Saturday, March 16, 2013

Peradeniya University Students Protest

පේරාදෙණිය සරසවියේ වත්මන වනවිට උද්ගතව ඇති නේවාසිකාගාර අර්බුධය, දේශන ශාලා හිගය ආදීවූ ගැටලු වලට වහා පිළියම් යොදන ලෙස පාලකයින්ට බලකරමින් සහ පරිපාලනය විසින් සිදුකරන දූෂණ සහ වංචා වලට එරෙහිව විරෝධතාවය පල කරමින් දැවන්ත උද්ගොෂණයක් අද පේරාදෙණිය විශ්වවිද්යාලයීය සනාතන මන්දිරය ඉදිරිපිටදි පැවැත්විණි.
පේරාදෙණිය විශ්වවිද්යාලයේ සත්ව පාලනය හා මත්ස් විද්යාව උපාධි පාඨමාලාව නවතා
දැමීමේ උත්සාහය සහ කළමනාකරණ උපාධි පාඨමාලාවේ සිසු කප්පාදුවට එරෙහිව ජනතා අත්සන් එකතුකිරීමේ ව්යාපාරයක් පේරාදෙණිය විශ්වවිද්යාලයේ මහා ශිෂය සංගමය විසින් අද දෙවන දිනටත් (2013.03.13) මහනුවර නගර මධ්යයේදී පැවැත්විනි. IUSF

Rajarata University News Sri Lanka

Rajarata University Students have launched a Protest campaign over issues related to extra admission in local universities.
2011 වර්ෂයේ උසස් පෙළ ප්රතිඵල සම්බන්ධයෙන් සිදු වූ Z-Score අර්බුදයෙන් අසාධාරණයට පත් වූ ශිෂ් ශිෂ්යාවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා එම වසරේ විශ්වවිද්යාල ප්රවේශය සඳහා අතර සිසුන් 5609 ප්රමාණයක් මෙරට ජාතික විශ්වවිද්යාල පද්ධතියට ඇතුලත් කරගැනීමට අධිකරණ තීන්දුවක් දෙනු ලැබීය. දෙවන වරටද අධිකරණය මඟින් එම තීන්දුව සනාථ කරමින් අදාළ අමතර සිසු පිරිස බඳවා ගැනීමට කටයුතු කරන ලෙස අධ්යාපන බලධාරීන්ට උපදෙස් ලබා දුන් බව නොරහසකි.

මේ වන විට නවක සිසුන් විශ්වවිද්යාල වල ලියාපදිංචිය කිරීම ආරම්භ කර ඇති අතර ලියාපදිංචි වී ඇති ශිෂ් සංඛ්යාව සැලකීමේදී පැහැදිලි වන කාරණය නම් ආණ්ඩුවේ බලධාරීන් අමතර සිසුන් ගැනීමට කටයුතු කරන බවට ප්රකාශ කරමින් මෙරට ජනතාවට කර ඇත්තේ බරපතල ප්රෝඩාවකි.රජරට විශ්වවිද්යාලයේ දැනට නවක කණ්ඩායම් සඳහා ලියාපදිංචි වී ඇති ශිෂ් සංඛ්යාව සැලකීමේදී, කළමනාකරණ අධ්යයන පීඨය සඳහා ප්රවේශ 395 ක් ලබා දී ඇති අතර මේ වන විට ලියාපදිංචිය සිදු කර ඇත්තේ සිසුන් 309 ක් පමණි. කෘෂිකර්ම පීඨය සඳහා ප්රවේශ 155 ක් ලබාදී ඇති අතර ලියාපදිංචි වී ඇති ශිෂ් සංඛ්යාව 58 කි.ව්යවහාරික විද්යා පීඨය සඳහා සිසුන් 405 කට ප්රවේශ ලබා දීමට නියමිතව තිබුනද තොරතුරු තාක්ෂණ අංශය හැරුණු විට අනෙකුත් අංශ සඳහා ලියාපදිංචි වීමට ලිපි මගින් දැනුම් දීම් සිදු කර ඇත්තේ සිසුන් දෙනෙකුට පමණක් වන අතර එයින් ලියාපදිංචි ශ්සිෂ් සංඛ්යාව 95 කි.

