Search in This Site

Thursday, July 17, 2014

Famous Robarosiya Tree at Peradeniya University Cut Down!

Robarosiya Tree Peradeniya University Wala Pera Campus
Very Famous “Robarosiya Tree”  in the middle of the "Sarachchandra open air theatre" in University of Peradeniya has been removed after cutting down. The tree has been cut down before it falls down as it was old and the wwod has decayed badly.

පේරාදෙණිය විශ්ව විද්යාලයේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද් එලිමහන් රංග පීඨය නොහොත් "වලෙහි" තිබු  රොබරෝසියා ගස මේවනවිට එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

වසන්ත සමයේ පේරාදෙණිය විශ්වවිද්යාලයටම අලංකාරයක් එක්කල මෙම රොබරෝසියා ගස එම ස්ථානයෙන් ඉවත් කොට ඇත්තේ එය දැඩිව දිරාපත්ව තිබූ නිසා බව පැවසේ.
 Source - NethFm




පැහැසැර සිනා ඉතිරුණු සරසවියෙ වළ සෙවණ කළේ අතු ඉති වෙයි මගේ මල
 

Robarosiya Tree Peradeniya University Cut Downරෝස දෙකම්මුල් ඇති ඔබේ සොඳුරු වත, නෙතින් ගතින් විඳි, ඔබට පෙම් බැඳි දහස් ගණන් පෙම්වතුන් අතර මමත් උන්නෙමි. මමද අනෙක් උන් සේම ඔබේ රූපයට වශීව උන්නෙමි. අෑ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නෙතට රසඳුනක්ම විය. නේත් අංජනයක්ම විය. අෑ මා වැනිම වූ පෙම්වතුන් දහස් ගණනකගේ ආදරය දිනූ වග අමතක කරන්නට මට හැකි විය. අපි ආත්මාර්ථකාමී පෙම්වතුන් නොවෙමු.

පේරාදෙණිය වළ ගැන කතා කළ යුතු මුත්, එය කිසිවකුත් නොදන්නා දෙයක් නොවේ. ශ්රී ලාංකේය නාට් කලා ඉතිහාසයේ ස්වර්ණාභිමානයක් වූ පේරාදෙණියේ වළ ලංකාවේ නාට් කලාව පටන්ගත් කාලයේදීම නාට් ඉතිහාසයට එක්වෙයි. මා සිතන පරිදි එදිරිවීර සරත්චන්ද්රයන්ට අපේ ගෞරවය වෙනුවෙන් හිමිවිය යුතුය. 1956 පමණ වන විට අපේ නාට් ඉතිහාසය ගෞරවනීය තත්ත්වයට පැමිණි වගක් මගේ විශ්වාසයයි. සාමාන්යයෙන් 1949න් පසු ලංකා විශ්වවිද්යාලය මඟින් වේදිකාගත කෙරුණු කපුවා කපෝති නාට්යය කාලයේ 'වළ' තිබුණේ නැත. නිසා අපි කවුරුත් පෙම් කළ 'රොබරෝසියා' කාලයේ උන්නේ නැත. සරත්චන්ද්රලා පේරාදෙණියේ වළ නිමවා වසරකින් දෙකකින් රොබරෝසියා පේරාදෙණිය සරසවියට ආවාය. අෑ පුංචි සන්ධියේ, අෑ දවසින් දවස වයසින් මුහුකුරා යන හැටි බලා උන්නේ සරත්චන්ද්රලාගේ පරපුරය. අෑ හුරතල් වන්නේ ටි්රලීෂියා අබේකෝන්, බෙන් සිරිමාන්න, එඩ්මන් විජයසිංහ, ශ්යාමන් ජයසිංහ වගේ අය සමඟය. අෑ පුංචි කාලයේ දඟකාරියකව ඉන්නට ඇත. අෑ හන්තානෙන් බැස එන හීතල සුළං රැලි සමඟ හොඳටෝම දඟ කළාය. නමුත් අෑ පුංචිම පුංචි කාලයේදීත් අෑ දඟ නොකර නාට් බැලුවාය. අෑ මනමේ බැලුවාය. සිංහබාහු බැලුවාය. කාලය හැමෝටම හොරෙන් ඉගිළ ගියේය.


