Friday, February 8, 2013

School Girl Stolen Coconuts to Paint School

A 13 year old student has been brought before Court on charges of stealing coconuts to find funds to paint the buildings of her school. She has stolen coconuts as she was unable to find the Rs.800 her school authorities had asked each student to find to raise a fund to paint the buildings. When she was caught she had in her possession 8 coconuts worth Rs.300.
The lawyers Thushara Gunaratne and Roshan Dehiwela, who appeared on behalf of her without any fee, told court that the girl had gone to the land near her school to find coconuts.
She was released on personal bail of Rs.50,000  by Horana Acting Magistrate Ms. Manel Gunathileke.
The complaint against her has been made by K.G. Chandrasiri of Aramanagolla in Horana.
Meanwhile Sri Lankan President had instructed the Ministers of Education and Justice to inquire into the case of the 13-year-old schoolgirl who was arrested for stealing 10 coconuts.


පාසල් ගොඩනැගිල්ලේ තීන්ත ගෑමට රුපියල් 800ක් සොයා ගන්නට තරම් වත්කමක් නොතිබූ දහතුන් හැවිරිදි පාසල් ශිෂ්යාවක රුපියල් පනස්දහසක ශරීර ඇපයක් මත මුදාහැරුණු පුවතක්, හොරණ මහෙස්ත්රාත් අධිකරණයෙන් වාර්තා විය.


පාසල් දැරිය එසේ ශරීර ඇප මත මුදාහැරියේ පාසලේ තීන්ත ගෑමට මුදල් සොයා ගන්නට පොල් ගෙඩි අටක් සොරකම් කිරීම හේතුවෙනි. මේ දැරිය නිවෙස අසල අරමණාගොල්ල පදිංචි කේ.පී. චන්ද්රසේන නමැත්තකුට අයත් වත්තෙන් පොල් ගෙඩි අටක් සොරා ගත්තේ යැයි කළ පැමිණිල්ලක් මත හොරණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන හොරණ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉහත සඳහන් ශරීර ඇපය මත දැරිය මුදාහරින ලෙස හොරණ වැඩ බලන මහෙස්ත්රාත් මානෙල් ගුණතිලක මහත්මිය නියෝග කළාය.

බාල වයස්කාර පාසල් දැරියක් වූ ඇය අධිකරණයේ මේ නියමයට පාත්රා වූයේ සිය මව සමඟ උදේ ආහාරයවත් ලබා නොගෙන පැමිණ සිටියදීය.
මව ගර්භාෂයේ ගෙඩියක් හේතුවෙන් අසනීපව අසරණ තත්ත්වයට පත්ව ඇති කාන්තාවක් බව අධිකරණයේදී අනාවරණය විය.

දැරිය වෙනුවෙන් නීතිඥවරු දෙදෙනෙක් නොමිලයේ පෙනී සිටියහ. ඔවුන්ගෙන් එක් නීතිඥයකු වූ රොෂාන් දෙහිවල මහතා අධිකරණයට කියා සිටියේ මෙය සොරකම් කිරීමේ චේතනාව මත කරන ලද්දක් නොව නැති බැරිකම නිසා සිදු කළ දෙයක් බවයි.

රුපියල් පනස්දහසක ශරීර ඇපයක් නියම කළ අවස්ථාවේ එම දැරිය සමඟ පැමිණ සිටි මව සිය හැඳුනුම්පත රැගෙන නොපැමිණීම නිසා පිළිබඳ යළි අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඊළඟ දිනයේ හැඳුනුම්පත ඉදිරිපත් කරන බව පවසා එම දැරියට ඇප ලබාගැනීමට කටයුතු කළ බවද නීතිඥ රොෂාන් දෙහිවල මහතා 'මව්බිම' පැවැසීය. දැරිය වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න මහතාද නොමිලේ පෙනී සිට ඇත. කුලී වැඩ කරමින් ජීවත්වන සිය මව සමඟ ඊයේ හොරණ අධිකරණය වෙත පැමිණි එම 13 හැවිරිදි දැරිය සහ මව වන විටද නිරාහාරව සිටි බැවින් නීතිඥවරුන් දෙදෙනා ඔවුන්ට උදේ ආහාර වේලද ලබාදී තිබේ.

ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා පැවැසුවේ උසාවි කටයුතු අවසන්වීමෙන් පසු තමා සහ අනෙක් නීතිඥවරයා විසින් තම මුදලින් ඔවුන්ගේ නිවෙසට අවශ් ආහාර ද්රව් මිලදී ගෙන දුන් බවයි.

මේ අතර 'මව්බිම' මේ පිළිබඳ හොරණ පොලිසියේ උසස් නිලධාරියකුගෙන් විමසූවිට ඔහු සඳහන් කළේ මෙම දැරිය ගස් නැඟ පොල් කඩන බවට අසල්වැසියන්ගෙන් නිතර නිතර පැමිණිලි ලැබී තිබුණු බවත් අනුව මෙම පැමිණිල්ල මත අධිකරණයට ඉදිරිපත් කළ බවත්ය. නඩු විභාගය ලබන 22දාට කල් තබා ඇත.
හොරණ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.