මෙම ශිෂ් සංඛ්යාව සැලකීමේදී පෙනී යන පැහැදිලි කාරණය නම් දැනට විශ්වවිද්යාලයේ සිටින සංඛ්යාවටත් වඩා එම ප්රමාණය අඩු බවයි. අමතර සිසුන් බඳවා ගන්නා බවට  අධ්යාපන බලධාරීන් කයිවාරු ගැහුවද , මාර්තු 1 වනදා පවතී උසස් අධ්යාපන අමාත්යංශ රැස්වීමේදී උසස් අධ්යාප අමාත්යවරයාගේ හා ජනාධිපතිවරයාගේ ප්රකාශයන් සැලකීමේදී පැහැදිලි වන කාරණය නම් අමතර සිසුන් පිරිසක් බඳවා ගැනීමට කිසිඳු වගකිවයුතු අංශයක නිසි සුදානමක් නොමැති බව හේතුවෙන් සිසුන් දහස් ගණනකගේ ජීවිත බලහත්කාරයෙන් අනතුරක හෙලීමට මොවුන් කටයුතු කරන බවකි. අද වන විට රජරට විශ්වවිද්යාලයේ අධ්යයන හා සුභසාදන ගැටලු පිලිබඳ සලකා බැලීමේදී අර්බුද රැසක් පවතී.විශ්වවිද්යාලය තුල පවතිඅන මාර්ග පද්ධතිය සැලකීමේදී අද දක්නට ඇත්තේ මාර්ගය දෙපස මෙන්ම මැද  ඇති විශාල දිය අඟල් . රජරටටම ඇති ජල ප්රශ්නය විශ්වවිද්යාලයට නැතැයි කියන ලේකඛාධිකාරීවරයා මෙම ප්රශ්න විසඳීමේ කිසිඳු උවමනාවක් අද වන විට නොමැත. නේවාසිකාර සම්බන්ධයෙන්ද අර්බුදය එසේමය. 2007 වර්ෂයේ ශිෂ් අරගලයක් මඟින් ලබා ගත පොලිස් නිවාස පද්ධතිය වසරක් ඇතුලත විශ්වවිද්යාලය සතු වියයුතු වුවත් තවමත් එම නිවාස පොලිස් නිවාස ලෙස භාවිතයට ගන්නා අතර එම නිවාස විශ්වවිද්යාලයට ලබාදීමට කටයුතු කරන ලෙස අප කළ සාධාරණ ඉල්ලීම් වලට මෙතෙක් කිසිඳු යහපත් ප්රතිචාරයක් ලැබී නොමැත.

ජනාධිපතිවරයා විවේචනය කළහොත් ශිෂ් සංගම් තහනම් කරන බවට තර්ජනය කරන උපකුලපතිවරයෙක් සිටින මොහොතක ,මහා ශිෂ් සංගමයේ සභාපති සහෝදරයාට මරණීය තර්ජන එල්ල වන මොහොතක සාකච්ඡා මාර්ගයෙන් අදාල ගැටලු විසඳීමට යාම ප්රතිඵල දායක නොවන බව අපගේ මතයයි. අනුව මෙම සියලු ගැටළු වලට විසදුම් ලබාදෙන ලෙස ආණ්ඩුවටත් විශ්වවිද්යාල පරිපාලනයටත් බලකිරීමේ උද්ඝෝෂණයක් රජරට විශ්වවිද්යාලයීය මිහින්තලා පරිශ්රයේදී ඊයේ (11) දහවල් පැවත්විණ. මේ සඳහා විශ්වවිද්යාල සිසු සිසුවියන් දහසකට අසන්න පිරිසක් එක්ව සිටියහ.IUSF