Wednesday, November 28, 2012

Penena Nopenena Duraka Indan Song True Story-Athma Liyanage

Campus Wall Paper-Japura-Sri Lanka
The True Story of famous song “Penenana Nopenena Duraka Indan” by Athma Liyanage.

Title
Penena Nopenena Duraka Idan ( Ayemath Adaren)
Artist/s
Athma Liyanage
Thilina Ruhunage
Lyrics
Rachitha Vakista
Music
Thilina Ruhunage



❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀


පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව.

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ සිත් කවියළඟ දහසකුත්
 දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ.

ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ සිත් කවියඅද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත රැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස් කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා. සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත් එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක් වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේ ප්‍රේමය කාලයත් සමඟම තීව්‍ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.

එක්තරා උදෑසනක රචිතා සිත් කවියට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා. ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු සිත් කවියටනිසඳසක් ලියලා. රචිතා ඒක කියෙව්වා.

ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’.

මේ ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්‍යාලයට නිවාඩු ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක් ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය. ඇය ඒ අදහස් ගොන්න කලතලා මෙන්න මෙහෙම ලියනවා.





❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්.
නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත්.
ආදරෙන්

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා.
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා.
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා.
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා.

නුහුරු නුපුරුදු හීන අරන්.
ළඟට ඇවිදින් තුරුළු වෙමින්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා.
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා.
ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා.
අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා.

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

ඉතින් එලෙස ලියූ මෙම ගීතය ආත්මාගේ ලියතඹරා ගීතයෙන් පසුව ගායනා කල හොදම ගීතය බවයි රසිකයන්ගේ අදහස..

ඒ වගේම විශ්ව විද්‍යාලයේ නිවාඩුව අවසන් වෙලා ආ රචිතා කලා පීඨයට ඇතුල්වන මාවත දිගේ ඇවිදගෙන එනකොට ඒ ගීතය මුලු පරිසරයම වෙලාගෙන බවක් හැගී ගියා.. ඒ මොකද බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් එම ගීතය තම තමන්ගේ ජංගම දුරකතන නාදවීමට යොදාගෙන ඇති හින්දා..

ඒ වගේම ඔබ දන්නවාද මේ ගීතයේ සත්‍ය කතාව ඒ ආකාරයෙන් සිත් කවියේ රචනා කල පෙම්වතුන් යුවලට ඉන්පසු වූයේ කුමක්ද කියලා ?

මේ ගීතය ඇසූ ඔවුන්ගේ දෙමවුපියන් හා නෑදෑයින් එම යුවලට සදහටම එක් වන්නට ආශිර්වාද කරලා..

එක් සින්දුවක් අපගේ හිතට ඇති කරන්න පුලුවන් බලපෑමක් වගේම එම දෙපලට එක්වන්නට ලැබීමත් කෙතරම් අපූරුද..






Source: Face Book Group - අයියෝ සල්ලි

Related Article : හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන ගීතයේ කතාව

17 comments:

  1. විස්වාසවන්ත කොල්ලාMarch 13, 2013 at 3:36 PM

    මෙ කතාව අපිත් එක්ක ඛෙදාගත්තාට ස්තූතියි

    ReplyDelete
  2. CHALANA AMARASINGHEJune 19, 2013 at 2:20 PM

    JIVITHETH MAHA PUDUMA HITHEN ATHTHA KATHAWAK

    ReplyDelete
  3. Niyamai..........................

    ReplyDelete
  4. soduru alawantha sithamak. Love story 2013.

    Rohan somanayake.uni pera eng.

    ReplyDelete
  5. soduru alawantha sithamak. Love story 2013.

    Rohan somanayake.uni pera eng.

