Tuesday, January 15, 2013

Hamuwennata Samugannata Campus Song Story


Hamuwennata Samugannata Song by Roshan Fernando lankauniversity-news.com
Hamuwennata Samugannata Song by Roshan Fernando.

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන...
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන....
මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව.... ගීතය නෙමෙයි... මම ඔයාලට මේ කියන සත්‍ය කතාව හොදින් කියවන්න..... එහෙනම් මෙන්න කතාව....

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀
2003-2004
අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... ඔයාලා දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියෙ.... ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්......

පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා... කාඩ් එක තමා බොනපාට්... මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....(අදටත් බොනපාට් කියලා පේරාදෙණිය සරසවියෙ කාගෙන් හරි ඇහුවොත් ඔහුව දන්නවා එච්චරට ඔහු ප්‍රසිද්ධයි  )

ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් සරලවම කියනවනම් පට්ටම සංවේදී... පට්ටම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි...
අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව.... කොහොමද උපාධියෙ තත්වය යාළුවනේ)

පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත.... 
ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව... එය තමයි සොබනි. ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....

යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි බාශාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම.... 
ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....

මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....

නමුත් සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා.... හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් campus එකේ යාලුවෝ කියන  විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද  මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....

නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... 
නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ රූමවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....

ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... 
ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....

උනදේ කියාගන්නත් බෑ .... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත....

ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ... 
මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

මට දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....

මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන

දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...?  මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල.... ‍

නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀
හැබැයි මෙහෙදී මම එක දෙයක් සදහන් කරන්න ඕන... සොබනි දැන් හොදින් ජීවත් වෙනවාලු .. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවාලු ... ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ... අනික මට මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා.... ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක්ගෙන් මේක අහපු වෙලාවේ  කියපු කතාවක්.... 

මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ... ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා... "අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ, ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර ගියේ නෑ...... "

32 comments:

  1. amooooooooooooooooooooooooooooooo

    ReplyDelete
  2. it's true that he didn't care about himself,...although everyone helped bonapart for his love ,@ last he is blamed from others who helped him for his love.....i feel very sorry about bonapart....that's how love affect for heart....

    ReplyDelete
  3. awrudu gaank tamanwa hadapu ammai thathagei sihina gana hithan nathuwa kellek hinda a okkoma dewal winasa karaganne modayek.samaje gana terumak nati harakek,subject kata padam karala goda daa gaththata awaboodaya labenne na,koma hari watina jeewithayak tama nati une.. :(

    ReplyDelete
    Replies
    1. Adaraya e trm hitata tadin kawadina deyak saho..

      Delete
  4. uba oya kiyana subject kata padam karala goda da geneema ubalage subject walata nam hari eti..meuwata kiyala ube moda kama pradarshanaya karan epa

    ReplyDelete
  5. yeah.... eka aththa. katapadamin hamadema karanna ba. but bonapat igenimata daksha unata loku modayek.

    ReplyDelete
  6. bona paat kara gaththe moda wadak.eyage jivitheta lagadi awa giral gana hitan nathuwa eyata hithanna thibbe eyage ammalawa.ane manda me loke adaren paradena hamoma owage moda wada karanna giyoth apita ,ape rtata hoda expert la thawa kohen hoyannada

    ReplyDelete
  7. sanwedii kama vidiyata vesvalagena apu ali modakamak!
    mehema moda katath rasa kara kara kiyala ne!

    ReplyDelete
  8. apoi maha moda wadak.....mole thibunath hitha hadaganta bari tharam kochchra bolladada A wage thawath aya oya wage wadak karanakanma andurganta bari wena ekai duka..........................................

    ReplyDelete
  9. කෙල්ලෙක් කොල්ලෙක් නිසාවත් කොල්ලෙක් කෙල්ලෙක් නිසාවත් මේ වගේ විපතක් කර නොගනිත්වා කියන එක තමයි කියන්න තියන්නේ,එයාව ඒ කෙල්ලට වටින්නේ නැති උනාට එයාට ආදරය කරපු කොච්චර අය ඉන්න ඇත්ද,ඒ කෙල්ල එයාට අසාධාරණයක් කළා වගේම බොනපාට්ට ආදරය කරපු අයටත් ඔහු කලේ අසාධාරණයක්.ඉගෙන ගත්තට මෝඩයි

    ReplyDelete
  10. sobani ai dann na ne tharaha une

    ReplyDelete
  11. someone was FALLEN in love

    ReplyDelete
  12. mara dukai. eth bonapartta tibuna eyata panavage adarayakarana demapiyan gena hitanna.mokada me loke mukuthma balaporoththu novee apata adaraya karanne demapiyan vitharak hinda