එකෝමත් එක දවසක හරිම ලස්සන දවසක අෑ මල්වර වූ බව මුළු සරසවියම දැනගන්නට ඇත. අෑ පුංචි මල් පොහොට්ටුවක් පුබුදු කළාය. 'රොබරෝසියා' ළමා විය නිමා කළාය. පුංචි එකියකව උන් රොබරෝසියා දවසින් දවසම ලොකු මහත් විය. සරසවියේ සිසුන් සිසුවියන් වසරින් වසර අලුත් වෙද්දී වසර හතරින් හතර නික්ම යද්දී අය අතර රොබරෝසියාට පෙම් කළ අයද ඉන්නට ඇත. අෑ සුපුරුදු මුහුණ නොදකින එක ගැන මොනවා හිතුවාදැයි අපි නොදනිමු. දුක හිතුණා කියා නම් හොඳටෝම විශ්වාසය. නමුත් රොබරෝසියාට කරන්නට දෙයක් නැත. පේරාදෙණිය සරසවියේ වළෙන් නික්ම යන්නට ඇයට වරම් තිබුණේ නැත.


ටික කාලයක් යද්දී 'රොබරෝසියා' හැඩකාරියක් වූවාය. රෝස වසන්තය සරසවියට ගෙනාවේ ඇය . රොබරෝසියා රෝස වසන්තය උදෙසා අලුතින්ම හැඩවිය. අෑ අලුත්ම අලුත්ම රෝස පැහැ සළුවෙන් සියොළඟ වසාගත්තාය. ඇගේ සිරුරෙන් ලිස්සා වැටුණු සළුව පේරාදෙණියේ වළේ බිම මත බුමුතුරුණු එළුවේය. කාලයට හන්තාන කඳු මුදුනෙන් බැස එන මනමාල සුළං රැලි අෑව තොරතෝංචියක් නැතිව සිඹියි. අෑ ආදරය හොඳටෝම සතුටින් දරා ගත්තාය. සමහර වෙලාවට රොබරෝසියා ලැජ්ජාවෙන් ඇඹරුණාය. අෑ වටපිට එබිකම් කර බැලුවේ සරසවි සිසු සිසුවියන් ඇගේ ප්රේමාලිංගනය දකීවි යැයි කියාය. හුළඟම අෑ සිප වැලඳගෙන ඉනික්බිති පේරාදෙණිය මල් වත්තට රිංගාගනු අෑ සම සිතින් ඉවසුවාය. වෙන මල් සිඹිනා අයුරුත්, මල් තුරුලු කරගන්නා අයුරුත් දුටු මුත් කාටවත් කේලාම් කීවේ නැත. අෑ ඇගේ ලෝකයට වී සිටියාය. පේරාදෙණිය සරසවියේ රොබරෝසියා වෙනුවෙන් තැනුණු වෙනමම ලෝකයක් විය. සමහර හැන්දෑවක, හන්තාන පැත්තෙන් එබිකම් කරන හදවත දැක රොබරෝසියා සිලි සිලි තාලෙන් ගී කිව්වාය. තුරුවදුලු අතර නිදි කිරා වැටෙනා සමහර මල් කිනිති ගීය නැළවිලි ගීයක් යැයි සිතා නින්දට ගියේය. හඳ වලාසළු එහෙට මෙහෙට කොට එබි එබී බැලුවේ ඇගේ සිලි සිලි ගීයය. රොබරෝසියා යන්තමින්වත් ඉඟිමැරුවේ නැත. හඳ එබෙමින්ද හැංගෙමින්ද රොබරෝසියාට ඉඟිබිගි කළේය. හැමදාම දාවලට ඉර අෑ වැලඳ ගන්නම හැදුවේය. ඉර වැඩියෙන්ම ඇයට කරදර කරනා කාලයට අෑ ඇගේ රූ සපුව සඟවාගත්තාය. අෑ කෘශ වී කනාටු වී ඉපල් වී උන්නාය. ඇත්තට ඉර වසන්තය ගෙනාවේ රොබරෝසියා හැඩ කරන්නටය. තරමටම ඇයට ඉරත්, හඳත් පෙම් කළේය.


'රොබරෝසියා' කාටවත් කවුරුවත් ගැන කවමදාකවත් කේලාම් නොකීය. අෑ සියල්ල දකිමින් සියල්ල ඉවසමින් නොදන්නා සේ සිටියාය. සමහරදාට අෑත වදුලු මුවාවක පෙම්වතකු, පෙම්වතියක වැලඳ ගන්නා යුරු රොබරෝසියා දුටුවාය. නමුත් අෑ නොදැක්කා සේ සිටියාය. පෙම්වතුන් පෙම්වතියන් හැර යද්දීත්, අලුත් පෙම්වතුන් හමුවෙද්දීත් රොබරෝසියා එහෙමම සිටියාය. රොබරෝසියාට ඇගේමයි කියන්නට පෙම්වතෙක් හිටියේ නැත. සමහර ඉරිමාවක අෑ පිනිකිනි අතරට ඇගේ කඳුළුද එක් කළාය. පේරාදෙණි සරසවියේ 'වළේ' පෙන්නූ දහස් ගණනක් නාට් අතර රොබරෝසියාටද ඉඩක් තිබුණේය. අෑ විටෙක නාට්යයේම කොටසක් විය. රොබරෝසියා සිංහබාහු නාට්යයට ඇගේ සහාය උපරිමයෙන්ම ලබා දුන්නාය. සමහර නාට්යවලට අෑ නරඹන්නෙක් විය.


"ප්රේමයෙන් මන
රංජිත වේ
නන්දිත වේ"
යැයි ගී කියමින් මනමේ නාට්යය වළේ රඟදක්වනා විට අෑ සිලි සිලි ගගා කරදර නොකළාය. සමහර නාට් දර්ශනයක් අතරට හදිසියේ කඩා පනිනා හිතුවක්කාර වැහිපොදවලට එරෙහිව අෑ පුළුවන් තරමින් සටන් කළාය. සමහරවිට හිතුවක්කාර වැහි බිඳුවලට රොබරෝසියා පැරැදිණි. එහෙම වෙලාවට කඳුළු සලා හඬා වැටුණාය.
1977 භීෂණ සමය උදාවිය. රොබරෝසියා මේ මොනවත්ම දැන සිටියේ නැත. ඇයට සමාජවාදයවත්, පන්ති පරතරයවත් ගැන තේරුමක් තිබුණේ නැත. නමුත් සමහර දවසක සරසවි සිසුන්ටත්, සිසුවියන්ටත් වන ඛේදජනක දේ ඇයට බලා ඉන්නට සිදුවිය. රොබරෝසියාගේ ජීවිතයේ කාලකණ්ණිම දවස් කීපයය. රොබරෝසියා හැන්දෑවට ඉර බහිනවාට බිය විය. බටහිර අහසේ රත ඇයට පෙනුණේ ලේ පැල්ලම් මෙනි. හැම හැන්දෑවකම ඇයට හිතුණේ බැස ගිය හිරු කවුරුන් හෝ මරා දමන්නට ඇතැයි කියාය. හැන්දෑවට අවසන් කොට ගොම්මනේ අන්තිම තත්පර කීපයත් ඉතිරිව තියෙද්දීම සටපට ගා තටු ගසා ඉගිළෙන මාවවුලන්ට වෙනදා නැති විදියට රොබරෝසියා බය වුණාය. සරසවි ගොඩනැඟිලි එකින් එක ගිල ගන්නා අඳුර අන්තිමට පේරාදෙණියේ වළට විත් පඩියෙන් පඩිය බැස රොබරෝසියා වත වැලඳ ගත්තේය. ඊළඟට අෑතින් ඇසුණු මරළතෝනිය රොබරෝසියාව හොඳටෝම බය කළාය. හැත්තෑ හතේ මේ අවනඩුව නිමා වී ටික කාලයකින් අසූඅටේ-අසූ නවයේ තවත් එහෙමම කාලයක් ආවේ.


'හන්තාන අඩවියේ
මැඳුරු කුලුනු
සිදු ¼දලුතලා පිස
මේ එන්නේ
ප්රේමයේ සුවඳ නොවේ'
නන්දා මාලනිය පවනට කියූ ගීතයේ ඇත්තම කතාව දැන උන්නේ රොබරෝසියාය. වසර ගණන් සරසවිය පාළුවට ගිය කාලවල අෑ තනිවම උන්නාය. කාලයේත් සමහර අන්ධකාර රාත්රිවල කොල්ලන්ගේ මරළතෝනි ඇහුණේය. සමහර වෙලාවට රොබරෝසියා හඬවල් අඳුනගත්තාය. අෑ අසබඩ හිඳ 'වළේ' පෙන්නූ නාට්යයකට පසුබිම් ගී කියූ හඬම විය. නැතිනම් අෑ අසල හිඳ පෙම්වතිය හා පෙම්බස් දෙඩූ පෙම්වතාගේ කටහඬම විය. ඇයට කළ හැක්කක් නැත. අෑ හන්තාන කන්ද දෙස බලා උන්නාය. තරම් විසල් හන්තාන කන්දටද කරන්නට දෙයක් නැතිවිට රොබරෝසියා හොඳටෝම අසරණ විය. කාලයත් කොහොම කොහොම හරි ගෙවී ගියේය. ආයෙත් රොබරෝසියා මල් හිනා පුරෝගත්තාය. ආයෙමත් අෑ වටා රඟන්නට නළුවෝ්ද නිළියෝද පැමිණියෝය. දැන් අෑ තලතුනා වෘක්ෂයකි. දවසක් සරසවිය සුදු පාටින් සැරැසුවේය. පුරා හඳ එන්නට කල් වැඩි නිසා රොබරෝසියා එදා පෝය දවසක් නොවන වග දැන උන්නාය. මොකක්දෝ සාංකාවක් ඇයට දැනෙන්ට විය.


