Tuesday, November 19, 2013

New Comet ISON Sri Lankan Can see November 20- 28 -2013 වර්ෂයේදී දක්නට ලැඛෙන දීප්තිමත්ම වල්ගාතරුව

The Comet ISON Walgatharuwa Sri Lanka
2013 වර්ෂයේදී දක්නට ලැඛෙන දීප්තිමත්ම වල්ගාතරුව 
There is a good Chance for all the Students. Sri Lankans can see the ISON Comet (අයිසෝන් වල්ගාතරුව) from November 20- 28.You knows that there is a belief that comets bring Happiness.
Students have lot of dreams and hopes. See the ISON Comet and think a Wish. Your Wish will be accomplished.

So you all can think about a Wish. About your University Life, About Your Results..Whatever …It will Come True!!
I have that experience.
පැරැන්නන් වල්ගාතරුවක් දර්ශනය වීම අසුභ නිමිත්තක් කොට සැලකුවත් නූතන තාරකා විද්යාඥයින්ට නම් වල්ගාතරුවක් යනු ඉතාමත් සුභ දෙයකි.

"සියවසේ වල්ගාතරුව" පියවි ඇසින් දැකබලා ගැනීමට අවස්ථාවක්

අයිසෝන් දුරේක්ෂයක් භාවිතා නොකර 20 වන දා සිට නිරීක්ෂණය කළ හැක
නිරීක්ෂණය කරන විට හිරු පායා ඇත්නම් හිරු දෙස එක එල්ලේ නොබලන ලෙසට අවවාද

2013 වර්ෂයේදී දක්නට ලැඛෙන දීප්තිමත්ම වල්ගාතරුව මේ දිනවල කෙමෙන් කෙමෙන් හිරු වෙත ළඟා වෙමින් පවතී. එය මේ මස 28 වන දා හිරුට ඉතා සමීපයෙන් ගමන් කරයි. හිරුගේ සිට කිලෝමීටර් මිලියන 1.8 ක් පමණ දුරකිනි. හිරුට මෙතරම් ආසන්න වීම වල්ගා තරුවකට එතරම් සුභදායක නැත. මන්ද යත් හිරුගේ අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා වල්ගාතරුව හිරු මතට කඩා වැටීමට හෝ කුඩා කැබලි වලට කැඩීයාමට ඉඩ ඇති බැවිනි. අයිසෝන් මෙම අනතුරුවලින් මිදුණහොත් පාන්දර අහසේ නැගෙනහිර දෙසින් දීප්තිමත් වල්ගාතරුවක් ලෙස දර්ශනය වේ. ආරම්භයේදීම අයිසෝන් පුරහඳටත් වඩා දීප්තිමත්ව දැකිය හැකි යැයි අනාවැකි පළ විය. එනිසාම මෙය "සියවසේ වල්ගාතරුව" ලෙස හැඳින්වුණි. මෙය බොහෝ දුරට දැකබලාගත හැකිවන්නේ දුරේක්ෂවලින් පමණි. නමුත් නොවැම්බර් 20 වන දා පසුවන විට පියවි ඇසින් එනම්, දුරේක්ෂයක් භාවිතා නොකර අයිසෝන් දැකබලා ගැනීමේ අවස්ථාව උදාවී තිබේ. පාන්දර 5.00 පමණ නැගෙනහිර අහසේ ක්ෂිතිජයට මදක් ඉහළින් අයිසෝන් දර්ශනය වන බව ශ්රී ලංකා ග්රහලෝකගාරය පවසයි. අයිසෝන් වල්ගාතරුව සූර්යයාට සමීපව පිහිටන බැවින් එය නිරීක්ෂණය කරන විට හිරු පායා ඇත්නම් හිරු දෙස එක එල්ලේ නොබලන ලෙසත් හිරු පායා තිඛෙන විට දුරේක්ෂ, දෙනෙති හෝ කාච වැනි ප්රකාශ උපකරණ තුළින් හිරු දෙස නොබලන ලෙසත් ශ්රී ලංකා ග්රහලෝකගාරය නිවේදනය කර සිටී.  

