Friday, January 10, 2014

University Registration Date Extended

Sri Lanka University Registration Date Extended
Higher Education Ministry announced that the date for university registration had been extended for students who are in the 3rd batch of the leadership training programme.

Secretary of the Ministry Dr. Sunil Jayantha Navaratne told that the third batch would complete their leadership training programme on February 02. "With this extension students selected for the third batch could register with their respective universities within one week after ending the leadership training programme," he said.

Some universities had already started to register students, Dr. Navaratne said. "Neither students nor their parents need to panic."

The Secretary said that the Vice Chancellors and Registrars of all universities had already been informed of the extension of registration date for those who are attending the third batch of the training programme.

Lists of the names of students selected for respective batches of the leadership training programme had been posted on the website http://pop.nodes.lk/mohesys/  Dr. Navaratne said.
Extracted from- Island

Sri Lanka University Sub Culture & Campus Life

Download PDF Doc with Photos >>>>


New batch is ready to go to university. Before going to university, Read this article and learn these Sub Cultures’ Words.


University Life is a very special time in your life. It is the golden era of your life. Study the University Sub Culture and adapts to it. Then it is very easy to do your studies and enjoy the University Life well. 

Also share this Article with other university friends.
 
විශ්ව විද්‍යාලය හා ඒ තුළ වෙසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බාහිර ලෝකයෙන් වෙන් වූ උප සංස්කෘතියකට(Sub Culture) අයත් පිරිසක් ලෙස ඒකරාශි වී සිටිති. විශ්ව විද්‍යාලය ගත් කල එහි භාෂා විලාසය හා සිරිත් විරිත් සෙසු තැන්වලට වඩා වෙනස් ස්වරූපයක් ගනී. මෙම විශ්ව විද්‍යාල උප සංස්කෘතිය සමාජයේ වැඩි දෙනාගේ අවධානයට ලක් වූවකි.
විශ්ව විද්‍යාල තුළ ව්‍යවහාර වන භාෂාව පිළිබඳ අධ්‍යනය කිරීමේ දී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට ම ඇතැම් වචන පොදුවේ. සමහර වචන විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට වෙනස් වේ.
උප භාෂාව

පුද්ගලයින් හැඳින්වීමට විශ්ව විද්‍යාලයන්හි උප භාෂාව තුල පොදුවේ ව්‍යවහාර වන වචන.
උප කුලපති            - වීසි කාරයා, වී සී මහප්පා (VC)
උප කුලපතිනි         - ලොකු අම්මා
මහාචාර්යවරයා      - ප්‍රොෆා (Profa)
දේශකයා               - ලෙචා (Lecha)
ජ්‍යෙෂ්ඨ සිසුවා        - සින්නා (සුපර් සින්නා, අඹ සින්නා ,කරවල සින්නා ) (Sinna)
කණිෂ්ඨ සිසුවා        - ජුන්නා (Junna)
නවක සිසුවා           - ෆ්‍රෙෂා (Fresha)
නවක සිසුවිය          - ෆ්‍රෙෂී (Freshi)

පෙම්වතා හෝ පෙම්වතිය - කොක්ක (Kokka)
නිතරම පාඩම් කරන්නා     - ක්‍රෑමා (Crama)

තමන්ගේ වසරේ සිටින සිසුවා හෝ සිසුවිය - බැචා හෝ බැචී (Bacha or Bachi)
බෝඩිමේ හෝ නේවාසිකාගාරයේ තමා සමඟ එක කාමරයේ සිටින්නා - රූමා (Rooma)






















විරූපී තරුණියන්ට වෙනම නම් භාවිතා කරයි.
යකා (Yaka)                             - මදක් විරූපී තරුණිය
සොමි යකා (Somi Yaka)           - එයට වඩා විරූපී වූ ඒත් සොමියක් ලැබෙන තරුණිය
සිරා යකා (Sira Yaka)               - එයටත් වඩා විරූපී වූ තරුණිය
අම්බ යකා(Amba Yaka)             - හොඳටම විරූපී තරුණිය
අම්බානක් යකා                          - අතිශයින්ම විරූපී වූ යකෙක් හා සමාන භයානක    
පෙනුමක් ඇති තරුණිය

අධ්‍යයන කටයුතු සම්බන්ධ ව්‍යවහාර වන වචන.

