One of the oldest known annual Meteor Shower (Ulkapatha Warshawak) , known as Lyrids, will be visible in Sri Lanka until April 25, says Director, Astronomy and Space Science Unit, University of Colombo Prof. Chandana Jayaratne.
More
More
ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමේ අවස්ථාව
Sri Lankan public will be able to witness bright meteors that will streak across the sky for nearly four days starting from the 10th of this month owing to the upcoming Perseid meteor shower, which will be heavily visible in the local skies.
ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමේ අවස්ථාව
අගෝස්තු 11,12 සහ 13 යන දිනයන් වන විට පැයකට උල්කාපාත 50 ක්
වර්ණවත් වැඩි උල්කාපාත ප්‍රමාණයක් දෙසැම්බර් මස 14 වන දා
ප්‍රකට උල්කාපාත වර්ෂාවක් වන පර්සීඞ් උල්කාපාත වර්ෂාව මෙම මස 10 හා 13 යන දිනයන්හිදී උපරිම ත්වීරතාවයෙන් දර්ශනය වන බව ග්රී ලංකා ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කරයි. පසුගිය ජූලි මාසයේ සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වුණ මෙම උල්කාපාත වර්ෂාවෙන් අගෝස්තු 10 වනදා වනවිට පැයකට උල්කාපාත 15ක් පමණ ද අගෝස්තු 11,12 සහ 13 යන දිනයන් වන විට පැයකට උල්කාපාත 50 ක් පමණ වශයෙන් ද දර්ශනය වන බවත් අහස හරහා ඇදී යන දීප්තිමත් ආලෝකධාරා වශයෙන් මෙම උල්කාපාත පියවි ඇසට දැකගත හැකි වන බව ද ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කරයි. වළාකුළුවලින් තොර පැහැදිළි අහසක් පැවතියහොත් ඉහත දිනයන්හිදී මධ්යම රාත්‍රියේ සිට පසුදා පාන්දර වනතෙක් ඊසාන දිග අහස නිරීක්ෂණය කිරීමෙන් මෙය දැක බලා ගත හැකිය.
උල්කා යනු අභ්යවකාශයේ පාවෙමින් පවතින කුඩා පාෂාණ කැබලි හෝ ලෝහ කැබලි පෘථිවිය කරා ඇද වැටෙන විට ඒවාට උල්කාපාත යැයි කියනු ලැබේ. සාමාන්යයෙන් වසරකට ටොන් 1500 ක පමණ උල්කා වැනි අභ්යවකාශ ද්‍රව්‍ය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයට හසුවී පොලොවකරා ඇද වැටේ. මේවායෙන් බොහොමයක් මහ පොළොව මත පතනය නොවී පෘථිවි වායුගෝලය හා ගැටී දැවී අලූ වී විනාශ වී යයි. රාත්‍රියට තරු කඩා වැටෙනවා ලෙස අප දකින්නේ මෙසේ පිළිස්සෙමින් වැටෙන උල්කා ය. මෙම පර්සීඞ් උල්කාපාත වර්ෂාවට හේතුවනුයේ ස්විෆ්ට් ටට්ල් නම් ධූම කේතුවයි. වසර 133 කට වරක් අපේ සූර්යයා වටා ගමන් කරන මෙම ධූම කේතුව තමා යන ගමන් මාර්ගයේ උල්කා කැබලි අතුරමින් යයි. පෘථිවිය මෙම ධූම කේතුව ගමන් කල මාර්ගය හරහා යන විට එම උල්කා පාථිවි වායුගෝලය හා ගැටී පර්සීඞ් උල්කාපාත වර්ෂාව ඇති කරයි. පර්සීඞ් උල්කාපාත වර්ෂාවට එම නම ලැබී ඇත්තේ පර්සියස් නම් තාරකා රාශියේ සිට පෘථිවිය කරා උල්කාපාත විසිරෙන ආකාරයෙන් එය දර්ශනය වන නිසා ය.
මේ පිළිබඳව තව දුරටත් අදහස් දක්වන ග්‍රහලෝකාගාරය පවසන්නේ මෙම වර්ෂය අවසානයේ තවත් උල්කා වර්ෂා කිහිපයක්ම පෙනුනත් වර්ණවත් වැඩි උල්කාපාත ප්‍රමාණයක් දෙසැම්බර් මස 14 වන දා මිථුන රාශිය අසලින් පෙනෙන ජෙමිනිඞ්ස් උල්කා වර්ෂාව මගින් දැකගත හැකිවන බවය.
This is not university related news.
ReplyDeleteimportant thing is news value.
ReplyDeleteThe BSEB's syllabus for Bihar Board Class 12 is similar to that of most state boards across the country. Various state education boards recently underwent a massive overhaul in order to modernise the curriculum, and Bihar is no exception. Bihar Board Syllabus Class 12 The themes studied in Science and Math disciplines throughout higher secondary school constitute the foundation for higher education in many technical and medical courses, according to the Bihar board 12th syllabus pdf 2020.
ReplyDelete