'සරත්චන්ද් සර් නැතිවෙලා'
කතාව කොහොමටවත් රොබරෝසියාට උහුලන්න පුළුවන් කතාවක් වුණේ නැත. රොබරෝසියා තරම්ම එදිරිවීර සරත්චන්ද්රයන්ට පෙම් කළාය. කොටින්ම කියතොත් රොබරෝසියාගේ ප්රථම ප්රේමය එදිරිවීර සරත්චන්ද්රයන්ය. කවුරු කවදා මොන නාට් පෙන්වුවද රොබරෝසියා බලා උන්නේ සරත්චන්ද්රයන් ඔහුගේ පරණ ගෝලබාලයන් සමඟ වළට එනතුරුය. නමුත් අන්තිමට ඇයට අහන්නට ලැබුණු මේ කතාව නිසා රොබරෝසියාට හුඟාක් දුක හිතුණාය. කතාව ඇත්තමයි කියා දැනගත් පසු අෑ සරත්චන්ද්රයන් වෙනුවෙන් පේරාදෙණියේ 'වළ' මලින් සරසන්නට හිතා ගත්තාය.


රොබරෝසියා හිතා උන්නේ අෑ මහා හුඟක් වටිනවා කියාය. හැමෝම ඇයට ආදරෙයි කියාය. නමුත් සමහරදාට සමහරු රොබරෝසියාට බැන්නේය.
"මේ කෙහෙල්මල් ගහ නිසා මෙතැනට නාට්යය පේන්නෙ නෑනෙ..."
"මේ මගුල කපල දාන්න කෙනෙක් නෑනෙ... සැනසිල්ලෙ නාට්යයක් බලන්න..."
එහෙම කතා අහපුදාට රොබරෝසියාට හොඳටෝම දුක හිතුණේය. එහෙමදාට අෑ පුංචි එකියක කාලයේ පේරාදෙණිය සරසවියට කැඳවාගෙන අය සිහිපත් කළාය. එදිරිවීර සරත්චන්ද්රයන් සිහි විය. ඒත් ඇගේ අවනඩුව අහන්නට කෙනෙක් නැත. අෑ දවසින් දවසම වියපත් විය. මලින් හැඩවුණු කාලයට මිස අනෙක් කාලවල අෑ හිසරදයක් විය. සරසවියට අෑ සැරැසිල්ලක් වුව සමහර නාට්යවලට අෑ බාධකයක් විය. ඇයට යන්නට තැනක් තිබුණේ නැත.