ගිරවා දැමීම            - කටපාඩම් කිරීම.
ක්‍රෑම (Crama)       - පාඩම් කිරීම. කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රෑම වර්ග 5කි
ජංගම ක්‍රෑම             - ඇවිදිමින් එක් තැනක නොසිට පාඩම් කිරීම
බොග ක්‍රෑම             - වැසිකිලියට වී පාඩම් කිරීම
ජංගල් ක්‍රෑම            - එළිමහනේ ගස් යටට වී පාඩම් කිරීම
ගරිල්ලා ක්‍රෑම          - අන් අයගේ සටහන් සොරකම් කර පාඩම් කිරීම
මෙන්ඩිස් ක්‍රෑම        - ආත්මාර්ථකාමීලෙස අන් අයට උදව් නොකරමින් පාඩම් කිරීම

කුප්පි දැමීම (Kuppi)- විභාග ආසන්නයේදී දක්‍ෂ සිසුන් අනෙක් සිසුන්ට කරුණු කියාදීම "කුප්පි දානවා" නම් වේ.
මෙහි උපවර්ගයක් නම් "කුප්පියේ" ප්‍රයෝජන ලබන්නෝ සියල්ල ශිෂ්‍යාවන් නම් එය "මල් පාත්තියකි."

විෂයයන් සඳහා ව්‍යවහාර නම්
පේරාදෙනිය සරසවියේ එක් එක් විෂයන්ටද නම් පවතී
සමාජ විද්‍යාව          - සමාජ රෝග.
මනෝ විද්‍යාව         - පිස්සු විද්‍යාව.
දේශපාලන විද්‍යාව - බෙල්ල කැපීම.
ගණිතය                  - මීටරය අවුල් කිරීම.
ඉංග්‍රීසි                    - කඩ්ඩ.(Kadda)
දර්ශනය                 - පිස්සු දැකීම.
ආර්ථික විද්‍යාව       - සූරා කෑම.
සහජ දක්‍ෂතා මත විභාග පාස් වන්නේ මීටරය සහිත පුද්ගලයෝය. කටපාඩම් කර විභාග සමත් වන්නේ "මෝටරය" මගිනි. විභාගය අසමත් වීම ඇණ ගැනීම යි. එවිට රිපීට් වීමට සිදුවේ. එනම් ඊ ළඟ වසරේ නැවත ලිවීමට සිදු වේ. තවත් ආකාරයක ඇණ ගැනීමක් ඇත එනම් පෙම්වතා හෝ පෙම්වතිය තමා අතහැරීම යි.

දේශපාලනය සම්බන්‍ධ උප භාෂාව
විශ්ව විද්‍යාලය තුල ක්‍රියාත්මක වන සිසු දේශපාලනය මගින් ද යම් සුවිශේෂී වචන ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. විශ්ව විද්‍යාලයේ ජනතා විමුක්ති පෙරමුනේ ක්‍රියාකාරී සිසුන් "ජෙප්පෝ"(Jeppo) වේ. විශ්ව විද්‍යාලයේ සාරධර්ම කඩකරන පුද්ගලයා "අල වැඩ කරන්නෙකි" (Alaya)මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා හැඳින්වෙන්නේ මහා ශිෂ්‍යයා නමිනි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවිදි වී සිට සිවුර හල පුද්ගලයා "ලටෙක්" යනුවෙන් හැදින්වේ. මීට අමතරව සෙම් අලයෝ හා සෙම් ජෙප්පෝ ද සරසවිය තුල වෙසේ. එනම් ඔවුන් එකම පක්‍ෂයකටවත් නිවැරදිව සම්බන්‍ධ නොවූ අයයි.


