Friday, August 2, 2013

Sabaragamuwa University Hostel Issue

ශ්රි ලංකා සබරගමුව විශ්වවිද්යාලයේ නේවාසිකාගාර වල මේ වන විට සිසුන්ට අධ්යාපන කටයුතු වල යෙදීමට අවශ් අවම පහසුකම් වත් නොමැති තත්වයකට පත්ව ඇති අතර දිඟින් දිගටම පරිපාලනය මේ පිලිබදව දැනුවත කලද මේ  ගැටළු වලට විසදුම් දෙනවා වෙනුවට සිසුන්ට පරිපාලනය  විසින් බලපෑම් කර තිබේ.

මෙහිදී මීට පෙර 2011-02-22 දින නේවාසිකාගාරයේ පැවති අනාරක්ෂිත තත්වයක් හේතුවෙන් සිසුවෙකු විදුල සැර වැදී මිය ගිය අතර අදාල නේවාසිකාගාරය සඳහා විදුල බල මණ්ඩලයේ හා ඉදකිරිම් දෙපාර්තුමේන්තුවේ  අනුමැතිය පවා නොමැති අතර නේවාසිකාරයේ පැවති අනාරක්ෂිතභාවය හේතුවෙන් එම නේවාසිකාගාරය විශ්වවිද්යාලයට නොගන්නා ලෙස සිසුන් ඉල්ලා සිටි නමුත් එය නොසලකා හැර නැවතත් අදාළ ගොඩනැඟිල්ල නේවාසිකාගාරයක් බවට පත් කර එයට ශිෂ්යාවන් ඇතුළත් කරන ලදි. එහිදී එම නේවාසිකාගාරයේ අනාරක්ෂිත තත්වය නැවතත් රදර්ශනය කරමින් අදාළ නේවාසිකාගාරයේ හතර වතාවක් සොරුන් ඇතුළු වී ශිෂ්යාවන්ගේ ජීවිත වලට පවා තර්ජන එලල් කරන ලදි. මෙහිදි අදාළ අවදානම සම්බන්ධයෙන් නේවාසිකාගාරයේ ශිෂ්යාවන් මීට පෙර විශ්වවිද්යාල පරිපාලනය දැනුවත් කළද එයට විසඳුම් ලබා දෙනවා වෙනුවට විශ්වවිද්යාල පරිපාලනය දැනුවත් කළ ශිෂ්යාවන්ගේ පන්ති තහනම් කරන බවට තර්ජනය කරමින් අදාළ ගැටලූව වළලා දමන ලදි.  

නමුත් මේ වනවිට නැවතත් ශිෂ්යාවන්ගේ ජීවිත අනාරක්ෂිත තත්වයකට පත්කරමින් අදාළ නේවාසිකාගාරයේ බිත්තියක් ශිෂ්යාවන්ගේ ඇඳන් මතට කඩාවැටී ඇති අතර එහිදී ශිෂ්යාවන්ගේ ජීවිත වල ආරක්ෂාව තහවුරු කරනවා වෙනුවට සිද්ධිය පළිබිඳ  දැනුම් දෙන  සිසුන්ගේ පන්ති තහනම් කරන බවට හා  සිසුන් පොලීසිය ලවා අත්අඩංගුවට ගනන් බවට ශිෂ්යාවන් බියවැද්දීමට විශ්වවිද්යාල පරිපාලනය කටයුතු කර ඇත.  
IUSF

2 comments:

  1. Put a translation in English as well please...

    ReplyDelete
  2. Sir SB! PLz take immediate action against this & I highly appreciate the concept of leadership training programme.

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-