
උසස් පාසලේ සිටිය දී අපේ ශිෂ්‍ය සමිතියට අරමුදල් එක්රැස් කිරීමේ වෙනම කාර්යාලයක් විය. ඒ අනුව එළැඹෙන වැලන්ටයින් දිනය දා අති විශේෂ කෙනෙක් හට මල් පිරිනැමීම සඳහා ඔවුහු විශේෂ කවුන්ටරයක් විවෘත කළෝ ය. ඒ මල්, පෙම්වතුන්ගේ දිනයේ එළැඹෙන පළමු කාලපරිච්ඡේදයේ දී පන්ති කාමරවලට ම ගොස් බෙදා දිය හැකි විය.
මම ඉන් කානේෂන් මල් තුනක් මිලදී ගත්තෙමි. ඒවා මා යැව්වේ, මා ඒවා එවතැයි කොහෙත් ම සැක නොසිතන කෙල්ලන් තිදෙනකු හට ය. අඩු වශයෙන් ඒ අතරින් එක් කෙල්ලෙක්වත් මා වෙත ආකර්ෂණය වනු ඇතැයි සාධාරණ බලාපොරොත්තුවක් මසිතේ විය. එවිට එයින් එකියක්වත් මට ද මලක් එවනු ඇත.
කානේෂන් මල් යැවුණේ මෙලනි, සුසී සහ ජෙනී වෙත ය. ඒ අතරින් මා වඩාත් ම බලාපොරොත්තු තබාගෙන සිටින්නේ ජෙනී කෙරෙහි ය. මගේ මිතුරෝ ද ඒ සතියේ දී මා මෙන් ම කාර්යබහුල වී සිටියහ. මිතුරු බ්රයන් ද සිය පෙම්වතිය වෙත මලක් යැව්වේය. ස්ටෙෆනී, ජේසන් වෙත මලක් එව්වා ය. ඈ, මුළු පාසල් වාරය පුරාම හොරැහින් බලමින් සිටියේ ඔහු දෙස ය. මගේ මිතුරිය ලීසා නම් සිය හොඳ මිතුරකු වූ ට්රේසි වෙත මලක් යැව්වේ හුදෙක් විනෝදය සඳහා ය.
ඒ සතිය පුරා ම කෙල්ලන් ලැයිස්තුවක් මගේ සිතට ගලා එන්නට පටන් ගත්තේ ය. මා මල් නොයවන කෙල්ලෙක් වුවත්, මට මලක් එවන්නට ඉඩක් තිබේ. වැලන්ටයින් දිනයේ හැටි එබඳු ය. සමහර විට ඒ කෙල්ල, මා සිහිනෙන් වත් නොපතන්නියක වීම ද ඉඩ තිබේ. කමක් නෑ. මම චකිතය සඟගවා ගෙන සිතමි. අපේ පාසලේ සිටින කෙල්ලන්ගෙන් අති බහුතරය ලස්සන කෙල්ලන් ය. එම පළමු කාලපරිච්ඡේදය එළඹුණේ ය. ශිෂ්‍ය සංගමයේ මල් බෙදාහරින්නිය අපේ පන්ති කාමරයට එපිටින් සිටගෙන සිටින ආකාරය දැක මගේ බඩ පපුව දඟලන්නට පටන් ගත්තේ ය. ගුරුතුමා ඇයට කාමරය තුළට පිවිසෙන්නට අවසර දුන්නේ ය. ඇය පිවිසියේ අති විසල් මල් පොකුරක් අතින් ගෙන ය.

වැලන්ටයින් මල් තිළිණ ලැබූ කොල්ලෝ සහ කෙල්ලෝ පී‍්‍රතියෙන් ප්රමුදිත වූහ. ක්‍රමයෙන් ලැයිස්තුව දිගු විය. මල් නොලැබූවන්ගේ ලැයිස්තුව කෙටි විය. මා තවමත් සිටිනේනේ දෙවැනියට කී ලැයිස්තුවේ ය. දැන් විනාඩි දහයක් මුළුල්ලේ ලැයිස්තුව කියැවෙයි. මා අවට තිබෙන මේස හැම එකක් ම පාහේ මල් පොකුරුවලින් සහ කාඩ්පත් වලින් පිරී ගොසිනි. සමහර කොල්ලකුට දෙවැනි සහ තුන්වැනි මල ද ලැබෙන බව මේ අතර මට නෙත් කොනින් පෙනේ. මල් දුසිම් භාගයක් කෙල්ලන්ගෙන් ලද කොල්ලකු ද ඒ අතර සිටියේය. ඔහුට පෙම්වතියක සිටින බව ලොව ම දනියි. එසේ තිබියදීත් පාසලේ තවත් කෙල්ලන් පස් දෙනකුත් ඔහු පස්සෙන් ම එන හැටි... අසාධාරණ ලෝකේ... මගේ සිත දැන් දැන් කනගාටුවෙන් කැරලි ගසන්නට පටන් ගෙන ඇත. මේ වන විට මල් නොලැබූවන්ගේ ලැයිස්තුවේ සිටින්නේ මා සහ තවත් සය දෙනෙක් පමණි.
