Friday, August 8, 2014

Sabaragamuwa University Tamil Student Attacked

Sabaragamuwa University Tamil Student Attacked
Injured student - Photo (NewsTamilWin)
Chandrakumar Sudarshan a student of Sabaragamuwa University ,Social science and language faculty attacked by unidentified gang on August 3rd. Attackers entered the hostel early morning and carrying out this brutal attack. Later he was admitted to the hospital with cut injuries. Inter University Students Federation IUSF strongly condemn the attack and carried out a protest against it.

සබරගමුව සරසවි සිසුවාට එල්ල කළ ම්ලේච්ඡ ප්රහාරය හෙළා දකිමු!
ජාතිවාදී ගැටුම් ඇතිකිරීමේ පාලකයන්ගේ උත්සහයට එරෙහිවෙමු!

අගෝස්තු 03 අලුයම 3.00 පමණ සමාජවිද්යා පීඨයේ පළමු වසර ශිෂ්යයකු වන ශාන්තිකුමාර් සුදර්ශන්ට මැර ප්රහාරයක් එල්ල වී තිබේ. කිලිනොච්චිය මුහුමලේ පදිංචි දමිළ ශිෂ්යයෙකු වන ඔහු මේ වන විට රෝහල් ගතව ප්රතිකාර ගනු ලබයි. ඔහු පවසන අන්දමට නාන කාමර යට යෑමට පැමිනි අවස්ථාවේ එක්වරම පැමිනි පස් දෙනෙකුගෙන් යුත් මුහුනු ආවරනය කරගත් පිරිසක් මෙම පහර දීම කර ඇත.ඔහු හදුනාගෙන ඇති ආකාරයට වයස අවුරුදු 30ත් 40ත් අතර වන මෙම පිරිස පළමුව ඔහුගේ මුව තුළට රෙදි කැබැල්ලක් ඔබා, හිසට පොලු පහරක් එල්ල කර ඇති අතර එහිදී ඔහු සිහිසුන්ව ඇත. සහෝදර ශිෂ්යයින් ඔහුව සොයාගෙන ඇත්තේ ශරීරය පුරා කැපුම් තුවාල සහිතවයි.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ පළමු වසර සිසුන් පමණක් සිටින "ශාන්ත බණ්ඩාර " නේවාසිකාගාර භූමිය තුළදීයි. එමෙන්ම ඊයේ රාත්රියේ එම සිදුවීම වූ ස්ථානය අවට දමිළ සිසුන්ට දින 10ක් තුළ පිටවන ලෙසත්, නැතිනම් වෙඩි තබන බවත් දමිළ ශිෂ්යයාවන් දූෂන්ය කරන බවත් ආදිය සඳහන් කරමින් දෙමළ හා ඉංග්රිසි බසින් දැන්වීම් කිහිපයක් අලවා ගොස් තිබේ. මීට පෙර ජුලි මස 11 වැනිදාත් රාත්රි කාලයේත් එම නේවාසිකාගාර භුමියේ එම ආකාරයෙන්ම දමිළ ශිෂ්යයන්ට එරෙහි ජාතිවාදී වැකි දැක්වෙන දැන්වීම් ඇලවීමක් සිදු කර තිබේ.

අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ් බලමණ්ඩලය ලෙස අපි මෙම සමස්ත සිදුවීම තරයේ හෙලා දකිමු. එමෙන්ම මෙම සිදුවීම හරහා හෙළිදරව්වන පාලකයින්ගේ දේශපාලන උවමනා පිළිබද සමස්ත සමාජයම අවධානය යොමු කර යුතු බව අපගේ අදහසයි.
ලාංකීය සමාජය වසර 30, දරුණු යුද්ධයක මුහුන දී ඇත. පාලකයන්ගේ බල අරමුනු නිසා දීර්ඝකාලීනව සමාජය තුළ වැපුරූ ජාතිවාදය, එනම් දකුනේ සමාජය තුළ දෙමළ විරෝධයක් ඇති කරමින් බලය එක් රැස් කරගනිමින් රැගෙන ගිය මාර්ගයේ අවසන් ඵලය ලෙස වසර 30 ජාතීවාදී යුද්ධයකින් බැට කෑමට සමස්ත සමාජයටම සුදුවිය. එම යුද්ධය අවසාන වී, ලේ ගද නික්ම යෑමටත් මත්තෙන් නැවත වතාවක් සිංහල සමාජය තුළ නොතිබු මුස්ලිම් විරෝධයක් ඇති කරමින් පසුගිය වසර තුළ සිදු කරන ලද ජාතිවාදී ඇවිස්සීම මේ වන විට "මරා දැමීම " දක්වා රැගෙන විත් ඇත. අලුත්ගමදී පසුගියදා අපි අත්වින්දේ එම කටුක යථාර්තයයි. ආණ්ඩුව විසින් අනුග්රහය දක්වන අන්තවාදී කල්ලි වල මැදිහත් වීම මත එම සිදුවීම සිදු වූ බව මේ වන විට සමස්ත සමාජයටම නොරහසකි. කොයි තරම් සිල් රෙදි පොරවාගත්තද පාලකයින් සැබෑ ප්රශ්න යටගැසීමටත්, තමන්ට විරුද්ධව එල්ල වන විරෝධය යටගැසීමටත්, සැබෑ ප්රශ්න සඳහා එකමුතු වන පීඩිතයින් භේද කිරීමටත් ජාතිවාදය, ආගම්වාදය ඇතුළු සියළු වර්ගවාදයත් ම්ලේච්ඡ ලෙස යොදා ගන්නා බවට ලාංකීය මෙන්ම ලෝක ඉතිහාසයද සාක්ෂි දරයි. එහිදී ඕනෑම ජාතික ප්රජාවකට, ආගමකට අයත් ඕනැම ගනනකගේ ජීවිත වලින් මිලගෙවීමට වුවද පසුබට නොවන බවද මෑත ඉතිහාසය වුව සාක්ෂි දරයි.මෙම සිදුවීමද එවැනිම ආකාරයේ මැදිහත්වීමක් බව අපගේ විශ්වාසයයි. 

