Police used
Tear Gas to control the tense situation that erupted during the 108th
Lovers Quarrel Richmond Mahinda Big Match 2013 played at Galle Stadium.
මහින්ද - රිච්මන්ඩ් ගැටුමට හේතු වුයේ ඕවර 14කින් ලකුණු 114ක් රැස්කර ජයගග්රහණය කර හිමි කර ගැනීමේ ඉලක්කයක් රිච්මන්ඩ් විදුහලට ලබා දීමෙන් පසුවය. එහෙත් රිච්මන්ඩ් විදුහලට ලබාගත හැකි වූයේ ඕවර 14ක් දී ලකුණු 92ක් පමණී
මුල් ඉනිමේදී සියල්ලන් දැවී මහින්ද විදුහල ලකුණු 198 ද රිච්මන්ඩ් විදුහල කඩුලු හතක් දැවී ලකුණු 175 ද රැස්කර ගත්තේය. දෙවැනි ඉනිමේ දී මහින්ද විදුහල් ක්රිඩකයන් ලබා ගැනීමට හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 91ක් පමණි. රිච්මන්ඩ් විදුහලට ඕවර 14කි දී ලකුණු 114ක ඉලක්කයක් ලැබුණේ ඉන් පසුවය. එම ඉලක්කය කරා යන්නට රිච්මන්ඩ් ක්රීඩකයනට නොහැකි වූ විට මහින්ද විදුහල් ආදි සිසුන්, මව් පියන් දෙසට ගල් ප්රහාර එල්ල වන්නට වූ බව වාර්තා වෙයි. පොලිසිය ද කඳුළු ගෑස් එල්ල කෙළේය. මහින්ද විදුහල් ආදි සිසුන් පැවැසුයේ පොලිසිය ද තමන්ගේ පැත්තට කඳුළු ගැස් එල්ල කළ බවයි. කඳුළු ගෑස් වැදී මහින්ද ආදි සිසුහුද මව් පියෝ ද කුඩා දරුවෝ ද දැඩි අපහසුතාවට පත් වූහ. බොහෝ දෙනෙක් ගෑ ගසූහ.
මේ තරගය හැඳින් වූයේ ආදරවන්තයන්ගේ තරගය ලෙසිනි.
මහින්ද ආදි සිසුවකු වන ලසිත් මාලිංගගේ ඡායාරූපයක් ද මහින්ද විදුහල් කොඩිය ද මාලිංග මෑත දී මාධ්යවේදීනට කියූ කියමනක් ද සහිතව බැනරයක් රිච්මන්ඩ් විදුහලේ කූඩාරමේ එල්ලා තිබීම රිච්මන්ඩ් මහින්ද අවුලට හේතුවන්නට ඇතැයි එහි සිටි මාධ්යවේදීහු කියති. එම බැනරය ගලවා ඉවත්කරන ලෙස කළ ඉල්ලීම රිච්මන්ඩ් කූඩාරමෙන් ප්රතික්ෂේප කර ඇත.‘ ‘වැඩක් බලාගෙන යනවා යන්න‘‘ යනුවෙන් මාලින්ග කියූ වදනකින් මහින්ද විදුහලට අපහාස වන අකාරයෙන් ප්රදර්ශනය කිරීම සමාව දිය නොහැකි වරදක් බව මහින්ද ආදි සිසුහු බොහෝ දෙනෙක් කියති.
Extract From Online Lankadeepa
ආදරවන්තයන්ගේ සටන හෙවත් රිච්මන්ඩ් මහින්ද ක්රිකට් තරඟය අද ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අවසන්වීමෙන් පසු කඳුළු ගෑස් ගැසීමේ අයිතිය ලැබුණු මෙම පුද්ගලයා කවුදැයි ප්රශ්නයක් වී ඇතැයි මහින්ද විද්යාලයීය ආදි ශිෂ්යයෝ කියති. සාමාන්‍ය ඇඳුමින් සැරසී රිච්මන්ඩ් විද්යාලයීය කැප් තොප්පියක් පැළඳි පුද්ගලයා පොලීසියෙන් කඳුළුගෑස් විදිනයක් ඉල්ලාගෙන ක්රියාත්මක කරන අවස්ථාවක් වීඩියෝ ගත වී ඇත. මහින්ද විදුහල්පති වසන්ත සිරිවර්ධන මහතාගෛන් කියා සිටියේ තරඟය අවසන් වනතුරු දෙවිදුහල්හි ආදි සිසුන් ඇතුළු ආධාරකරුවන් ඉතාමත්ම සංවරව සිටි බවත් ත්යාග ප්රධානෝත්සවය සඳහා ක්රීඩා ලෝලීන් පිටියට පැමිණි පසු පොලීසිය කඳුළු ගෑස් එල්ලකොට අනවශ්‍ය වැඩක් කළ බවයි.
පොලීසිය පවසන්නේ රිච්මන්ඩ් කණ්ඩායමට අවසන් පන්දුවට පහරදීමට පෙර ක්රීඩා ලෝලීන් පිරිසක් පිටියට කඩා වැදීම නිසා මෙලෙස කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කිරීමට සිදුවූ බවයි. පිටියේ සිටි මාධ්යවේදීන් පවසන්නේ අවසන් පන්දුව ද යවා ක්රීඩකයන් ක්රීඩාගාරවලට ද ගිය පසු ත්යාග ප්රධානෝත්සවය පැවැත්වීම සඳහා ක්රීඩා ලෝලීන් පිටියට පැමිණි බවයි. පිටිය මැද තත්ත්වය පාලනය කිරීමට මහින්ද ශිෂ්‍ය කූඩාරමට කඳුළුගෑස් එල්ල කිරීමෙන් සිසුහු දැඩි අපහසුතාවකට පත්වූහ.
Related News
Lovers Quarrel Score - Click
Related News
Lovers Quarrel Score - Click
Dharmasoka Devananda Clash - Click
Panadura Royal St. Jones Clash - Click
Ananda Nalanda Clash - Click
Mahinda Richmond Clash - Click
Big Match Season - Click