Monday, September 16, 2013

All Children in Sri Lankan Universities


One Family ,10 Children, All in Universities Walasmulla Kirama Village Dharmakeerthi Familiy 4 Doctors

කිරම එකම පවුලේ දහයම සරසවියේ

හතර දෙනෙක්ම වෛද්යවරුන්

වලස්මුල්ලේ කිරම  ජනතාව වෙනුවෙන් අංග සම්පූර්ණ වෛද් සායනයක් පැවැත්වීමට එම ප්රදේශයේ වෛද් සහෝදරයෝ සිව් දෙනෙක් සැරැසෙති.

වෛද්යවරුන් සිව්දෙනාද සමග පවුලේ සහෝදර සහෝදරියෝ දස දෙනෙක් සිටිති. සියලු දෙනාම විශ්ව විද්යාල අධ්යාපනය ලැබුවෝ වෙති.

ඔවුන් සාමාන් පෙළ දක්වා අධ්යාපනය ලැබූ කිරම කෝන්කරහේන රජයේ විද්යාලයයේදී ලබන 29 වැනිදා එම සායනය පැවැත්වීමට නියමිතය.

ඇස් කණ්නාඩි බෙදා දීම, සර්වාංග රෝග සායනය, දන්ත වෛද් සායනය, ඇදුම රෝග සායනය, ඊසීජී පරීක්ෂණ හා රුධිරයේ සීනි පරීක්ෂාව ආදිය එම සායනයේ දී සිදු කැරෙයි.

වෛද් සායනය අවසානයේ කෝන්කරහේන රජයේ විද්යාලයයේ දරුවන්ට අධ්යාපන උපකරණ බෙදා දීමට නියමිතය.

කරාපිටිය හදිසි ප්රතිකාර වෛද් නිලධාරී රංජිත් ධර්මකීර්ති, දන්ත ශල් වෛද් නිමල් ධර්මකීර්ති, වලස්මුල්ල සෞඛ් වෛද් කාර්යාලයේ වෛද් නිශාන්ත සිසිරකුමාර, බුත්තල දිසා රෝහලේ වෛද් පත්මා කුමාරි, පශූ වෛද් ආනන්ද ධර්මකීර්ති, මහනුවර කාර්මික කාර්මික විද්යාලයයේ ඉංජිනේරු සරත් ධර්මකීර්ති, මැදමුලන කෘෂිකර්ම උපදේශක ඉෂාන්ත සිසිර කුමාර, වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයයේ ඩබ්ලිව් පී ඉන්ද්රාණි, රුහුණ විශ්ව විද්යාලයයේ විද්යා පීඨයේ චාමර පුෂ්පකුමාර සහ වෛද් පීඨයේ අවසන් වසර ශිෂ් ලක්මිණි චින්තා එම සහෝදර සහෝදරියෝය.

ඔවුන්ගේ පියා ඩබ්ලිව් පී පියසේන මහතා වර්ෂ පූර්ණ පිංකම වෙනුවෙන් මේ වෛද් සායනය පැවැත්වෙන බව වෛද් රංජිත් ධර්මකීර්ති මහතා පැවසීය. තම මෑනියන් වන විජයමුණිගේ සන්දිමා මහත්මියගේ ආශිර්වාදය තමනට ලැබෙන බව මහතා කීවේය.

අපේ පවුලේ සහෝදර සහෝදරියෝ දහයයි. අපි ඔක්කොම පොඩි කාලේ පාසල් ගියේ කිරම කෝන්කරහේන විද්යාලයයට. ඉන් පසු මම වළස්මුල්ල මහා විද්යාලයයෙන් 1987 දී උසස් පෙළට පෙනී සිටියා. මාතර මහාමන්තින්ද පිරිවෙන, කටුවන ජාතික පාසල සහ වලස්මුල්ල මහා විද්යාලයයෙන්  අනෙක් අය උසස් පෙළ කළා. අපේ පවුලේ දහ දෙනාම විශ්ව විද්යාලයයට ගියා. එක් සහෝදරයෙන් වෛද් පීඨයේ අවසන් වසර ඉගෙනුම ලබනවා.

අපේ තාත්තා පෙදරේරුවෙක්. ජ්යොතිෂය ගැනත් දැන සිටියා. අම්මා රැකියාවක් කළේ නෑ. තාත්තා මේසන් වැඩ කරද්දී අපි වැඩත් ඉගෙන ගත්තා. ගෙදර පොඩි පොඩි වැඩ මම කරනවා. අසූ හතේ උසස් පෙළට වාඩිවී මා කොළඹ ආවා. කොළඹ ඇවිත් මේසන් වැඩත් කළා. පොඩි පොඩි රස්සාත් කළා. අපේ තාත්තා ගිය වසරේ සැප්තැම්බර 30 වැනිදා නැති වුණා. අවුරුද්දක් සම්පූර්ණ වෙන පිංකම තමයි මේ කරන්නේ. ‘

පොල්කටුවලින් විසිතුරු භාණ්ඩ නිපදවීමේ හැකියාවක් ඇති වෛද් රංජිත් ධර්මකීර්තිගේ නිර්මාණයක් වන පොල්කටු පනක් කරාපිටිය වෛද් පීඨයේ තබා ඇත.
සිරිනිහාල් ගමගේ- Lankadeepa
www.lankauniversity-news.com

2 comments:

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-