Saturday, August 10, 2013

Graduates Teachers Interviews this Month- Sri Lanka

Interviews to recruit graduates to teacher vacancies in National Schools will be conducted during this month. Exam Results will get via letters by Post. 
Sri Lanka Minister Bandula Gunawardena says that interviews to recruit graduates to the teacher vacancies in national schools will commence this month. Applications have been called through a gazette notification to fill the vacancies. The written test was conducted on the 6th of last month.
Minister Gunawardena says that those who scored the highest marks at the written examination will be called for the interview. The graduate recruits will be given teaching appointments in the Sinhala, Tamil and English medium of the national schools. The Minister of education further says that there are vacancies for 850 new teachers.

ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ මාසයේ  ආරම්භ වන බව අධ්යාපන අමාත් බන්දුල ගුණවර්ධන මැතිතුමා පැවසීය.
මෙම පුරප්පාඩු පිරවීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කර, අයදුම්පත් කැඳවා සඳහා වන ලිඛිත පරීක්ෂණ 2013.07.06 වැනි දින  පවත්වා තිබෙන අතර ඉන් ඉහළ සුදුසුකම් ලබන පිරිස සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බව අමාත්යතුමා ප්රකාශ කළේය.
සිංහල, දෙමළ, ඉංග්රීසි යන මාධ්යයන් යටතේ පවතින පුරප්පාඩු සඳහා මෙම නව ගුරුවරුන් බඳවා ගැනීම සිදු වන බව අමාත්යතුමා පෙන්වා දුන්නේය.
ලබන පාසල් වාරය ආරම්භයේදී මෙම නව උපාධිධාරී ගුරු පත්වීම් ලබාදීමට නියමිත බවත් පුරප්පාඩු පවතින විෂයයන් සඳහා නව ගුරුවරුන් 850 දෙනෙකු බඳවා ගැනීම සිදු වන බවත් අමත්යතුමා වැඩිදුරටත් පැවසීය.

www.lankauniversity-news.com

Thursday, August 8, 2013

Japura University Samantha Murder Case

පුර සරසවියේ සමන්ත සිසුවා ඝාතනයට සැකකාර සමන් අත්අඩංගුවට ගන්න නියෝග
ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ඉගෙනුම ලබමින් සිටි සමන්ත සිසුවා අතින් පයින් හා පොලුවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධ නඩුවෙන් චෝදනා ලැබ සිටින එම විශ්වවිද්යාලයේ සිසුවකු වූ හයවෙනි විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුැ කුමුදුනී වික්රමසිංහ මහත්මිය (06) දා වරෙන්තු නිකුත් කළාය.
නඩුව (06) දා විභාගය සඳහා කැඳවූ අවස්ථාවේ අධිකරණයට නොපැමිණි හය වැනි විත්තිකරු වූ .. සමන් නමැති විත්තිකරුට එසේ වරෙන්තු නිකුත් කෙරුණි.
සමන්ත සිසුවා ඝාතනය සම්බන්ධව ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ එවකට ඉගෙනුම ලැබූ සිසුන් 22කට එරෙහිව අධි චෝදනා ගොනුකළද සිසුන් දෙදෙනෙකු නොමැතිව සිසුන් 20කට එරෙහිව මේ නඩුව විභාගයට ගැනෙයි.
නඩුව (06) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පස්වන විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීපව පසුවන බව දන්වමින් ඔහුගේ නීතිඥවරයා විසින් අධිකරණයට වෛද් වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.
2002 වසරේ නොවැම්බර් 07 වැනිදා ගංගොඩවිලදී ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය තුළ වූ අභ්යන්තර සිසු ගැටුමකදී අතින් පයින් හා පොලුවලින් පහරදී එම විශ්වවිද්යාලයේ ඉගෙනුම ලැබූ ඕවිටිගල විතානගේ සමන්ත සිසුවා ඝාතනය කැර තවත් සිසුන් පිරිසකට බරපතල තුවාල සිදු කළ බවට නීතිපතිවරයා විසින් විත්තිකාර සිසුනට එරෙහිව අධි චෝදනා ගොනු කැර ඇත.
විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම මත නඩුව විභාගයට ගැනීම ලබන සැප්තැම්බර් මස 18 වැනිදාට කල් තැබුණි. Extract from Dinamina

www.lankauniversity-news.com