About 138 university students from Peradeniya,Japura,Sabaragamuwa, Kelaniya,Colombo and Buddhist and Pali universities have been suspended within a week said SSU.
A group of
undergraduates yesterday claimed that the government’s education privatisation
process had victimized 21 medical students of the Sri Jayewardenepura
University.
They claimed that
altogether 138 undergraduates and six student unions had been suspended at Sri
Jayewardenepura, Kelaniya, Sabaragamuwa, Colombo and Buddhist and Pali
universities, within one week.
The university
administration suspended 21 undergraduates of the Faculty of Medical Sciences
of the University for protesting against accommodating fee paying students in
their faculty, they said.
Convener of the
Medical Faculty Students’ Action Committee (MFSAC) Najith Indika said yesterday
that the MFSAC branch of Sri Jayewardenpura Medical Sciences Faculty staged a
peaceful demonstration against admitting 10 students to the faculty on self
finance basis.
He said that the
University Grants Commission (UGC) had sent fee paying students to Peradeniya
and Rajarata Medical Faculties, too, but the faculty boards of both those
universities refused to accommodate them.
"We will launch
severe protests against the move to privatise higher education with all
undergraduates of universities countrywide," Indika said.
National Organiser of
the Socialist Students’ Union Dr. Nalinda Jayatissa said that it was the first
time that students of the Medical Sciences Faculty of the Sri Jeyewardenepura
University had been suspended since its inception in 1991.
"The administration
has also suspended 52 students of the Sabaragamuwa University and that was
suppression of students," he said.
"We will go to
the Human Rights Commission against these dictatorial university
administrations," Jayatissa said adding that not calling the elections for
the students unions was a violation of the University Act.
He said that they had
already complained about it to the World Federation of Democratic Youth.
The SSU would also
hold a protest opposite the Colombo Fort Railway Station against harassment of
university students, Dr. Jayatissa said. Extracted from Island
නිදහස් අධ්යාපනය කප්පාදු කිරීම සිය ප්‍රතිපත්තිය කරගෙන ඇති ආණ්ඩුව එයට එරෙහි වන ශිෂ්‍ය සංගම් හා ශිෂ්‍ය කි්රයකාරිකයන් මර්දනය වේගවත් කර ඇති බවත් ඒ අනුව මේ වනවිට ශිෂ්යයන් 250 කගේ පමණ පංති තහනම්කර ඇති අතර ශිෂ්‍ය සංගම් 6ක් තහනම් කර ඇති බව සමාජවාදී ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එහි ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
පසුගිය සතිය තුළ පමණක් පංති තහනමට ලක්වූ ශිෂ්යයන්ගේ සංඛ්යාව 138 කි. 1978 අංක 16 දරණ විශ්වවිද්යාල පනත අනුව ශිෂ්යයින්ට හිමි ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකමක් වූ ශිෂ්‍ය සංගම් පවත්වාගෙන යාම ආණ්ඩුව විසින් අහිමිකරමින් සිටී. ශී‍්‍ර ජයවර්ධනපුර, කැළණිය, කොළඹ, බෞද්ධ හා පාලි යන විශ්වවිද්යාලවල මහා ශිෂ්‍ය සංගම් පිහිටුවීම ඒවායේ පාලනාධිකාරීන් විසින් දිගින් දිගටම ප්‍රමාද කරමින් ඇත.
පසුගිය ජූනි 01 දා සබරගමුව විශ්වවිද්යාලයේ සිසු සිසුවියන්ට ආණ්ඩුව පොලීසිය, හමුදාව හා විශේෂකාර්ය බලකාය යොදවා අමානුෂික ප්‍රහාරයක් එල්ලකලේය. සිසුන් 60 කට අධික ප්‍රමාණයක් තුවාල ලැබූ අතර 27 ක් රෝහල්ගත කරන ලදි. සිසුන් 10 ක්, ගම්වැසියන් 2 ක්, අනධ්‍යයන සේවකයෙක් අත්අඩංගුවට ගැණින. සිසුන් උද්ඝෝෂණය කලේ ශිෂ්‍ය නායකයන් 05 දෙනෙකුට පනවා ඇති පංති තහනම හා තම ශිෂ්‍ය සංගම්වලට පනවා ඇති තහනම ඉවත්කරන ලෙස ආණ්ඩුවට බලකරමිනි. සබරගමුව විශ්වවිද්යාලයට බඳවාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය 35% න් කප්පාදුකිරීම, සිසුන්ගේ ලියාපදිංචි ගාස්තු 500% න් ඉහලදැමීම,එහි පිහිනුම් තටාකය බදුදීම ඇතුලූ අධ්යයන හා සුබසාධන ප්‍රශ්න 12ක් මුල් කරගෙන පසුගිය ජනවාරි මාසයේ සිට උද්ඝෝෂණය කරමින් තිබුණි. ඒවාට නෑසූකන්ව සිටි සබරගමුව පාලනාධිකාරිය එස්.බී.දිසානායක ඇමතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ප්රෝඩාකාරී විවෘතකිරීමේ උත්සවයක් පැවැත්වීවට ගියවිට සිසුන් එය වර්ජනය කලේය. අධ්යාපන පෞද්ගලීකරණයට ඉඩ සලසාගැනීමටත්, ඇමතිවරයාගේ කෝපය පිටකර ගැනීමටත් සිදුකලේ ශිෂ්‍ය සංගම් තහනම්කිරීම හා සිසුන් 05කගේ පංති තහනම්කිරීමයි. මේ සිසුන්ට විභාග අයිතිය ඉල්ලා සිටි සිසුන්ට ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ තවත් 47 කගේ පංති තහනම් කිරීමයි.