කතුවැකිය Mawbima
බිත්තිවල තීන්ත ආලේප කිරීම සඳහා පාසලෙන් රැගෙන ඒමට නියම කළ රුපියල් 800 මුදල සොයා ගැනීම සඳහා වත්තක වැටී තිබූ පොල් ගෙඩි අටක් සොරකම් කළ වරදට අත්අඩංගුවට ගත් දහතුන් හැවිරිදි දැරියක රුපියල් 50,000 ශරීර ඇප මත මුදා හැරීමේ සිද්ධියක් ඊයේ දිනපතා 'මව්බිම' මුල් පුවතින් අනාවරණය කර තිබිණි.
හොරණ පොලිසියට අදාළ වත්තේ හිමිකරු කළ පැමිණිල්ලකට අනුව දැරිය අත්අඩංගුවට ගෙන තිබූ අතර පොල්වල වටිනාකම ලබාගෙන සමථයකට යෑමට පැමිණිලිකරුවා එකඟ වී නොමැත. දැරියගේ අසරණකම හමුවේ ඔහුගේ හදවත උණු වී නැත්තේ මේ පාරිභෝගික සමාජයේ මනුස්සකමට පොල් ගෙඩියක තරම්වත් වටිනාකමක් නැතිවී ගොස් ඇති නිසා විය හැකිය.

ජීවත්වීමට කුලී වැඩ කරන, උදරයේ හටගත් ගෙඩියකින් පීඩා විඳින සිය මව සමඟ දැරිය උදෑසන අධිකරණයට පැමිණ ඇත්තේද නිරාහාරවය. දැරිය වෙනුවෙන් නොමිලේ පෙනී සිටි නීතිඥවරු දෙදෙනා මවට සහ දැරියට උදෑසන ආහාර ලබාදී ඇති අතර නිවෙසට අවශ් ආහාර ද්රව්යද මිලට ගෙන දී තිබේ.

දැරිය අවසරයකින් තොරව පොල් අහුලා ගෙන ඇත්තේ මුදල් නොමැතිව පාසල් යා නොහැකි නිසා මිස සොරකමක් කිරීමේ චේතනාවෙන් නොවන බව පැහැදිලිය. එහෙත් දැරිය පොලිසියට අල්ලා දුන් ඉඩම් හිමියාත්, එම ගැටළුව සානුකම්පිතව සිතා බලා පොලිසිය තුළදීම ගැටළුව නොවිස¼දා අධිකරණය දක්වා රැගෙන යෑමට කටයුතු කළ පොලීසියත් මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතුව තිබිණ.

ජාතික ධනය මහ දවාලේ මංකොල්ලකන කම්බහොරුන්ට පවා ලිහිල් වෙන මේ රටේ නීතිය දුප්පත්කම නිසා පාසලට රැගෙන යෑමට සල්ලි සොයා ගැනීමේ යහපත් චේතනාවෙන් පොල් හොරකම් කළ දැරියට ලිහිල් වී නැත.

මෙවැනි සමාජ ක්රමයක පුංචි හෝ සොරකමක් නොකර ජීවත් විය හැකිද යන්න ප්රශ්නයකි. සුළුතරයකට මිස බහුතරයකට පවතින ආර්ථික පීඩනය ඔරොත්තු දෙන්නේ නැත. මෙරට දෙනෝදාහක් මිනිසුන් හා ගැහැනුන්ගේ මුවග සිනාව රැඳී තිබුණද හිතේ පිරී ඇති දුක් තැවුල් කරදර පීඩා එමටය. අසල්වැසි ඉන්දියාවේ මෙන් කුසගින්නේ මියයන මිනිසුන් ගැන මෙරටින් වාර්තා නොවුණද තුන්වේලට කුස පුරවා ගැනීම ප්රශ්නයක් වී ඇති පවුල් මෙරට සිටින බවට මේ දැරිය සහ මව ජීවමාන උදාහරණයක් නොවන්නේද?

අනෙක් කාරණය වන්නේ 'මේ ඔබේ දරුවාගේ පාසලය' යන බෝඩ්ලෑල්ල පාසලේ එල්ලා පාසල නඩත්තු කිරීමට මවුපියන්ට පවරා දී තිබීමය. ගුරු වැටුප් රජයෙන් ලබා දුන්නද පාසලේ සෙසු කටයුතු සඳහා වැය බර දරන්නේද මවුපියන්මය.

තීන්තවලට මුදල් ලබාදීමටද ඒවා බිත්තිවලට ගෑමටද සිදුව ඇත්තේ මවුපියන්ටය. එකල පහසුකම් ගාස්තු හැර අතිරේක මුදලක් පාසලින් ඉල්ලා එවන්නේ කලාතුරකිනි. එහෙත් පාසලේ බිත්තිවල තීන්ත ගෑමට සල්ලි සෙවීමට පාසල් දැරියකට සොරකම් කිරීමට සිදුවන තත්ත්වයක් අද උද්ගත වී ඇත්නම් පාසල් ඇතුළු රට සංවර්ධනය කරා වේගයෙන් ඇදී යන බව කීම පුරසාරමකට වැඩි යමක් නොවන බව කීම අසාධාරණ නැත.

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-