Sunday, February 17, 2013

World Best Love Stories - හොදම මිතුරාට පෙම් බැඳ

World Best Love Stories in Sinhala www.lankauniversity-news.com
හොදම මිතුරාට පෙම් බැඳ

ප්‍රේමය ඇතැම් කෙනකුට මැජික් බලයකි. තවත් කෙනකුට ඇස් බැන්දුමකි.

මට ජේක් මුණ ගැසුණේ මා එකොළොස් හැවිරිදි සිටියදී . මට ඔහු ලොකු අයියාගේ මිතුරාවිය. එවකට ඔහු දහතුන් හැවිරිදි . ලොකු මිනිහෙක්! ජේක් සහ මගේ සොයුරා කාමරයට වී ගන්ස් ඇන්ඩ් රෝසස්සංගීතයට සවන් දෙමින් තාලයට අනුව හිස් සොලවමින් සිටියහ.
සමාවෙන්න!යැයි කියා කාමරයට තට්ටුවක් දමා ඔවුන් දෙදෙනාට බාධා කර, කාමරයට හිස පොවා ජේක් සමඟ සිනාසීමේ ආශාවක් මට ඉපිද තිබිණි. මේ පරිගණක පිස්සාගේ යම්කිසි ආකර්ෂණීය බවක් මට දැනෙයි. එහෙත් ඔහු ෆිල්ගේ මිතුරාය. මම ෆිල්ගේ වදකාර සහෝදරියයි. මේ නිසා අප දෙදෙනා අතර පෑහීමක් ඇතිවන්නට මඟක් නොවීය.
ජේක් පුද්ගලික පාසලකට ගිය අතර, මට නොයෙක් වර ඔහු මතක් විය. එහෙත් ඉන් මාස කිහිපයකට පසුව ඔහු වෙනත් නගරයක පාසලකට යන්නට පටන් ගත්තේය. අනතුරුව වසර කිහිපයක පසු ජේක් විසින් මගේ සොයුරාට එවන ලද ලිපියක් මාතට පත්විණි. මම ඔයාගෙ නංගිව මතක් කළා කියන්න. එයා තවමත් ලස්සනද . . .?’ මේ වචන අසාගන්නට මා මාස ගණන් බලා සිටියා සේ මට හැඟුණි. මගේ හදවත හරහා විදුලි සැරයක් යවන්නට වදන් ප්රමාණවත් විය.
1993 ගිම්හානයේදී ජේක් ගෙදර ආවේය. එය සිදු වුණේ මෙසේය. එක් සන්ධ්යාවක දුරකථනය නාද විය. මා එයට පිළිතුරු දුන්විට රිසීවරය තුළින් මේ වදන් නැගී ආවේය. හෙලෝ . . . ලීසා . . . ෆිල් ඉන්නවද?’ මම මගේ මතකය පිරික්සමින් හුරුපුරුදු කටහඬ කාගේදැයි සිහියට නගා ගන්නට තැත් කළෙමි. තත්පර කිහිපයක් තුළ එය මට සිහි විය. ජේක්!
ඇත්තටම අයියා නම් මේ වෙලාවෙ ගෙදර නෑ . . . ඔයා කොහෙද ඉන්නෙ . . .?’ මගේ හඬ වෙව්ලුම් කෑවේය. ඔහු මෙසේ පිළිතුරු දුන්විට එය මට සිතා ගැනීමට පවා නොහැකි විය. ක්රෑන්බෲක්වලසිත කරණම් ගසන්නට ගුවනේ පාවෙන්නට පටන් ගත්තේය. කොල්ලා ගෙදර පැමිණ සිටියි . . .!
ඊළඟ නිමේෂයේ ඔහු මෙසේ කියන්නට ගත් කල අපේ මිතුරුදම ක්ෂණිකව ආරම්භ විණි. . . . ෆිල් ගෙදර නැතිනම් මං හිතන්නේ . . . ඔයා මාත් එක්ක කතා කරයි කියලයි . . .එදින සවසම ඔහු අපේ නිවෙස අතර අපි පැය ගණනක් දොඩමලු වූයෙමු.
හමුව සඳහා මා මිතුරියකට ඇරයුම් කළේ, ජේක් මගේ සොහොයුරාගේ මිතුරා වීම නිසා, මගේ මිතුරියකට ඇරයුම් කර සුහද හමුව සමබර කර ගැනීමේ වුවමනාවක් මට තිබූ නිසා . එහෙත් සිදුවූයේ මා කිසිසේත්ම පැතූ දෙයක් නොවේ. ජේක් මගේ මිතුරිය වන මෙල් සමඟ නොනවතින කතාවක් ඇරඹීය. දිගු කලෙක සිට දන්නා හඳුනන කෙනකු මෙන් ඇයට විහිළු තහළු කරන්නට පටන් ගත්තේය. මම අසරණව බලා සිටියෙමි. ඔවුන් දෙදෙනාට හුදෙකලා වීමට ඉඩ හැර අවසානයේ මම එතැනින් නැගිට ආවෙමි. ජේක් මා හට නොව මෙල් හට අතිශයින්ම ඇලුම් කරන බව මම වන විට වටහාගෙන සිටියෙමි.
