ඇය යන්නම යන්න ගිහින්
ඒ 1984 වසරේ
බටහිර මිචිගන්
සරසවියේ ගිම්හාන
උණුසුම ෆැරන්හයිට්
අංශක අසූ
ගණනක් දක්වා
ඉහළ නැඟ
තිබිණි . හිරු
දිලිසුණේය . ඒ
මගේ සරසවි
ජීවිතයේ පළමු
දිනයයි . එසේම
වැඩිමනත් දෙයක්
කියන්නේ නම් , මට සින්ඩි
මුණගැසුණු පළමු
දිනය ද
එයයි .
ඈ මනෝහර
ලෙස සුන්දර
වූවාය . සාමාන් ය ආයිත්තම්
සහ යන්තම්
ගෑ ඇස්
අඳුන් කැපීගෙන
විදහා දැක්වුණු
පරිදි ඈ
අසමාන පෞරුෂයකින්
සහ ආත්ම
විශ්වාසයකින් යුක්ත
තැනැත්තියකි . එයාකාර
සුන්දරත්වයකට කොල්ලන්ගේ
මොළය තෝන්තු
නොවේ නම්
පුදුමයකි . ඈ
සුන්දර බවට
පාරට්ටු කතා
ඇවැසි නැත .
එම විශේෂ
දිනයේ සින්ඩි
සහ මා
මුණගැසුණේ අඩමාන
කොන්දේසියක් යටතේ
ය . එනම්
ආරෝහකයේ යන
අතර අහම්බෙනි .
ඇය මා
දෙස බලා
මඳ සිනා
පෑවාය . අපි
එකම මහලෙන්
බැස ගතිමු .
මා මුලින්
චකිතයට පත්වූයේ
ඇය වැරදීමකින්
එසේ කරන්නට
ඇතැයි සිතමිනි .
මා කොරිඩෝරයට
වී මගේ
සොහොයුරා අඩුවැඩිය
ගෙනෙන තෙක්
බලා සිටිනා
අතර සින්ඩි
කෙළින් ම
මා කරා
ඇවිද ආවාය .
ඇය මා
වෙත ළං
වන බව
දකිත් ම
මගේ බඩ
දඟලන්නට පටන්
ගත්තේය . එහෙත්
බාහිරින් මා
උත්සාහ ගත්තේ
ඒ බව
නොපෙන්වා සිටීමට
ය . මම
බාහිරින් ආත්ම
විශ්වාසනීයත්වය ගොඩනඟා
ගතිමි . සිතට
එඩි ගතිමි .
සිනාවක් ද
මවාගෙන ඇය
සමඟ කතා
කිරීමට සූදානම්
වීමි . “ මම
ඔයා එනකල්
නෙවෙයි ඉන්නෙ ... ” මා පසුකර
යමින් සින්ඩි
වෙඩි තියන්නාක්
මෙන් කීවාය .
“ ඔයා ගැස්සිලා ... ”
මම ඇස්
අදහාගත නොහැකිව
බලා සිටියෙමි .
මගේ පන්තියට
එහා පන්තියේ
සිටිනා සරසවියේ
ලස්සනම කෙල්ලගේ
මුවින් එම
අනපේක් ෂිත
බස පිටවූ
බව මට
විශ්වාස කළ
නොහැක . මම
වලාකුළු මතින්
පියාඹන්නට පටන්
ගතිමි .
නොවැම්බර් මස
මැද වන
විට අපි
පෙම්වතුන් වීමු .
වෙන්කළ නොහැකි
පෙම් යුවළක්
වීමු . මා
සම්බන්ධයෙන් නම් , මෙවැනි ආදරයක්
මීට පෙර
මසිතෙහි ඇති
වී නොතිබිණි .
අප අතර
සමානකම් විය .
අපි දෙදෙනාම
සැහැල්ලුවෙන් සහ
විනෝදයෙන් සිටීමට
පි ් රය කළ
විවෘත ව
අදහස් ප් රකාශ කරන
අය වීමු .
අපේ ප් රේමයේ ලොකු
ම ආශීර්වාදය
වූයේ ද
එයයි . අපි
කලබලකාරී නමුත්
අසිරිමත් වසර
එකහමාරක් ගතකළෙමු .
මේ කාලය
තුළ , එකිනෙකාගේ ඇසිපිය යට
සිට අපි
පෙම් කළෙමු .