විශ්ව විද්‍යාලය හැදින්වීමටද නම්
සබරගමුව - බෙලිහුල් ඔය මහා විද්‍යාලය
රෑහුණු - හුලං කන්ද මහා විද්‍යාලය









පේරාදෙනිය සරසවියේ විවිධ පීඨයන් හැදින්වීම සඳහාත් නම්
පින්තූර කඩේ          - ශාස්ත්‍ර පීඨය
මස් කඩේ               - වෛද්‍ය පීඨය
දත් කඩේ               - දන්ත වෛද්‍ය පීඨය
යකඩ කඩේ            - විද්‍යා පීඨය
බයිසිකල් කඩේ       - ඉන්ජිනේරු පීඨය
මඩ කඩේ               - කෘෂි විද්‍යා පීඨය
රූප කඩේ              - ශාස්ත්‍ර පීඨ‍ය
අහස් කඩේ             - සම සෞඛ්‍ය විද්‍යා පීඨය
"හැන්ඩියට කෙල්ලො නෑ රෑමන්ට ඇදන් නෑ බ්‍රයිටන්ට Class නෑ" සරසවිය තුල ඇති කියමනකි.
සිසුන් නේවාසිකාගාර තුල හා විශ්ව විද්‍යාල තුල පොදුවේ යම් යම් භාණ්ඩ පරිහරනය කිරීම හැඳින්වෙන්නේ "ගජේ දැමීම" නමිනි.ආර්ථික දුෂ්කරතා නිසා ඇදුම් පැළදුම් නිතර "ගජේ ගහන" භාණ්ඩ වේ.

Sri Lanka Campus Girls in Hostel
සිසුන් බස් හා දුම්රිය ගමන් වලදී මුදල් නොගෙවා යාම "ඉබ්බට යාම" ඉබ්බා ගැසීමවේ. මුදල් ද නොගෙවා ඉතිරි මුදල් ඉල්ලා සිටීම "කැස්බෑවාට යනවා" ලෙස හඳුන්වයි. පේරාදෙනිය සරසවිය තුල සිසුන්ගේ මරණ ගෙදරකට සහභාගී වීම "කපකට යනවා" ලෙස හැඳින්වේ. මළ ගෙදරත් ඔවුන්ට ආහාර පාන ලබා දෙන කප්රෑකකි. මේ නිසා එය " කප" ලෙස හැඳින්වේ. සිසුන් කරන බරපතල වැරදි වලට සැඟවී සිට පහර දීම "යකා ගහනවා" යනුවෙන් හැඳින්වේ.

විශ්ව විද්‍යාලය තුල "බකට් කිරීම" (Bucket)ද සුලඹ දෙයකි. ෆ්‍රෙෂ් බකට්,මල් බකට්,කුණු බකට්,යනුවෙන් බකට් වර්ග තුනකි.සමහර සරසවි තුල මෙය "Pond කිරීම" ලෙස හැඳින්වේ. අන් අයගේ වැඩ කිරීම පේරාදෙනිය සරසවිස තුල "ජෝන් වැඩ කරනවා"නම් වුවත් අනෙක් සරසවි වල මෙය කඩේ යාමකි.
තරෑණ තරෑණියන් අන් අය සමඟ කතා නොකර ආඩම්බරයට සිටීම "ගැට්ට" (Getta)ලෙස හැඳින්වේ. "ලොකු එක දෙනවා " ලෙස මෙය සමහර සරසවි වල බාවිතා වේ.

සිනහ වීම විශ්ව විද්‍යාල භාෂාව තුල "පනාව දානවා" නම් වේ. තමා පැමිණි ප්‍රදේශ වල අය සමඟ පමණක් ඇසුරෑ කිරීම "කඩ දානවා"නම් වේ. ගාලු කඩේ,මාතර කඩේ,වැනි ඒ ඒ ප්‍රදේශ වලට සීමා වූ කඩ ඇත.