ශී‍්‍ර ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ඇති වූ තත්ත්වය ද මීට දෙවෙනි නොවේ. රුපියල් ලක්ෂ 75 බැගින් මුදලට එම පීඨයේ උපාධි විකිණීම ආණ්ඩුව අරඹා ඇත. පීඨයේ මුළු ශිෂ්‍ය ප්‍රමාණයෙන් 25% ක් මුදලට විකිනීමට නියමිතය. ලංකාවේ උසස්පෙළ සමත්ව ලකුණු 1-2 ක් පමණක් මදිවීම නිසා වෛද්‍ය පීඨ වරම් අහිමි වූ දහස් ගණනක් සිටියදී ආණ්ඩුව මුදලට උපාධි විකිණීමට එරෙහිව පසුගිය ජූනි 05 දා ශී‍්‍ර ජයවර්ධනපුර වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය උද්ඝෝෂණයක් පැවැත්වීය. පෞද්ගලික කටයුත්තක් සඳහා ඒ අසලින් යමින් සිටි එස්.බී.දිසානායක ඇමතිවරයා එය දැක කෝපයට පත්ව සිය සට්ටැඹි උපකුලපතිවරයා ලවා සිසුන්ට අසභ්‍ය ලෙස බැණවැදී ඇත. රාජ්‍ය විශ්වවිද්යාලවල උපාධි විකිණීමේ වැඩපිලිවෙලට ඉඩ සලසාගැනීමටත්, ඇමතිවරයාගේ කෝපය පිටකර ගැනීමටත් සිදුකලේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් 13 දෙනාද ඇතුලූ සිසුන් 21කගේ පංති තහනම්කිරීමයි. 1991 ඇරඹි ශී‍්‍ර ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සිසුන්ට පංති තහනමක් පැනවූ පලමු අවස්ථාව මෙයයි.
මෙම සිදුවීම් දෙකෙන්ම පෙන්නුම් කරන්නේ ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්යාල අඩපණ කිරීමේ සිය මෙහෙයුම වේගවත් කරඇති බවයි. රාජ්‍ය විශ්වවිද්යාල උපාධි විකිණීම, ඒවායේ දේපල බදුදීම,මුදලට සිසුන් ඇතුලත් කරගැනීමට ඉඩ සලසමින් බඳවාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය කප්පාදුකිරීම එහි කි‍්‍රයාත්මක පියවරයන්ය. දැන් විශ්වවිද්යාලවල ඉගෙනගන්නා සිසුන් උද්ඝෝෂණය කරන්නේ තමන් වෙනුවෙන් නොවේ. නිදහස් අධ්යාපන වරම සිය අනාගත පරම්පරාවටද උරුමකර දීමටය. නිදහස් අධ්යාපන ඉනිමගේ ඉහලට නැග දේශපාලනයට පිවිස හම්බකරගත් මුදලින් සිය දරුවන් විදේශ විශ්වවිද්යාලවලට යැවූ එස්.බී.දිසානායක ඇමතිවරයාට රාජ්‍ය විශ්වවිද්යාලවල සිසුන් පෙනෙන්නේ තම උපන්ගෙයි සතුරන් ලෙසිනි. ඔහු තම වෛරී දේශපාලනය සිසුන් මත මුදාහරිමින් සිටියි.
රාජ්‍ය විශ්වවිද්යාල නාශක ආණ්ඩුවෙන් හා එය කි‍්‍රයාත්මක කිරීම කරගසා සිටින එස්.බී.දිසානායක ඇමතිවරයාගෙන් මේ රටේ ඉතිරිව ඇති නිදහස් අධ්යාපනයේ අංශු මාත්‍රය හෝ රැකගැනීමට පෙරට එනලෙස අපි සියළු දෙනාට ඇරයුම් කර සිටිමු. මේ අවස්ථාවේ ශිෂ්‍ය ව්යාපාරය හුදෙකලා කළහොත් එය ඉතිහාසය කිසිදා සමාව නොදෙන වරදක් වනු ඇත.
No comments:
Post a Comment
Dear Readers,
Share Your Valuable Ideas with Others..
This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.
We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-