එහෙත් අප බලාපොරොත්තු අත් හැර ගැනීටම සූදානම් නැත. ගුරුවරයා දැන් කියවන්නේ ලැයිස්තුවේ අග හරිය බව සත්යයක් වන නමුත්... දැන් දැන් අප කිහිප දෙනකුගේ අත්වල පමණක් පෑන් ඇත. සෙසු සියල්ලන්ගේ අත්වල මල් ඇත. අපට මල් හෝ කාඩ් නැති අතර, තිබෙන්නේ, ඉතිරි මල් කිහිපය අපටය යන අපේක්ෂා මාත්රය පමණි.
ඒ වන විට ගුරුවරයා ලැයිස්තුවේ අවසන් නම් දෙක කියවමින් සිටියේ ය. “හොඳයි.. මෙන්න අන්තිම වාසනාවන්තයන් දෙන්නා... නීල්.... ඕහ්.. අන්තිම නම.. හාලන්...” ඔව්... ලැයිස්තුවේ අවසන් නම මගේ විය. දෙවියනි, ඔබට ස්තූතියි... ඔය එවා තිබෙන්නේ කවුරුන් විසින්දැයි මම නිසැකවම දනිමි. එහෙත් මා වඩාත් ම කැමති කෙල්ල ම එය එවා තිබුණොත්...? මම කාඩ්පත වෙත නැඹුරු වී එය එසේදැයි තහවුරු කර ගැනීමට සිතින් පොරබදිමි. එහෙත් එය එවා තිබුණේ මෙලනි විසින් නොවේ. සුසී හෝ මා වඩාත් කැමති ජෙනී විසින් ද නොවේ. ඒ වෙනුවට කාඩ්පතේ ඉතා සරල ලෙස මෙසේ ලියා තිබුණේ ය.
“පී‍්‍රතිමත් පෙම්වතුන්ගේ දිනක්... – ආදරයෙන්.. - හාලන්..”
එය එවා තිබෙන්නේ කවුරුන් විසින්දැයි මගේ මිතුරෝ මගෙන් පෙරැත්ත කරමින් ඇසූහ. මා එවිට ඔවුන්ට කීවේ ‘අති විශේෂ’ කෙනෙක් විසින් එය එවූ බව පමණි. ඇත්ත කීවා නම්, මා මට ම මල් එවාගෙන ඇතැයි කොල්ලන් කියනු ඇත. එය සතියේ හොඳ ම විහිළුව බවට ද පත්වනු ඇත. ඇත්තෙන් ම එය මට එව්වේ කවුරුන්දැයි මා පවා අදටත් දන්නේ නැත. එය සොයාගැනීමට මඟක් ද නොවී ය. එහෙත් එය එවූ කෙනා, මට ජීවිතයේ ලොකුම පාඩම ඉගැන්වීය. ආලය හඹාගොස් ලබාගත යුතු දෙයක් නොවේ. එය සුවඳක් මෙන් තමන් සොයා පැමිණිය යුතු දෙයකි.
හාලන් කොහෙන් ගේ අත්දැකීමකි.
"Love is not a one day story " ආදරය එක දිනක කතාවක් නොවේ!Story 01
Story 02
Read More Love Stories - >>>>>
Videos that you shouldn't miss..
ඔබ නැරඹිය යුතුම විඩියෝ 5 ක්.. Click Here
Watch Below
Watch Video 01
Watch Video 02
Watch Video 03
www.lankauniversity-news.com
No comments:
Post a Comment
Dear Readers,
Share Your Valuable Ideas with Others..
This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.
We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-