    ReplyDelete
  13. me yaka aashiqui 2 pennala neee 2003di lanlawe pattama gon buwek :D :D aiyo salli :P

    ReplyDelete
  14. pera uni enne hamoma bonapartlath namai hamoma sobanilath namai

    ReplyDelete
  15. adare ehema thamai.adare issaraha minissu andawenawa kiyanne ekane

    ReplyDelete
  16. ජීවිතේ සුන්ඳර කරන්න වගේ ලංවෙන සමහරු තමා අන්තිමේදි ජීවිතේ අපායක් කරන්නෙත්..

    ReplyDelete
  17. eyata mole tibunata eyage personality eka weak.godak sanwedi wena ayata prash nawalata munadenda ba.parajaya baraganda ba! eka pattakin meka ape education system eke durwalakamak!
    api godanaganne vibhagen pass wena eth givithen fail wena lamai

    ReplyDelete
  18. adaraya boladai kiyanne meka thamai.eka adare hati.eth me wage thathwayak daraa ganna manussayekta puluwan wenna oni.eth bonapatge jeewithe punchi kale idanm thibunu hadagaseem ekka eka amaru una eyata.eya pawule ekama daruwa.hurathaleta thamai eya hadune wadune.eyata e nisa me adare ahimi unama e de dara ganna tharam manasika shakthiyak eya laga thibune ne.eka nisa me siddiya bonapatge moda kamak kiyala kiyanna mama kamathi na.eka eyage jeewithe hadagasma anuwa eyage daraa ganeeme nohakiyaawa.

    ReplyDelete
  19. Bonapart pau neda aththata....

    ReplyDelete
  20. ane manada awankawa adare karana kellanta sobani wage aya nindawak. me prashnedi bonapart waradi athma shakthiya nathi nisa wagema demapiyo ,ayata awankawa adare karapu yaluwo gana wagema thamange hakiyawa gana nohithuwa nisa. ath sobani nam godak waradi sanwedi manussayekuta ishta karanna beri balaporoththu denna hoda ne. aka jeewithayak akka karana awadanam sellamak. aka nisa thama kiyanne adare viwahaya wage dewala gana hodata hithala theerana ganna ona kiyala. okata ketiyen kiyanna thiyenne HAGEEM KRIYATHMAKA KIREEMATA PERA BUDHDHIYEN AWASARA GANNA KIYALA. mn hithena vidihata aka dennatama galapenawa. ath sobani nam gdk waradi.

    ReplyDelete
  21. Just enjoy as a story. This is not a 100% true. :)

    ReplyDelete
  22. Kello ohomamai..
    paw kolla..

    ReplyDelete
  23. Kenekta adare kiyanne mulu jiwithema wenna puluwn.eth thawat kenkta adare kiyanne jiwithe kotasak vitharai.sobani a wage kenek wenna athi.bonatpart marenna tharam asarana uneth atthatama adare krapu nisa.adare sellamak nemei.eth jiwithe kiyanne adare vitharakut nemei.ratata watina jiwithayak nathi karagnna kalin thamnta gdk adre krana amma thatta gana hithanna thibuna.atthatama bonapart pau.hagim walata wahal wela thirana ganna narakai.

    ReplyDelete
  24. Kawru moda kamak kiwwath thaman awankawama adare karapu kena thamange laga nathi unama danena duka makanna puluwan kaatada!

    ReplyDelete
  25. adare kiyanne wihiluwak newei. samahara kello (sobani wage) wage me loke hema kellama na. samahara kollo wage me loke hema kollomath na. api ashraya karanakota denaganna ona koi wage ayada asraya karanne kiyala.

    ReplyDelete
  26. kawru hari kiyannako bonapart ge eththama nama mokdda kkyala... oya kiyawili nawaththala

    ReplyDelete
  27. prashna awama katada mathaka ane owa

    ReplyDelete
  28. I am not sure whether the story is true but when I read the lyrics here I felt those are good lyrics. I wish Mr. Roshan Fernando did not sing the song as his music is too shallow to enrich lyrics in order to create successful song.
    I wish somebody like Mr. Amarasiri Peris sang it with a music composed by a talented musician.
    If so it would have been a beautiful art work.

    ReplyDelete
  29. asata asuwana maime geetayeth oya wage kathawak tiyenawa neda

    ReplyDelete
  30. කවි කීර්ති හාමුදුරුවන් නෙවෙයි ද මේ ගීතය රචනා කරේ?

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-