අධ්යාපනය වෙළද භාන්ඩයක් කිරීමේ වත්මන් පාලකයින්ගේ උත්සහයට, එහිදී එල්ල වෙන මර්ධනයට එරෙහිව ධෛර්ය සම්පන්නව සටන් කරමින් , සටන් ජයගනිමින් ශිෂ් ව්යාපාරය අරගල කරන මේ මොහොතේ විවිධ ආකාරයෙන් එම අරගලය මර්ධනය කිරීමට උත්සහ කළද නොහැකි වූ තැන, තමන් සතුව ඇති "අනර්ගතම ඔසුව" වන ජාතිවාදය සඳහා යොදාගැනිමට කරන උත්සහයක ආරම්භයක් ලෙස අපි මෙම සිදුවීම වටහා ගනිමු.

මේ වන විට සබරගමුව සරසවිය ආණ්ඩුවේ රූකඩ උපකුලපති ඇතුළු පරිපාලනය යොදා ගෙන ශිෂ් මර්ධනය කරමින්, එළිමහන් සිරකදවුරක් බවට පත් කර ඇත.රජරට විශවිද්යාලයේ අරගලයට සහයෝගය දෙමින් එම සත්යග්රාහ අට්ටාලයේ දිනක් වාඩි වූ හේතුවෙන් ශිෂ් සංගම් සභාපතිවරයා මාස හයකට පන්ති තහනම් කිරීමේ තීන්දුව ඊට ශාක්ෂි සපයයි. එවන් තත්වයක් තුළ පිරිසකට විශ්වවිද්යාලයේ නේවාසිකාගාර භූමියට පැමින ශිෂ්යන් එනතුරු රැදී සිට මෙවැනි සැලසුම් සහගත ප්රහාරයක් එල්ල කර, දැන්වීම් අලවා යෑමට හුදෙකලා කන්ඩායමට සිදුකළ නොහැකි බව සිහිබුද්ධියක් ඇති ඕනෑම අයෙකුට වැටහෙන කරුනකි. ආරක්ෂක ලේකම්වරයාට අයත් අධික මිලක් ගෙවා ලබාගත් "රක්නාලංකා" ආරක්ෂ අංශයේ නිලධාරීන් ඊට මදක් දුරින් සිටියදී එවන් සිදුවීමක් සිදුවීමත්, එම නිළධාරීන්ට ශබ්දයක්වත් නොඇසුන බවත්, කිසිදු දෙයක් නොදුටු බවත් ලබාදී ඇති සාක්ෂි අනුවත් එය තහවුරු වේ.

එබැවින් පළමු මොහොතේම මෙම පාලකයන්ගේ බලය රැක ගැනීමේ මෙවැනි ම්ලේච්ඡ උත්සහයන්ට, සමස්ත සමාජයම එරෙහි විය යුතුය. එබැවින් ශිෂ් ව්යාපාරය ලෙස අපි සබරගමුව සරසවි ශිෂ්යාට එල්ල කළ ම්ලේච්ඡ ප්රහාරය හෙළා දකිමු! ජාතිවාදී ගැටුම් ඇතිකිරීමේ පාලකයන්ගේ උත්සහයට එරෙහිවෙමු! 
ස්තුතියි.
Source : IUSF
Photo : Tamilwin

www.lankauniversity-news.com