Wednesday, March 26, 2014

Eastern University Vantharumoolai Faculty has been closed



Eastern University Vantharumoolai Faculty has been closed due to tense situation between two students’ group.

නැගෙනහිර විශ්ව විද්යාලයේ වන්තාරුමුල්ලේ පීඨයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් එහි අධ්යාපන කටයුතු අඟහරුවාදා සවස සිට නැවත දන්වන තුරු අත්හිටුවීමට බලධාරීහු තීරණය කළහ.

විශ්ව විද්යාල පරිපාලනයේ තීන්දුවට විරෝධය දැක්වූ සිංහල සිසුන් විසින් උද්ඝෝෂණයක් දියත් කරමින් රඳවා ගෙන සිටි උප කුලපතිවරයා පැය දෙකක පමණ කාලයකට පසුව පොලිසියේ ආධාරයෙන් විශ්ව විද්යාලයෙන් පිටවී ගියේය.
නේවාසිකාගාරවලින් ඉවත් වන මෙන් විශ්ව විද්යාල පරිපාලනය සියලුම ශිෂ්යයන්ට දන්වා තිබෙන අතර, එම කාලය තුල විශ්ව විද්යාල පීඨය තුල ගැවසීමද සිසුන්ට තහනම්.
'දඬුවම් කරන්න'
පසුගිය සිකුරාදා නේවාසිකාගාරයක් තුල ශියයන් කොටස් දෙකක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුවයි, මෙම තත්වය උද්ගත වී තිබෙන්නේ.
සිද්ධියට සම්බන්ධ ශිෂ්යයන්ට පරිපාලනය ප්රමාද නොවී දඬුවම දිය යුතු බවටත්, පීඨයේ තිබෙන පොලිස් මුරපොල ඉවත් කළ යුතු බවට සහ සිංහල සිසුන් මෙන්ම දෙමළ සිසුන්ටද නේවාසිකාගාර පහසුකම් ලබා දිය යුතු බවට ඉල්ලා සිටිමින් ශිෂ් කණ්ඩායමක් පසුගිය සිකුරාදා සිට දේශන වර්ජන විරෝධතාවක නිරත වී සිටිති.
ශිෂ් නියෝජිතයන් හා පරිපාලනය අතර පැවති සාකච්ඡාවලදී තීරණයකට එළඹීමට අපොහොසත්වීම හමුවේ නැවත දන්වන තුරු දේශන අත්හිටුවීමට විශ්ව විද්යාල පරිපාලනය තීරණය කළේය.
එය දැනුම් දී පැය කිහිපයක් ඇතුලත ශිෂ් කණ්ඩායමක් උප කුලපතිවරයාගේ ගොඩනැගිල්ල වටලා ඔහුට පිටවීමට නොදී උද්ඝෝෂණයක නිරත වූහ.
ශිෂ්යයන් දෙදෙනාට පණවා තිබෙන පන්ති තහනම ඉවත් කොට සාමාන් පරීක්ෂණ පැවැත්වීම හා අධ්යාපන කටයුතු අඛණ්ඩව සිදු විය යුතු බව ඔවුන්ගේ ඉල්ලීම විය.
Source - BBS Sinhala

www.lankauniversity-news.com

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-