Friday, December 13, 2013

University Leadership Training Meals Issue -CTU

University Leadership Training Meals Issue Photo Lanka
Ceylon Teachers Union charged that the Foods and meals supplied for Students those who are participating for Leadership Training is not sufficient. It is reported that few days ago Students were given only a Bun at night and the next day Rice & Dhal.
Meanwhile Higher Education Ministry strongly condemns the statement made by CTU.
Lanka University News also asked from several students those who are currently undergoing the training about this issue, They were all satisfied with the foods, meals and other facilities provided by the Sri Lanka Forces.

විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් වෙනුවෙන් මේ දිනවල පැවැත්වෙන නායකත්ව පුහුණුවේ දී ඇතැම් කඳවුරුවල සිසුනට ප්‍රමාණවත් ආහාර වේලක් ලබා නොදෙන බවට තොරතුරු ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
දෙදිනකට පෙර එක් කඳවුරක රාත්‍රියට දී ඇත්තේ බනිස්ය. ඊට පසු දින දී ඇත්තේ පරිප්පු සහ බත්ය. ඒ නිසා බනිස් හා පරිප්පු නොකන සිසුහු අපහසුතාවට පත්වූ බව දෙමාපියෝ කියති.
එම කඳවුරෙන් සිසුනට පවසා ඇත්තේ ආහාර සඳහා ප්‍රමාණවත් මුදල් ලබා නොදුන් නිසා එලෙස ආහාර දීමට සිදුවූ බවයි.
මෙම පුහුණුවට සහභාගී වී ඇත්තේ උසස් පෙළ ඉහළින් සමත් යෞවන වයසේ සිසුන් බවත්, ඔවුනට පෝෂදායි ප්‍රමාණවත් ආහාර වේලක් ලැබිය යුතු බවත්එලෙස ලබා දීමට ප්‍රමාණවත් මුදල් ලබා දිය නොහැකි නම් මෙම පුහුණුව නොපැවැත්විය යුතු බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (මුදල් හා පාලන) පී ජී ජයසිංහ මහතා පැවසුවේ ප්‍රමාණවත් මුදල් දී ඇති බවත්, එවැනි ගැටළුවක් ගැන කිසිවකු පැමිණිලි කර නැති බවත්ය. ඔයාලට ඕවා කියනනේ කවුද? ඔයාලා කියනකම් කරවුරුත් කිව්වේ  නැහැ. කියන්න බලන්න කවුද කිව්වෙ කියලා.යැයි ද අතිරේක ලේකම්වරයා පැවසීය.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසුවේ ඒ ගැන සොයා බලන බවයි. 
Source - Lankadeepa

Extracted from Anju Jayathilake's comment on this post 

I have taken part in this training, and from my personal experience I know there is not such an issue in the leadership training program. Of course we weren't given a "five-star hotel" meal. (And it's rather unfair to expect such luxuries as the government has already spent a lot of money on this). However we were given a decent meal and they(camp officials) did their best to make the students comfortable.
This training is a wonderful opportunity given for university students. Apparently some parties with their own political agenda, are trying to have their mean political gains, by disrupting Leadership training. CTU Please stay out of this!!!

www.lankauniversity-news.com

Higher Education Minister to Solve Old Syllabus Students crisis

ඉසෙඩ් අගයන්ගේ ගැටලුවෙන් සරසවි වරම්

Higher Education Ministry will ensure that the students who were inconvenienced by the 2012 A/L Z-score will be granted justice, Higher Education Minister S.B. Dissanayake stated December 10 after meeting Students.
He said that the government will arrange a special Scholarships program or any other arrangements to admit students for private universities in order to give relief to students who lost the opportunity to enter state universities. At the moment Ministry is considering students’ appeals and will take necessary steps soon.

ඉසෙඩ් අගයන්ගේ ගැටලුවෙන් සරසවි වරම්ඉසෙඩ් අගයන්ගේ ගැටලුවෙන් සරසවි වරම් අහිමි වූ සිසුන් තෝරා සහන සැලසීමේ වැඩපිළිවෙළක් හදනවා - උසස් අධ්‍යාපන ඇමති
2012 වර්ෂයේ පැරණි නිර්දේශය යටතේ උසස් පෙළ විභාගයට පෙනීසිටි ඉසෙඩ් අගයන්ගේ ගැටලුව හේතුවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමිව අසාධාරණයට ලක් වූ සිසුන් තෝරාගෙන ඔවුන් සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට ශිෂ්‍යත්ව හෝ සහන වැඩපිළිවෙළක් සකස් කර දෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි. දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ 10 උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.2012 වර්ෂයේ පැරණි නිර්දේශය යටතේ උසස් පෙළ විභාගයට පෙනීසිට ඉහළ ප්‍රතිඵල ලබා ඉසෙඩ් අගයන් මත සරසවි වරම් අහිමි වූ සිසුන් පිරිසක් 10 උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ සිටි අතර ඔවුන් පවසා සිටියේ තමන්ට සිදු වූ අසාධාරණයට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසයි.
මේ සඳහා දිවයින පුරා පළාත් නියෝජනය කරමින් සිසු සිසුවියන් විශාල ප්‍රමාණයක් සහභාගි වූ අතර ඔවුන් පෙන්වා දුන්නේ තම නිර්දේශය යටතේ උසස් පෙළට පෙනී සිටි සිසුන් අඩු සාමාර්ථයක් යටතේ ඉහළ ඉසෙඩ් අගයක් ලබා ගනිමින් විශ්ව විද්‍යාලවලට තේරී ඇති බවයි.
මෙහිදී පැමිණි සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක නිරත වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුව පැවැත් විණි.
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි. දිසානායක මහතා මෙහිදී පැවසුවේ මෙම අසාධාරණයට ලක් වූ සිසුන් යොදාගෙන විවිධ පිරිස් විරෝධතා, උද්ඝෝෂණ සංවිධානය කරන්නට උත්සාහ දරන බවත් මොවුන්ගේ අභියාචනා එකින් එක සලකා බලමින් උපරිම සහනයක් සලසා දීමට බලා‍පොරොත්තු වන බවයි.
විශ්ව විද්‍යාල සඳහා 2012/2013 අධ්‍යයන වර්ෂ සඳහා සිසුන් බඳවා ගැනීමේදී පැරණි නිර්දේශය යටතේ 15 කුත්, නව නිර්දේශය යටතේ 85 බඳවාගෙන ඇති බැවින් ඔවුනට අසාධාරණයක් සිදු වී ඇතැයි පෙනෙන්නේ නැති බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියමය අනුව 2012 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් නව සහ පැරණි නිර්දේශ යටතේ පෙනීසිටි සිසුන් ජනගහන දෙකක් ලෙස සැලකීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කළ බවත්, අධිකරණ තීරණයට අනුව බඳවා ගැනීම් සිදු කිරීමට මේ වන විට සිදුකර ඇති බැවින් සිසුන්ගේ දැඩි ඉල්ලීම මත මෙම ශිෂ්‍යත්ව සඳහා සහන ලබාදෙන බව අමාත්‍යවරයා පැවසීය.
ජනවාරි වන විට ඉංජිනේරු හා වෛද්‍ය පීඨවල වැඩකටයුතු ආරම්භ කරන බවත්, පෙබරවාරි මස වන විට සියලුම අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බවත්, එස්. බි. දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Source : Rivira

Related News - Registration Letters December End
                       - Complaints from Old Syllabus Students