ඒ ප් රේමය තුළ
මම මහත්
පරස්පර වූ
හැඟීම් සමුදායකින්
ද පීඩා
වින්දෙමි . ඒවා
බොහෝ විට
ඍණාත්මක හැඟීම්
විය . ලස්සනම
යුවතියක පෙම්වතිය
කරගත් ඕනෑම
සාමාන් ය
පෙනුමැති කොල්ලකුට
සිදුවන පරිදි
මම ඊර්ෂ් යාවෙන් පීඩා
වින්දෙමි . හීනමානයක්දැයි
අදටත් නොදන්නා
මේ හැඟීම
මට කිසිසේත්ම
වළක්වාගත නොහැකි
විය . එහි
ප් රතිඵලය
වූයේ අවසානයේ
1986 පෙබරවාරියේ අප දෙදෙනා
වෙන්වීමයි . මම
ඊර්ෂ් යාවට
මගේ ප් රේමය අනුභව
කරන්නට ඉඩ
දී බලා
සිටින මෝඩයෙක්
වීමි .
අවසාන වශයෙන්
සින්ඩි දුටු
විට මා
ඇය සමඟ
බෙදාගත් අවසන්
හැඟීම වූයේ
කෝපය යි .
නොගැළපෙන සම්බන්ධයක්
නිසා තෙහෙට්ටු
වී සිටි
මම ඇය
දෙස රවා
බැලුවෙමි . මගේ
කෝපය එයට
වඩා වැඩිමනත්
පළිගැනීමක් කිරීමට
මට බල
කළේය . මම
අප එක්ව
ගත කළ
පී ් රතිමත් සමයේ
මතක සැමරුම්
ඇතුළත් ඡායාරූප
සියල්ල ම
ලියුම් කවරයක
බහා ඇයට
දුන්නෙමි . එම
සියලු ඡායාරූප
මා විසින්
කැබලි දහස්
ගණනකට කීතු
කීතු වන
සේ ඉරා
දමා තිබිණි .
එකම එක
පින්තූරයක්වත් මම
ඉතිරි කර
නොගත්තෙමි . ඇය
මට කී
අවසන් වචන , එදා පළමු
දිනයේදී කී
වදන් ම
ය . “ ඔයා
ගැස්සිලා ... ” යැයි ඇය
පැවසුවාය .
මේ වතාවේ
ඇය කී
දෙය ඉතා
නිවැරදි ය .
සත්තකින්ම මම
ගැස්සී සිටියෙමි .
ඇය සමඟ
පවසන මේ
අවසන් වදන්
සමඟ මට
සදාකල් ජීවත්
වීමට සිදුවන
බව මම
දැන සිටියෙමි .
ඇය දෙස
බැලුවෙමි . දයාවක්
හෝ ප් රේමයක් රහිත
බැල්මෙන් මෙසේ
කීවෙමි . “ මීට පස්සෙ
මම ඔයාව
කවදාවත් දැක්කත්
එකයි , නැතත් එකයි . ඔයා
ගැන මට
අහන්න ලැබුණත්
එකයි , නැතත් එකයි ... ” මේ
වදන් සමඟ
මම ඇය
හැර දමා
ආවෙමි . මගේ
ඒ කටුක
වදන් ඇය
වෙත බලපෑ
අයුරු දැකීමටවත්
පමා නොවී
ඇය ව
හැර දමා
ආවෙමි .
ඔබ සිතනා
පරිදි මගේ
ආදර කතාව
තවත් එක්
ඊර්ෂ් යාකාර
පිරිමියකුගේය යන
සිතිවිල්ල සමඟ
අවසන් කිරීමට
ඔබට සිදු
නොවේ . එම
වර්ෂය අග
වන විට
මම සැබවින්ම
පසුතැවෙමින් සිටියෙමි .
මගේ ඊර්ෂ් යාව සහ
කෝපය හසුරවාගත්
අමනෝඥ ආකාරය
ගැන පුදුම
වෙමින් සිටියෙමි .
ඈ හමුවී
ඒ සිත්
රිදෙන වදන්
කීවේ බරපතළ
සිතකින් නොවන
බවටත් , ඒවායේ අර්ථය මා
අදහස් නොකළ
බවත් ඇයට
කීමට මට
ඇවැසි විය .
මා මෝඩයකු
බවත් , ඇය මට සමාව
නොදෙන්නේ නම්
එය සාධාරණ
බවත් ඇයට
පැවසීමට මට
ඇවැසි විය .
මගේ ජීවිතයට
ඇය සැබැවින්ම
අවශ් ය
බවත් මගේ
ඉරිසියාකාර පිරිමි
හදවත ඇයට
පෙර නොවූ
විරූ ලෙස
ආදරය කරමින්
සිටිනා බවත්
පැවසීමට මට
ඇවැසි විය .
එක් දෙසැම්බර්
රාත් රියක
මම ඇයට
මේ සියල්ල
පැවසීම සඳහා
දුරකථන ඇමතුමක්
ගතිමි . එහෙත්
පිළිතුරක් නොවීය .
එයින් සති
දