Tuesday, March 12, 2013

6 Japura University Students Suspended

JAPURA VC Vice Chancellor N.L.A. Karunaratna
It is reported that Japura University VC has suspended 6 university students over a ragging incident.

ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ උපකුලපතිවරයා විසින් නැවත වරක් සිසු සිසුවියන් 06 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇතැයි වාර්තා වේ. එම පන්ති තහනමට ලක්ව ඇති සිසුසිසුවියන් අතර පළමුවසරේ ශිෂ් ශිෂ්යාවන් 05දෙනෙකුත් දෙවන වසරේ ශිෂ්යයෙකුත් ඇතුළත්ව ඇත.
මෙවර විශ්වවිද්යාලට බඳවා ගන්නා ලද නවක ශිෂ් ශිෂ්යාවන් හට නවකවදය ලබාදුන්නේයැයි සඳහන් වූ චෝදනව ඔවුන්ට එල්ලකර තිබේ.
කෙසේ නමුත් මේ පිළිබඳව අපවිසින් කරන ලද සොයාබැලීමකදී අනාවරණය වූයේ මෙතෙක් ජයවර්ධනපුර විශ්වවිද්යාලයට නවක ශිෂ් ශිෂ්යාවන් බඳවාගෙන නොමැති අතර පසුගිය මාර්තු 06වනදා කලමනාකරන පීඨය සඳහා සිසු සිසුවියන් ලියාපදිංචිකීරීම පමණක් සිදුකර ඇති බවයි. එදින බොහෝ ශිෂ් ශිෂ්යාවන් තම භාරකරුවන් සමග පැමිනෙන බැවින් සහ එම සිසු සිසුවියන් පිළිගැනීමේ වැඩසටහන් සිදුකරන බැවින් එදින,උපකුලපතිවරයා චෝදනා නගන ආකාරයේ කිසිඳු කටයුත්තක් සිදුවීමේ ඉඩ කඩක් නොමැතිබවද විශ්විද්යාලයක අධ්යාපනය හැදෑරූ සැවොම දන්නා කාරණයකි.
මෙම උපකුලපතිවරයා උසස් අධ්යාපන ඇමති SB දිසානායක මහතාගේ සුවච කීකරු ගොලයෙකු වෙමින් ඉවක් බවක් නැතිව ශිෂ් ශිෂ්යාවන්ගේ පන්ති තහනම් කරමින් යන බවත් පසුගිය ජනවාරි මාසයේ සිට දිගින් දිගටමනොයෙකුත්, පදනම් විරහිත චෝදනා නගමින් ශිෂ් ශිෂ්යාවන් විශාල පිරිසක් පන්ති තහනම ලක් කර ඇති බවත් සමාජවාදී ශිෂ් සංගමය පවසයි.
පසුගියදා මෙවැනිම පදනම් විරහිත චෝදනා නගමින් පන්ති තහනමට ලක්වූ ශිෂ්යාවක් පෙනඩෝල් අධිමාත්රාවකින් පානයකර අසාධ්යව රෝහල් ගත කිරීමට සිදුවූ බවත් එවැනි උදාහරන තවත් ඇති බවත් සමාජවාදී ශිෂ් සංගමය වැඩිදුරටත් පවසා සිටී. Extract From Kannangaradaruwo

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-