටම පුවත්පත් දැන්වීම් පල කරමින් එම ආයතනය තමන් පිළිගන්නා බවට කරන රකාශ අසත් බව සඳහන් කළා. වගේම රුසියාවේ රී ලංකා තානාපති හා නිෂ්නි නොව්ගොරෝද් වෛද් ඇකඩමියේ අධ්යක්ෂවරයා විසින් වෙන වෙනම ලිපි පළ කර තිබෙනවා රුසියාවේ තිබෙන අදාළ විශ්වවිද්යාල සමඟ කිසිදු සම්බන්ධයක් නෑ කියලා. වගේම වෛද් උපාධියක් ලබා දීමට අවශ් මූලික සායනික පුහුණුවක් වත් ලබා දීමට රමවේදයක් මොවුන් සතුව නොමැති තත්වයක් තුළ තමයි දිගින් දිගටම සිසුන් බඳවා ගන්නේ.

මේ වගේ අසත් රචාර ගෙනියමින් වසරකට කණ්ඩායම් දෙකක් බැගින් ශිෂ්යයන් බඳවා ගෙන තිබෙනවා. එහෙම කරන ලෝකයේ එකම විශ්වවද්යාලය මොවුන්. පසුගිය කාලයේ අපි හෙළිදරවු කළා මෙහි උසස් පෙළ අසමත් ශිෂ්යයන් පවා වෛද්යවරු වෙන්න මුදලට උපාධිය හදාරණ බව. එය සෞඛ් අමාත්යාංශය මඟින් පත් කළ විශේෂ කමිටුවක් මඟින් සිදුකළ පරීක්ෂණයේ දී පිළිගත්තා. මෙහෙම තත්වයක් ඇතුළේ පවා 2011 සැප්තැම්බර් 29 වැනිදා උසස් අධ්යාපන ඇමැතිවරයාගේ අත්සනින් නිකුත් කළ අපූරු ගැසට් පතරයක්. එයට අනුව මෙම ආයකනයට මාස 18ක් ඇතුලත සපුරා ගන්න කොන්දේසි 08ක් දීලා, පදනම මත මෙය උපාධිපරධාන ආයතනයක් ලෙස නිළ වශයෙන් පිළිගන්නා බවට නිවේදනය කළා. වගේම රාජ්යබැංකුවකින් රුපියල් මිලියන 600 මුදලකුත් හරහාම ලබා දුන්නා. පුදුම උනන්දුවක්. මෙය තමයි ලංකා ඉතිහාසයේ ‘‘දෙන්නම් කාසි’’ වලට නිකුත් කරපු එකම ගැසට් පතරය. නමුත් අදාළ කාලය අවසානයේ මූලිකම දෙයක් වුණු ශික්ෂණ රෝහලක්වත් නොමැති නිසා අදාළ ගැසට් පතරය අවලංගුයි. අනුව මේ වන විට මාලඹේ පෞද්ගලික වෛද් උපාධි කඩය තවදුරටත් උපාධි රධාන ආයතනයක් නෙවෙයි.