රොබරෝසියා හන්තාන කඳුමානේ මල් මදහස් පුරෝගෙන සමනලුන්ට අත වැනූ රෝස පැහැ සළු ලෙහා පේරාදෙණියේ වළ බිම හැඩ කෙරූ කෙළිලොල් සමනල් විය නිමාවිය. තොරතෝංචියක් නැතිව බිමට හැලෙන තුහිනවල හීතල ඇයට දැනෙන්නට විය. රොබරෝසියා මහලු වෙමින් සිටියාය. ඇයටත් නොදැනීම ඇය මහලු වෙමින් සිටියාය. සරසවියටත් නොදැනීම ඇය මහලු වෙමින් සිටියාය. සමහරදාට රොබරෝසියාට කොන්දෙන් නැඟෙන වේදනාව ඉවසා ඉන්නටත් නොහැකි තරම් විය. වයසට යද්දී කොහොමත් එහෙමය. හන්තාන හීතලත්, මල් තුහින හිරිකඩත් රොබරෝසියා ලෙඩ කළේය. ඒත් අෑ පුළුවන් හැමවෙලාවකම මලින් පුරෝගෙන හිනා වත පුබුදු කළාය. නමුත් වසන්තය නිමා වී වෙසක් හඳ හන්තාන පැත්තෙන් එන්නට දින නියම කරගත් දවසක රොබරෝසියාට දැනුණේ කවදාවත් නොඇසූ කතාවකි...
"හොඳටෝම දිරල... මෙතැනින් අයින් කරන්න වෙයි වගේ..."
"දෙයියනේ..."
රොබරෝසියාට හිතා ගන්නවත් විදියක් නැත. කිසිවක් සදාකාලික නැති වගක්වත් සියල්ල නැසෙනසුලු කතාවක්වත් අෑ දැන උන්නේ නැත. දවසින් දවස ප්රශ්නය උග් අතට හැරුණේය. මේ රෝස වසන්තයේ කවුරුවත් අෑ ළඟට ආවේ නැත. මල්පෙති ගණිනා පෙම්වතුන්වත් ආවේ නැත.
"කඩා වැටෙයි, කරදරයක් වෙයි..."
හැමෝම කිව්වේ එහෙමය. නාට් දර්ශන අහෝසි විය. වළට යන එන අය බය විය. අන්තිමට රොබරෝසියා මල්වරා දෙනෙත් කඳුළින් පුරවා ගත්තාය. ඇයට ආදරය කළ අය අෑ රැක ගන්නට හැකි හැම දෙයක්ම කළෝය. උද්භිද විද්යාඥයෝ ගෙන්වූහ. ඇගේ රිදුම් දෙන කඳට සාත්තු කළෝය. බෙහෙත් කළෝය. ඒත් කළ හැකි දෙයක් නොවීය.


පොසොන් හඳ බැස ගිය දවසක හන්තාන කන්දත් බලා ඉද්දීම සරසවියේ තුරුවදුලුවල උන් මල් පොහොට්ටු දුකින් බලා ඉද්දීම පේරාදෙණියේ වළ සැරැසූ රෝස වසන්තය කැන්දාගෙන සුන්දරත්වය සඟවා සිලි සිලි සිලි ගී තනු නිමවා රොබරෝසියා යන්න ගියාය.
'හන්තානේ කඳු මුදුන සිසාරා


සුළඟක් වී ඉන්නම්...'
කියාවත් නොකියාම රොබරෝසියා යන්නම ගියාය.
හන්තාන කඳු මුදුන එදා පුරුදු විදියටම නිසොල්මන්ය. හන්තානේ බැස එන සීත සුළඟ පමණක් රොබරෝසියා හොයයි. මහවැලිය පුරුදු ගමනම යයි. වෙනදා මෙන් නොව ඇගේ ගීය සෝ ගීයකි. දැන් රොබරෝසියා 'වළේ' නැත. ඇගේ සිනා පිරි රෝස වසන්තයද නැත. දුක් කඳුළු තියා හිත් හඬවා හැමෝටම අනිත්යයේ වේදනාවත්, ප්රියයන්ගෙන් වෙන්වීමේ දුකත් කියාදී රොබරෝසියා යන්නට ගියාය. අලුත් කෙලිපැටව් දෙන්නෙක් සරසවි බලධාරීන් මුල්වී කැන්දාගෙන බව ඇත්තකි. ඒත් ආදරණීය රොබරෝසියා.... අපි ඔබට ඇත්තටම පෙම් කළෙමු. නැත, ඔබට මම පෙම් කළෙමි.
ජීවන පහන් තිළිණ

Source - Mawbima
 


Robarosiya Tree Peradeniya University Cut Down Sri LankaSarachchandra open air theatre is a theatre located in the University of Peradeniya, about one kilometre from the Galaha junction in Galaha-Peradeniya road. It is popularly known as the Wala, among university students and the drama enthusiasts. Theatre is named in memory of Prof. Ediriweera Sarachchandra, Sri Lanka's premium playwright. Built in early 1950s, it is considered to be the only theatre of its kind in Sri Lanka. It was built according to the architectural style of ancient Greek theatres

The performance space is a simple semi-circular one in the middle. It is called the orchestra. Spectators sit in the stone steps created at a slope of which produced a natural theatron, literally "watching place". It can accommodate a very large number of people. Acoustics play a vital role in its construction. Even the spectators in the extreme back row can hear the sounds clearly. Still, most of the dramas shown in the University of Peradeniya use Sarachchandra open air theatre as their venue. Ediriwira Sarachchandra’s ground-breaking Sinhala play, Maname was first presented at this very theatre.
Source : Wikipedia

Beauty Of Pera Campus >>>>

www.lankauniversity-news.com