විශ්ව විද්‍යාලය තුල නිදහසේ ප්‍රේම කිරීමට වෙන්වූ ස්ථාන
පූජා බූමිය               - රුහුණු සරසවිය
මල් පාර                 - පේරාදෙනිය සරසවිය
සිරීපාදේ                - කොළඹ සරසවිය
කජු කැලේ             - මොරටුව සරසවිය
සයිබීරියාව             - කැලණිය සරසවිය
හන්ටින් ඒරියා        - රජරට සරසවිය
බරණැස                 - ජපුර සරසවිය
මීට අමතරව කලා පීඨයේ ආටා (Arta)හා ආටිලා ඇත. ඉන්ජිනේරෑ පීඨයේ ඉංජා (Inja)හා ඉංජිලා සිටී.වෛද්‍ය ශිෂ්‍යය ශිෂ්‍යාවන් මෙඩ්ඩා (Medda)හා මෙඩ්ඩී වන අතර වෛද්‍යවරයා ඩොකා”(Doca) හා ඩොකී වේ.විද්‍යා පීඨයේ සිටින අය සයනා හා සයනී වේ.දන්ත වෛද්‍ය පීඨයේ සිටින්නේ ඩෙන්ටා හා ඩෙන්ටී වේ.මීට අමතරව විභාගයෙන් ඉහළින්ම සමත් වන පුද්ගලයා බැච් ටොප් (Batch Top)ලෙස හැඳින්වේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අන්තරේ” “Anthare” ලෙස හදුන්වයි. 

විශ්ව විද්‍යාලයට පැමිණෙන සෑම සිසුවෙකුටම පාහේ "කාඩ් එකක්"(Card)
මඩයා          දඟරි
බාප්පා          මලී
ටාසන්          සොබනී
අම්බුජා        නාගයා
හිච්චා          පැන්චි
ෂෝටා         කෙකී
ආදී වශයෙනි.
අන් අයගේ හාස්‍යයට ලක්වෙන ලෙස හැසිරෙන්නා "ගොන් පාට්" වේ. සාමූහික කාර්‍යයන්ගෙන් මගහැර තම පුද්ගලික කරෑණු පමණක් ඉටුකර ගන්නා පුද්ගලයන් "අපතයා,අලයා"ලෙස හඳුන්වයි.











  

























සරසවි ආපන ශාලාවෙන් අඩු මුදලක් ගෙවා කෑම පිගානක් ගැනීම "අඩු කෑම" නම් වේ. සරසවියේ ඇති උප සංස්කෘතියට විරෝධය පාන සිසුන් මැඩ පැවැත්වීමට,මඩ පෝස්ටර් ගැසීම, බ්‍රහ්ම දණ්ඩනය,කුණු බකට් ආදී දේ ප්‍රධාන වේ.

විශ්ව විද්‍යාලය තුල අභ්‍යාස පංති භාරව සිටින්නා "ටියුටා"ලෙස හැදින්වේ.
 
ප්‍රේමය සම්බන්‍ධ උපභාෂාව
තරුණයෙක් හා තරුණියක් ප්‍රේම සම්බන්‍ධයක් ඇතිකර ගැනීමට "කොක්කක් දාගන්නවා"යැයි කියනු ලැබේ. මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ "ගොඩ යාම" ලෙසද පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ "හිච් වෙනවා" ලෙසද හදුන්වයි.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පෙම්වතා පොර ලෙස හැදින්වේ. අනෙකුත් විශ්ව විද්‍යාල වල පෙම්වතිය "කොක්ක" ලෙස හැසින්වේ. දෙදෙනා එක්ව පෙම්බස්දෙඩීම කොළඹ විශ්ව විද්‍යාලයේදී "කැරට් කෑම" ලෙස හඳුන්වන අතර ඔවුනට බාධා කිරීම "උදැල්ල දැමීම" ලෙසද හැඳින්වේ.
පලමු වසරේ යන ට්‍රිප් එක "බැච් ට්‍රිප්" “Batch Trip”වේ. බොහෝ විට හන්තාන කන්ද නගින්න යයි.
කණිෂ්ඨ සිසුවෙක් ජ්‍යේෂ්ඨ සිසුවියක් හා ප්‍රේම සම්බන්‍ධයක් ඇතිකර ගැනීම "ලැම්බට් වීම" (Lambut) වන අතර ප්‍රේමයෙන් පරාජය වීම හෝ අසාර්ථක වීම "ඇන ගැනීමකි".