නමුත් තවමත් මෙය ජනතාව නොමඟ යවමින් පුවත්පත් දැන්වීම් පළ කරමින් ශිෂ්යයන් බඳවා ගන්නවා. හංදියේ ඩිස්පෙන්සරියකට තරම්වත් රෝගීන් එන්නෙ නැති, ඔවුන් විසින් පමණක් පෞද්ගලික ශික්ෂණ රෝහලක් කියලා හඳුන්වා ගන්නා ගොඩනැඟිල්ලක් පෙන්වමින් ජනතාව මුලා කරනවා. මේ වන විට මෙම වංචාව තේරුම් ගත් ශිෂ්යයන් විශාල රමාණයක් ඉන් ඉවත් වෙලා කඩුවෙල අධිකරණයේ ඊට එරෙහිව නඩුවක් ගොනු කරලා තියෙන්නෙ. රශ්නය තමයි මුකුත්ම නැති, රටම රවට්ටපු මේ ආයතනයට ආණ්ඩුව ලබා දෙන සහයෝගය. මේ රටේ අධ්යාපන පද්ධතිය මුලූමනින්ම දවස ගාණේ කඩා වැටෙන්න සලස්වන ආණ්ඩුව ‘‘ මාලඹේ’’ වෙනුවෙන් මාරාන්තිකව පෙනී ඉන්නවා. මෙම ආයතනය නීති විරෝධි තත්වයක් ඇතුළේ පසුගියඅප්රෙල් මාසයේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් රසිද්ධියේ මෙයට ශිෂ්යයන් නම දෙනෙක් ඇතුල් කළා. කවුරු වෙනුවෙන්ද ඔවුන් එහෙම කරන්නෙ? හරිම පැහැදිලියි. අධ්යාපනය මුළුමනින්ම වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරන්න යන ගමනේදී කොච්චර අප්සට්වුණත් මෙම ආයතනය රැුක ගන්නවායැයි කියන අධිෂ්ඨානයක මේ රටේ පාලකයෝ ඉන්නවා.


නවතම තත්වය තමයි මේ වන විට ඉතාමත් රහසිගතව අදාළ ආයතනය උපාධි රධාන ආයතනයක් ලෙස පිළිගැනීම සඳහා ආණ්ඩුව දෙවැනි ගැසට් පතරයක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටීම. මේ වන විට එය එය රහසිගතව මුද්රණය කිරීමත් සිදු කරලා. ‘‘අතිවිශේෂ ගැසට් පතරයක්’’ ලෙස හඳුන්වමින් ගැසට් අංක 1824/21 යටතේ තමයි මෙය පිටවීමට නියමිත. මේ සිදු කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මුදලට උපාධි විකුණ ගන්න ඕනෑම තක්කඩියෙකුට ඉඩ හදලා දෙන්න ඊනියා දේශප්රේමි ආණ්ඩුවේ තියෙන උවමනාව තමයි මේ පෙන්වන්නේ. හරිනම් මේ සිදු කරලා තිබෙන වංචා අකරමිකතාවලට අදාළ ආයතනය සීල් තියලා එහි අධ්යක්ෂක මණ්ඩලය අපරාධකරුවන් කියලා නම් කළ යුතුයි. මේ තරම් වංචා, නොම` යැවීම් මෙමගින් සිදු කරලා තියෙන්නෙ. අපි මෙයට එරෙහිව අරගල කරනවා. මෙම ආයතනය අහෝසි කරන තුරු අරගල කරනවා. අපි මේ රටේ නිදහස් අධ්යාපනයක් තිබිය යුතුයි කියලා හිතන සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ අසාධාරණය තේරුම් ගන්න කියලා. මේ යන්නේ අධ්යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ කිරයාවලියේ වැදගත්ම පියවරක්. ඊට එරෙහිව අරගලයකට එන්න කියලා, රුපියල් ලක්ෂ හැට හැත්තෑවක් වියදම් කරලා දරුවන්ට උගනවන්න සිදු වෙන රමයක් එළඹෙනවා දකින්න අකමැති සියලූම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් අපි දිවයින් පුරා සිටින වෛද්යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා තමන් ලබපු නිදහස් අධ්යාපනයේ නාමයෙන් මීට එරෙහිව රියාමාර්ගවලට පැමිණෙන්න කියලා. IUSF Web
www.lankauniversity-news.com

2 comments:

  1. news in english please

    ReplyDelete
  2. Although SAITM has something called a hospital there are only about five (5) patients for about 500 students to do clinicals. It is a pity the students are just idling. As the hospital is not in close proximity to the university and in an interior place there is a special bus service provided free of charge for patients to go. Still there are no patients although they are charging a pittance from the patients. What a crime? Everything was done secretly and will be done secretly in the future. Therefore the general public should be aware of what is happening and what type of medical doctors will pass out from such an institution. Even students who did A/Ls in the Arts stream have been recruited to do a medical degree at SAITM. There isn't any authority who is willing to come froward to take action against the second secretive gazette. That is money talking.

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-