Friday, February 14, 2014

Sri Lanka Valentines Day Gift

Sri Lanka Valentines Day 2014 Story
World Best Love & Romantic Story - Valentine's Day 2014
උසස් පාසලේ සිටිය දී අපේශිෂ්‍ය සමිතියට අරමුදල් එක්රැස්කිරීමේ වෙනම කාර්යාලයක්විය. ඒ අනුව එළැඹෙනවැලන්ටයින් දිනය දා අතිවිශේෂ කෙනෙක් හට මල්පිරිනැමීම සඳහා ඔවුහු විශේෂකවුන්ටරයක් විවෘත කළෝ ය.ඒ මල්, පෙම්වතුන්ගේ දිනයේඑළැඹෙන පළමුකාලපරිච්ඡේදයේ දී පන්තිකාමරවලට ම ගොස් බෙදා දිය හැකි විය.

මම ඉන් කානේෂන් මල් තුනක් මිලදී ගත්තෙමි. ඒවා මා යැව්වේ, මා ඒවා එවතැයිකොහෙත් ම සැක නොසිතන කෙල්ලන් තිදෙනකු හට ය. අඩු වශයෙන් ඒ අතරින්එක් කෙල්ලෙක්වත් මා වෙත ආකර්ෂණය වනු ඇතැයි සාධාරණ බලාපොරොත්තුවක්මසිතේ විය. එවිට එයින් එකියක්වත් මට ද මලක් එවනු ඇත.

කානේෂන් මල් යැවුණේ මෙලනි, සුසී සහ ජෙනී වෙත ය. ඒ අතරින් මා වඩාත් මබලාපොරොත්තු තබාගෙන සිටින්නේ ජෙනී කෙරෙහි ය. මගේ මිතුරෝ ද ඒ සතියේ දීමා මෙන් ම කාර්යබහුල වී සිටියහ. මිතුරු බ්‍රයන් ද සිය පෙම්වතිය වෙත මලක්යැව්වේය. ස්ටෙෆනී, ජේසන් වෙත මලක් එව්වා ය. ඈ, මුළු පාසල් වාරය පුරාමහොරැහින් බලමින් සිටියේ ඔහු දෙස ය. මගේ මිතුරිය ලීසා නම් සිය හොඳ මිතුරකු වූට්‍රේසි වෙත මලක් යැව්වේ හුදෙක් විනෝදය සඳහා ය.

ඒ සතිය පුරා ම කෙල්ලන් ලැයිස්තුවක් මගේ සිතට ගලා එන්නට පටන් ගත්තේ ය. මාමල් නොයවන කෙල්ලෙක් වුවත්, මට මලක් එවන්නට ඉඩක් තිබේ. වැලන්ටයින්දිනයේ හැටි එබඳු ය. සමහර විට ඒ කෙල්ල, මා සිහිනෙන් වත් නොපතන්නියක වීම දඉඩ තිබේ. කමක් නෑ. මම චකිතය සඟගවා ගෙන සිතමි. අපේ පාසලේ සිටිනකෙල්ලන්ගෙන් අති බහුතරය ලස්සන කෙල්ලන් ය. එම පළමු කාලපරිච්ඡේදයඑළඹුණේ ය. ශිෂ්‍ය සංගමයේ මල් බෙදාහරින්නිය අපේ පන්ති කාමරයට එපිටින්සිටගෙන සිටින ආකාරය දැක මගේ බඩ පපුව දඟලන්නට පටන් ගත්තේ ය. ගුරුතුමාඇයට කාමරය තුළට පිවිසෙන්නට අවසර දුන්නේ ය. ඇය පිවිසියේ අති විසල් මල්පොකුරක් අතින් ගෙන ය.
ගුරුතුමා නොඉවසිල්ලෙන් මෙන් පාඩමේ වැඩ නතර කළේ ය. ශිෂ්‍ය සංගම්නියෝජිතයන් දැනුවත් කර තිබූ හෙයින් මේ සඳහා සහයෝගය ලබාදීම හැර ඔහුටකළහැකි දෙයක් නැත. ඔහු ම මල්වලට දවටා තිබූ කාඩ්පත් ගොඩ අතට ගෙන ඒවායේනම් කියවීමට පටන් ගත් කල පන්ති කාමරය පුරා පැතිර ගියේ අපේ්ක්ෂා සහගතබවේ උණුසුමයි. නීල්, බ්‍රයන්, ජෙනිෆර්, ස්කොට්, චැඩ්, ඈන්, ඒමි...ඔහු නම්ලැයිස්තුව කියවීම ඇරඹුවේ ය.