    ReplyDelete
  6. 100% boruwak anithimatama thiyana tika :P

    ReplyDelete
  7. Thnx tawat me vge gee arut apita denna

    ReplyDelete
  8. Thnx tawat me vge gee arut apita denna

    ReplyDelete
  9. Thnx tawat me vge gee arut apita denna

    ReplyDelete
  10. මේ කියන කතාව නම් ගොඩක් වෙනස් එකක්. මේ කතාව දැන් නම් කාටවත් මතකත් නැහැ. ඒ තරමට පරණයි. එත් මේ ලිපිය දැක්කම එයාට මේකේ ලියන්නම හිතුනා.
    තමන්ගේ යාලුවෙක් එක්ක කතා කරන ගෑනු ලමයව දැක්කම මිනිහට ඇති උනේ අමුතුම හැගීමක්. නිකන් කලින් මුණ ගැහිලා තියෙනවා වගේ. පස්සේ ඒ දෙන්නා හොඳම යාළුවො වෙනවා. දෙවෙනි වසර වෙනකොට ආදරවන්තයොත් වෙලා. ගෑනු ළමයා ඇහැට කනට පේන කෙල්ලෙක්. කොල්ලා නම් සාමාන්‍ය කොල්ලා. ගෑනු ළමයට සල්ලි බාගෙත් යහමින්. ඒ වුනත් කිසිම ආඩම්බර කමක් නැති පවුලක්. දෙන්නම හිතින් අවුරුදු දහයක් සැලසුම් කරලත් ඉවරයි. හදන ගේ , ඇති කරන බල්ලෝ. ගෑනු ළමයට හැබැයි සෑහෙන්න අනංග බැල්ම දානවා කොල්ලෝ. එකට ඉතින් කොල්ල කැමති නැහැ. කොල්ලට තරහත් යනවා.. කොහොම හරි අන්තිමේ මේ තරහ නිසාම කෙල්ල තීරණය කරනවා සම්බන්ධය නවත්තන්න. ගහෙන් ගෙඩි එනවා වගේ.
    එයා කොල්ලට කියනවා මේක දෙන්නගෙම හොඳට ගත්තු තීරණයක් කියලා. එහෙම කියල ගෑනු ළමය එයාගේ ජීවිතේ වෙනම අරන් යනවා. උපාධිය ස්පෙශල් කරනවා. ක්ලාස් එකකුත් දානවා. කොල්ලා ස්පෙශල් එකත් නැති කර ගන්නවා. උපාධිය යන්තම් ගන්නවා.
    තුන්වන වසරේ දවසක කොල්ලා කොම්පුයුටර් ලැබ් එකේ fb බලනකොට පේනවා ගෑනු ළමය වෙන කොල්ලෙක් එක්ක තුරුල් වෙලා වගේ ෆොටෝ එකක්. ඒ තරම් කම්පනයක් මිනිහට කවදාවත් දැනිල නැහැ. මිනිහට වෙන කෙල්ලෙක් ගැන හිතන්නත් බැහැ. මිනිහ ගෙදර ගිහින් මෙහෙම ලියනවා.

    තරු දෑලක දිලෙනා ලෙද තනිව නොඉන්න
    හද අමාවකෙන් තරු එළියක් එකලු කරන්න
    බැඳි හාද තෙපුල් කතා පිරුළු විසිරී යන්න
    පෙර ප්‍රේම පහන් සිල ඔබ දැන් නිවිලා යන්න

    "තරු දෑලක් එකට දිලිසෙනවා වගේ මටත් තනිකම නැති කර ගන්න , හදවතේ දැන් මේ තියෙන අමාවක කළුවර නැතිවෙන්න වෙනත් තරු එළියකට ඉඩ දෙන්න, හැමදාම ඇහෙන අපේ පරණ කතා බස් අමතක වෙලා යන්න, මගේ පෙර ප්‍රේම පහන දැන් ඔයා නිවිලා යන්න."

    සීත අඳුරු මන්දාරම් සිහින පිරිවර
    පාට කල වදන් තෙපලූ හිඳිමි සිහිකර
    හාද සිනාවෙන් රැවටූ පිරිස ඉඟි කර
    ඔබ පාන නිවා ගියෙ දිවියට අඳුර බිහි කර

    "දැන් තියෙන හිතේ අන්ධකාරේ එක්ක මං තාමත් ඔබ දුන්න පොරොන්දු සිහි කරනවා.
    මං මෙච්චර දුකෙන් ඉද්දිත් මම බොරුවට හිනා වෙලා සතුටෙන් ඉන්න බව පෙනන්නවා"

    හාද වෙලා අන් අතකට හිඳින සිතුවම
    පාලු හැඟුම් අතරේ සිත කරන විමසුම
    හද පාන හැඟුම් බිඳකට ලොව එලිය දකින්න
    රැඳි මතක වලාවේ පවනින් පාවී යන්න

    "ඔබ වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පින්තූරය මගේ හිතේ නිතරම ගැවසෙනවා.
    මටත් ඔබ වගේ අලුත් ජීවිතයකට යන්න ඉඩ දීලා දැන්වත් මගේ මතකයෙන් යන්න."

    ඒ මීට අවුරුදු නවයකට කලින් . එදා ඉඳන් කොල්ල ඒ පද ටික තනුවකුත් දාල පරිස්සමෙන් තියන් ඉන්නවා.

    හැබැයි පෙර වාසනාවකට කොල්ල කොහොම හරි හොඳ ජොබ් එකක් ගන්නවා. ලස්සන කෙල්ලෙකුත් බඳිනවා. අර ගෑනු ළමය තාම බැඳලා නැහැ. එයා තව දුරටත් උසස් අධායපනයේ. ඒ වුනත් අර කොල්ලගේ හිතේ යට තාමත් ඉන්නේ අර ගෑනු ලමයම තමයි. එක කව්රුවත් දන්නෙත් නැහැ. ඔව්ව හරි සංකීර්ණ සම්බන්ධකම්. ආත්මෙන් ආත්මෙට එන ඒවා , දන් නැද්ද ඉතින්? හැබැයි ඉතින් හිත ඇතුලේ මරෙනකන්ම ඒ ගෑනු ළමයා ඉඳීවි.
    "කිසි දෙයක් අමතක නැහැ, කිසි දෙයක් කවදාවත් අමතක නැහැ" කියල රොබින් හුඩ් කීවෙත් ඔකටම තමා. :D

    -දෙවෙනි මාවත -

    ReplyDelete
    Replies
    1. මචං අපරාදේ උඹත් ඔය සින්දුව එලියට දැම්මා නම් චාන්ස් එකක් ලැබෙන්න තිබ්බා.මොක උනත් බොක්කෙන් ලියපු බවක් පේනවා.

      Delete
    2. Pissu hadila arye hadenawa.. Mekath Colombo uni scenes ekakda?

      Delete
    3. මේ සිංදුව පුදුම හැඟීම්බර වෙයි චාමර වීරසිංහ වගේ කටහඬකින් කියෙව්වොත්❤️

      Delete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-