රැග් කරන අය "රැගර්ස්ලා" (Raggers) ලෙසත් රැග් එකට විරුද්ධ අය ඇන්ටි රැගර්ස්ලා” (Anti-Raggers) ලෙසත් හදුන්වයි. ජපුර සරසවිය තුල රැග් කරන අය රැල්ලො” (Rello) ලෙසත් සහ රැග් එකට විරුද්ධ අය බොග්ගු” (Boggu) ලෙස හදුන්වයි. නවක වදය සදහා වචන බාවිත කිරිම තෙල බෙදිම” (Thela) වේ. නවක වදය සමයේදි පලමු වසර සිසුන් බිය වැද්දිම "තග දැමිම" “Thaga” වේ.

සරසවිය තුල ලියන කවි සරසවි කුරුටු ගී (Sarasavi Kurutu Gee)නම් වේ.මේවා බොහෝවිට බිත්ති,බන්කු මත,වැසිකිලි තුල හෝ හොස්ටල් තුල ලියනු ලැබේ.
Campus Kavi Sri Lanka Sarasavi Kurutu Gee

මේ ආකාරයට විශ්ව විද්‍යාල පද්ධතිය තුල වෙනම භාෂා ව්‍යවහාරයක් දක්නට ලැබේ.
මෙහිදී මූලික වශයෙන් මහා සංස්කෘතියෙන් වෙනස් වූ උප සංස්කෘතියක් ඇතිවීම කෙරේ බලපෑ හේතු කීපයකි.
·         බාහිර සමාජයෙන් වෙන් ව පැවතීම.
·         එකම භූමියක වාසය කිරීම.
·         එකම වයස් පරාසයක පිරිසක් වීම.
·         සමාන අධ්‍යාපන සුදුසුකම් ලැබූ පිරිසක් වීම.
·         සමාන කාර්‍යයන් වල නියැලීම.
·         සමාන ගැටළු වලට මුහණ දීම.

විශ්ව විද්‍යාල භාෂාව පිළිබඳ හැදින්වීමේ දී එය මහා සංස්කෘතියේ භාෂාවෙන් පැහැදිලිව වෙනස් වූවකි. විශ්ව විද්‍යාලය තුල පරිමිත භාෂා ව්‍යවහාරයකි.එනම් සමාජයේ විශේෂ වූ කාර්‍යයන් කීපයක් සඳහා පමණක් යෙදෙන්නකි.බොහෝවිට ප්‍රාදේශීය විවිධත්වය ආරක්‍ෂා වීමටත්,බාහිර සමාජයෙන් වෙන්වීමේ අවශ්‍යතාවත් නිසා මෙම විශ්ව විද්‍යාල භාෂාව ඇතිවී තිබේ.
"උප සංස්කෘතියක් යනු පොදු සංස්කෘතිය පිළිගන්නා අතර ම එයින් පැහැදිලි ව වෙනස් වූ සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ගෙන් යුක්ත වූ ජන කණ්ඩායමක හැසිරීම යි." 
University Life is a very special time in your life. It is the golden era of your life. Study the University Sub Culture and adopts to it.Then it is very easy to do your studies and Enjoy the University Life.
Lanka University News – www.lankauniversity-news.com
Extracted from Wikipedia & "Lanka University News" Website  
"ලංකා විශ්ව විද්‍යාල පුවත්" www.lankauniversity-news.com

Download PDF Doc with Photos >>>>
Share this Article with other university friends.