ජේක් සහ මෙල් පෙම්වතුන් වූහ. මගේ හදවත කිඳා බැස්සේය. එහෙත් එම මාසයේ අග සතියේම මගේ සිතට ආත්මාර්ථකාමී සතුටක් එක් කරමින් ජේක් මට දුරකතන ඇමතුමක් දුන්නේය. ඔහු සිය පෙම් සබඳතාව අවසන් කර තිබූ අතර මෙල් ගැන මට පැමිණිලි කරන්නට සැදී පැහැදී සිටියේය. කුමක් කරන්නදැයි මගේ සිත අපැහැදිලි විය. මාගේ හොඳම මිතුරියක සමඟ පෙමින් බැඳී සිටි මගේ සහෝදරයාගේ හොඳම මිතුරා මා විසින් ප්රතික්ෂේප කළ යුතු , නැතිනම් පිළිගත යුතුද? මා ඔහුට ප්රේම කරන බව ඔහු දන්නේ නොදන්නේ යන්න මම නොදැන සිටියෙමි. එනිසා නිශ්ශබ්ද සිටීම වඩා හොඳ බව සිතීමි.
නැවතත් පාසල් යාම සඳහා ඔහු නගරයෙන් බැහැර ගිය මා වෙත නිරන්තරයෙන්ම ලිපි එවීමට පටන් ගත්තේය. ඒවායේ පැත්තකින් පමණක් මගේ සොයුරා ගැන මෙවැනි කුඩා සටහන් ලියැ වී තිබිණි. ෆිල් මතක් කළා කියන්න’. අපේ මිතුරුදම ශක්තිමත් වෙමින් වැඩෙන්නට විය.
වසර කිහිපයක ඇවෑමෙන් ඔහු පාසල් අධ්යාපනය හමාර කර වැඩුණු තරුණයකු බවට පත් සිටියේය. අප අන් කවරදාටත් වඩා සිතින් ළං වී සිටි නිසා මේ මිතුරුදම ගැන තීරණයක් ගත යුතු යැයි ඔහු සිතන්නට ඇත. මේ වන විට මා වටහා ගෙන සිටි පරිදි, ‘මම දැන් ඔහුට නිල වශයෙන් පෙම් කරමින් සිටින්නෙමි’!
ඊළඟ වතාවේ මා බැලීමට එන දිනය පසු දින සිටම ඔහුගේ පෙම්වතිය වීමට මම තීරණය කරගෙන සිටියෙමි. ඔහු ආවේය. අපි කතා කළෙමු. සිනාසුණෙමු. නිමක් නැති සංවාදවල යෙදුණෙමු. ඔහු හමුවන සෑම දිනයකම මම මගේ සිතට තරවටු කර ගතිමි. අද මම ඔහුට මගේ සිතිවිලි ගැන කියන්න ඕනෙ . . .එහෙත් සත් වශයෙන්ම මගේ සැබෑ සිතිවිලි පිළිබඳ පාපොච්චාරණය කිරීමට මගේ සිත මට ඉඩ දුන්නේ නැත.
දින කිහිපයකට පසු ජේක් අවසන් වතාවට ගෙදර විට මම මට මෙසේ දිවුරා ගතිමි. මේක තමයි වෙලාව. ඔබට තව වතාවක් ලැබෙන්නේ නෑ . . . නෑමයි . . .නමුත් ඔහු සුපුරුදු පරිදි සමුගෙන යන්නට පෙර මා වෙත නැඹුරු වී මට සමු දුන්නේය. පුදුමයකි! මගේ සිතට දුකක් හෝ වේදනාවක් නොදැනිණි. ඔහුගේ දෙනෙත් තුළ වේදනාත්මක යමක් නොවීය. හොඳම මිතුරකු සමුගන්නා විට දැනෙන හැඟීම පමණක් මට දැනිණි. අප හොඳම මිතුරන් පමණක් බව මගේ සිත මට තරවටු කළේය. මෙය සුරඟන කතාවක අවසානයක් නොවේ. මගේ ළමා වියේ මිතුරා මගේ ජීවිතයේ ළබැඳියා හෝ සිහින කුමරු බවට පත් වූයේ නැත. ඔහු කිසි දිනෙක මගේ හැඟීම් පිළිබඳ නොදැනගනු ඇත. එහෙත් අප තවමත් හොඳම මිතුරන් බව ඉඳුරා කියමි.

"Love is not a one day story " ආදරය එක දිනක කතාවක් නොවේ!

Story 01
Story 02

Extract From Lake House Dinamina Newspaper Tabloid Samakaya

Read More Love Stories >>>>>

Videos that you shouldn't miss..
ඔබ නැරඹිය යුතුම විඩියෝ 5 ක්.. Click Here
Watch Below

 


Watch Video 01

Watch Video 02

Watch Video 03


ww.lankauniversity-news.com


Extract From Lake House Dinamina Newspaper Tabloid Samakaya

Read More Love Stories - Click

5 comments:

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-