A special Exhibition has been organized to coincide with
the World Conference on Youth WCY 2014 which is scheduled to be held in Sri
Lanka.
The exhibition will be held at the BMICH in Colombo from
the 07th of May to 09th. The exhibition is organized by the Ministry of Youth
Affairs and Skills Development. About 50 various stall to be displayed at the
exhibition.
The exhibition themed ‘freedom’ will depict the
experiences of the youth in a country sans fear for terrorism. This exhibition
will commence at 10.00 am and go on till 10.00 pm, the Ministry further noted.
2014 මැයි මස 6 සිට 10 දක්වා මෙරට දී පැවැත්වෙන ලෝක තරුණ සමුඵවට සමගාමීව දැවැන්ත ප්‍රදර්ශනයක් පැවැත්වීමට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්යාංශය පියවර ගෙන ඇත.
මැයි මස 7
,8, 9 යන දිනයන්හි දී කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ දී පෙ.ව 10 සිට රාතී‍්‍ර 10 දක්වා මේ ප්‍රදර්ශනය පැවැත්වේ. යුධ බිය නැති රටක ශී‍්‍ර ලාංකේය තාරුණ්යය අත්විදින අසිරිය කියාපෑම සඳහා මේ ප්‍රදර්ශනය ‘‘නිදහස” යන නමින් නම්කර ඇත.
එමෙන්ම ලෝක තරුණ සමුළුව පැවැත්වෙන කාලසීමාව තුළ එය දැක බලා ගැනීමට හා සහභාගිවීමට නොහැකි දේශිය හා විදේශීය තරුණ තරුණියන් ට මෙහි ඇති වැදගත්කම අවබෝධ කරලීම , ශී‍්‍ර ලාංකේය තරුණ නිර්මාණශීලීන්ගේ දක්ෂතාවයන් ලොවට පෙන්වා දීමට අවස්ථාවක් හිමිකර දීම යන කරුණු මේ ප්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණු වී ඇත.
මේ ප්‍රදර්ශනය සඳහා විවිධ අංශ නියෝජනය කරමින් රාජ්‍ය ආයතන , රාජ්‍ය නොවන සංවිධාන හා ,විවිධ තරුණ සංවිධාන විසින් ප්‍රදර්ශන කුටි 50 ක් පමණ ඉදිරිපත් කිරීමට මේ වන විට සූදානමින් සිටී.
මෙයට අමතරව ප්‍රදර්ශනය පැවැත්වෙන දිනයන්හි දී මෙහි ආකර්ශනීය බව වැඩිකිරීම සඳහා සුවිශේෂි අංග රැසක් ද අන්තර්ගත කර ඇති අතර , දේශීය හා විදේශිය නර්තනාංග, මනාලියන් දැක්ම, විලාසිතා දැක්ම, වීදි නාට්‍ය හා කෙටි නාට්‍ය සංදර්ශන, වෙනස් වූ හැකියාවන් සහිත තරුණ තරුණියන්ගේ සිහිනය වැඩසටහන, තාරුණ්යයේ වික්‍රමාන්විත හා ත්‍රාසජනක අත්දැකීම් සහිත යතුරු පැදි හා පාපැදි සංදර්ශන ඒ අතර වේ.
ශ්රී ලාංකේය කලාවට අනුපමේය සේවාවක් සිදුකල කලාකරුවන් ඇගයීමක් ද මෙහි දී සිදුකිරීමට නියමිත අතර ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම රාති‍්‍රයේ දිවයිනේ ජනපි‍්‍රය ගායක ගායිකාවන් සහභාගි වන සංගීත ප්‍රසංගයක අත්දැකීම ලබාදීමට ද සංවිධායක කමිටුව පියවර ගෙන ඇත.
www.lankauniversity-news.com