වැලන්ටයින් මල් තිළිණ ලැබූ කොල්ලෝ සහ කෙල්ලෝ පී‍්‍රතියෙන් ප්‍රමුදිත වූහ.ක්‍රමයෙන් ලැයිස්තුව දිගු විය. මල් නොලැබූවන්ගේ ලැයිස්තුව කෙටි විය. මා තවමත්සිටිනේනේ දෙවැනියට කී ලැයිස්තුවේ ය. දැන් විනාඩි දහයක් මුළුල්ලේ ලැයිස්තුවකියැවෙයි. මා අවට තිබෙන මේස හැම එකක් ම පාහේ මල් පොකුරුවලින් සහකාඩ්පත් වලින් පිරී ගොසිනි. සමහර කොල්ලකුට දෙවැනි සහ තුන්වැනි මල දලැබෙන බව මේ අතර මට නෙත් කොනින් පෙනේ. මල් දුසිම් භාගයක්කෙල්ලන්ගෙන් ලද කොල්ලකු ද ඒ අතර සිටියේය. ඔහුට පෙම්වතියක සිටින බවලොව ම දනියි. එසේ තිබියදීත් පාසලේ තවත් කෙල්ලන් පස් දෙනකුත් ඔහු පස්සෙන්ම එන හැටි... අසාධාරණ ලෝකේ... මගේ සිත දැන් දැන් කනගාටුවෙන් කැරලිගසන්නට පටන් ගෙන ඇත. මේ වන විට මල් නොලැබූවන්ගේ ලැයිස්තුවේ සිටින්නේමා සහ තවත් සය දෙනෙක් පමණි.
එහෙත් අප බලාපොරොත්තු අත් හැර ගැනීටම සූදානම් නැත. ගුරුවරයා දැන්කියවන්නේ ලැයිස්තුවේ අග හරිය බව සත්‍යයක් වන නමුත්... දැන් දැන් අප කිහිපදෙනකුගේ අත්වල පමණක් පෑන් ඇත. සෙසු සියල්ලන්ගේ අත්වල මල් ඇත. අපටමල් හෝ කාඩ් නැති අතර, තිබෙන්නේ, ඉතිරි මල් කිහිපය අපටය යන අපේක්ෂාමාත්‍රය පමණි.

ඒ වන විට ගුරුවරයා ලැයිස්තුවේ අවසන් නම් දෙක කියවමින් සිටියේ ය. හොඳයි..මෙන්න අන්තිම වාසනාවන්තයන් දෙන්නා... නීල්.... ඕහ්.. අන්තිම නම.. හාලන්...ඔව්... ලැයිස්තුවේ අවසන් නම මගේ විය. දෙවියනි, ඔබට ස්තූතියි... ඔය එවාතිබෙන්නේ කවුරුන් විසින්දැයි මම නිසැකවම දනිමි. එහෙත් මා වඩාත් ම කැමතිකෙල්ල ම එය එවා තිබුණොත්...? මම කාඩ්පත වෙත නැඹුරු වී එය එසේදැයි තහවුරුකර ගැනීමට සිතින් පොරබදිමි. එහෙත් එය එවා තිබුණේ මෙලනි විසින් නොවේ. සුසීහෝ මා වඩාත් කැමති ජෙනී විසින් ද නොවේ. ඒ වෙනුවට කාඩ්පතේ ඉතා සරල ලෙසමෙසේ ලියා තිබුණේ ය.
පී‍්‍රතිමත් පෙම්වතුන්ගේ දිනක්... ආදරයෙන්.. - හාලන්..

එය එවා තිබෙන්නේ කවුරුන් විසින්දැයි මගේ මිතුරෝ මගෙන් පෙරැත්ත කරමින්ඇසූහ. මා එවිට ඔවුන්ට කීවේ අති විශේෂකෙනෙක් විසින් එය එවූ බව පමණි.ඇත්ත කීවා නම්, මා මට ම මල් එවාගෙන ඇතැයි කොල්ලන් කියනු ඇත. එය සතියේහොඳ ම විහිළුව බවට ද පත්වනු ඇත. ඇත්තෙන් ම එය මට එව්වේ කවුරුන්දැයි මාපවා අදටත් දන්නේ නැත. එය සොයාගැනීමට මඟක් ද නොවී ය. එහෙත් එය එවූකෙනා, මට ජීවිතයේ ලොකුම පාඩම ඉගැන්වීය. ආලය හඹාගොස් ලබාගත යුතුදෙයක් නොවේ. එය සුවඳක් මෙන් තමන් සොයා පැමිණිය යුතු දෙයකි.
හාලන් කොහෙන් ගේ අත්දැකීමකි.

Extract From Lake House Dinamina Newspaper Tabloid Samakaya

Read More Love Stories >>>>>

Sri Lanka Valentines Day Gift

Lanka Fashion" Website

1 comment:

  1. All the higher authorities of the Meghalaya Board of School Education had provided each and every year-wise Meghalaya SSLC Model Papers on their official website. So, to help out the exam appearing candidates, we had collected complete information and furnished it here on this page. MBOSE SSLC Question Paper Hence, all the students can use this information about the MBOSE SSLC Model Question Papers in their preparation process. And, gain complete knowledge on each and every subject.

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-