අයිසෝන් යනුවෙන් නම්කර ඇති මෙම වල්ගා තරුව මුලින්ම සොයාගනු ලැබුවේ 2012 වර්ෂයේ සැප්තැම්බර් මස  රුසියානු ජාතික තාරකා විද්යාඥයින් දෙදෙනෙකු විසිනි. මෙම වල්ගා තරුව International Scientific Optical Network (ISON) නම් නිරීක්ෂණාගාර ජාලයෙහි ආධාරයෙන් සොයාගත් බැවින් එයට 'අයිසෝන්' ලෙස නම් තබා තිබේ.

වල්ගාතරු යනු කාලයෙන් කාලයට අහසේ දිස්වන අභ්යවකාශ විශේෂයකි. අභ්යවකාශය යනු පෘථීවියේ වායුගෝලය එපිටින් පිහිටි අති විශාල අවකාශයයි. මෙම අවකාශය තුළ ඇති ඕනෑම ලොකු කුඩා වස්තුවක් අභ්යවකාශ වස්තූන් ලෙස හඳුන්වනු ලැබේ. වල්ගාතරු සාමාන්යයෙන් ප්රමාණයෙන් කුඩා අභ්යවකාශ වස්තූන්ය. මේවායේ දිග පළල කිලෝමීටර් කිහිපයකි. මේවා තැනී ඇත්තේ මිදුණු ජලය, වායූන්, කුඩා පාශාන කැබලි සහ දුහුවිලි අංශ මිශ්රවීමෙනි. බොහෝ විට "අපිරිසිදු හිමබෝල" යනුවෙන්ද වල්ගාතරු හඳුන්වයි. වල්ගාතරු අපේ සෞරග්රහ මණ්ඩලයට අයත් වස්තූන් කාණ්ඩයක් වන අතර සූර්යයා සහ වටා ගමන් කරනා සියළුම අභ්යවකාශ වස්තූන්ගේ එකතුවකින් සෞරග්රහ මණ්ඩලය සකස් වී තිබේ.

පැරැන්නන් වල්ගාතරුවක් දර්ශනය වීම අසුභ නිමිත්තක් කොට සැලකුවත් නූතන තාරකා විද්යාඥයින්ට නම් වල්ගාතරුවක් යනු ඉතාමත් සුභ දෙයකි. මීට වසර බිලියන 4 කට පමණ පෙර අපේ සෞරග්රහ මණ්ඩලය නිර්මාණයවීමේදී ඉතිරි වූ ද්රව් මිදී, ගල්වී මෙම වල්ගාතරු තුළ තැන්පත් වී ඇත. ග්රහලෝක, ග්රාහක වැනි අනෙකුත් සෞරග්රහ මණ්ඩල වස්තූන් කාලයත් සමග විවිධ වෙනස්කම්වලට භාජනය වුවත් වල්ගාතරු තුළ අඩංගු ද්රව් එසේ වෙනස් නොවන බව තාරකා විද්යාඥයින්ගේ අදහසයි. සෞරග්රහ මණ්ඩලයේ උපත, පෘථීවිය මත ජීවයේ සම්භවය වැනි වැදගත් කරුණු පිළිබඳව විද්යාඥයින්ට වඩාත් පුළුල් ලෙස අධ්යයනය කිරීමට වල්ගාතරු උපකාරී වේ-  
තාක්ෂණ හා පර්යේෂණ අමාත්යංශය

The Comet ISON, said to be a very bright comet with a dazzling show, will have its closest point to the Sun (perihelion) on November 28. It will visible in Sri Lankan from November 20 to 28. A release said the public should look at the area of the sky close to the eastern horizon before the Sun rise around 5.00 a.m. to see the comet. Details are available at the Arthur C Clarke Institute for Modern Technologies (ACCIMT) web site www.accimt.ac.lk

Ancient people believe that comets have always been associated with fear, suspicion, and evil. But modern people believe comet brings fortune and happiness to them. Some believes that “The Star of Bethlehem” which appeared when Christ was born was a comet.

1 comment:

  1. So you all can think about a Wish. About your University Life, About Your Results..Whatever …It will Come True!!
    That is the only option left. :(

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-