www.lankauniversity-news.com

Thursday, December 12, 2013

Rajarata University Students Sathyagrahaya

Rajarata University Students Union has decided to launch a Sathyagraha campaign until officials remove the class suspension over 27 undergraduates.
Meanwhile last week, 22 students of the Rajarata University were handed down one year prison sentences each. The verdict was delivered when the students were produced before Anuradhapura Additional Magistrate Chandima Edirimanne. The case was filed against the students over charges of vandalising university property and attacking a group of persons including the Dean of the Management Faculty of the Rajarata University.
ආණ්ඩුව කරගෙන යනු ලබන අධ්‍යාපනය විකිණීමට එරෙහිව සටන් වදින සරසවි ශිෂ්‍ය ප්‍රජාව මර්දනය කිරීමේ එක පියවරක් ලෙස රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 27 දෙනෙකුට අසාධාරණ ලෙස පන්ති තහනම් පැනවීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කර තිබිණ. ඒ අනුව මෙකී අසාධාරණ පන්ති තහනම් 27 ඉවත් කර ගැනීම අතුලු ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාලයේ සිසුන් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක නිරත විය. නමුත් අදාළ ගැටලු විසඳීම සම්බන්ධයෙන් උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලනය කිසිඳු තීරණයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම විරෝධතාව උපකුලපති කාර්යාලය දක්වාම ගෙන යාමට සිසුන්ට සිදු විය. ඒ අනුව ඔක්තෝම්බර් මස 30 වන දින උපකුලපති කාර්යාලය අසලටම ගිය සිසුන් සිය විරෝධතාවේ නිරත විය. එහිදී උපකුලපතිවරයා ලිඛිත පොරොන්දුවක් ලබා දෙමින් පවසා සිටියේ මාසයක් ඇතුලත පන්ති තහනම් සම්බන්ධයෙන් විසදුමක් ලබා දෙන බවයි. නමුත් අදාළ දින 30 ඉක්ම වී සතියකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇතත් කිසිඳු තීරණයක් ගැනීමට පරිපාලනය අපොහොසත් විය.
ඒ අනුව අසාධාරණ පන්ති තහනම් 27 ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් මුලික කරගනිමින් යලි සටන් ක්‍රියාමාර්ග වලට පිවිසීමට සිසුන් තීරණය කර ඇත. ඒ අනුව අද දවසේදී විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් පවතී අතර විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය දෙපස රැදී සිටිමින් පැය 2 කට අධික කාලයක් විරෝධතාවේ නිරත විය.
එම සටන් ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවරක් ලෙස හෙට (10) දිනයේ සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් පැවැත්වීමට රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය තීරණය කර ඇත. එහිදී කිසිඳු එකගතාවකට පැමිණීමක් සිදු නොවන අතර සියලු ගැටළු වලට ස්ථීර විසදුම් ලබා දෙන තුරු සත්‍යග්‍රහයේ නිරත වීමට තීරණය කර ඇත. 
Extracted From - IUSF 
 www.lankauniversity-news.com

Grade 5 Scholarship Cut Off Marks for Popular Schools

Full List >>>>>>

Royal College Colombo 186
Vishaka College 186
Dharmaraja College Kandy 184
Mahamaya College 183
Ananda College 183
Pannipitiya Dharmapala Vidyalaya  174
Horana Thakshila Vidyalaya 174



2013 Full School List >>>>>>


The Education Ministry says that the cut-off marks for selection students for popular Schools of Grade 5 Scholarship Examination will be released 18th December 2013.
 

 www.lankauniversity-news.com

Sri Lanka University Entrance Problems for Old Syllabus

Sri Lanka University Entrance Problems for Old Syllabus
A 3 ගත්තත් සරසවි දොර වැහිලා-සිසුන්ගෙන් ඇමැතිට පැමිණිලි
පසුගිය වසරේ පැවැති උසස්පෙළ විභාගයට තෙවැනි වරට පෙනී සිටි සාමර්ථයන් තුනක්ලබා සිටින සිසුන්ටද විශ්වවිද්යාලවලට ඇතුළත් වීමට නොහැකි වී ඇතැයි විභාගයට පෙනී සිටි පිරිසක්උසස්අධ්යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතාට 10 වැනිදා දැනුම් දුන්හ.

විද්යා හා ගණිත අංශයෙන් විභාගයට පෙනී සිටි අයෑදුම්කරුවෝද මේ අතර සිටින බව ඔවුහු ඇමැතිවරයාට දන්වා සිටියහ.

නව හා පැරණි නිර්දේශ දෙක යටතේ විභාගයට පෙනී සිටි අය එකම නිර්දේශයෙන් විභාගයකට පෙනී සිටියා සේ සලකා අවම ඉසඩ් ලකුණු නිකුත් කිරීම නිසා මෙ ගැටලු සහගත තත්ත්වය ඇතිවී තිබෙන අතර ඇමැතිවරයා ඔවුන්ට දැනුම් දුන්නේ හැකි උපරිම සාධාරණය ඉටු කරන බවය.
Source : Divaina
www.lankauniversity-news.com

Wednesday, December 11, 2013

University Registration Letters to be post from December End

University Registration Letters to be post from December End


University Registration Letters to be post from December End

University registration letters for the academic year 2012/2013 will be posted from December End says University Grants Commission. The date of registration, selected university and selected course are mentioned in these letters.

Meanwhile, courses in Medical faculties are scheduled to start at the mid of January 2014 while engineering, Dental and veterinary courses will commence at the end of January 2014. All other university courses are scheduled to commence by February & March 2014.

University Leadership training program 2nd Batch selected students Name list has been released to the Official Web Site.  Students can check whether you have selected for 2nd Batch by entering your National Identity Card Number (NIC). http://pop.nodes.lk/mohesys/ and   http://www.leadership.mohe.gov.lk/
 
If your name doesn't appear that mean you will be selected for Third Batch. Third Batch Name list will be will be updated January first week.
www.lankauniversity-news.com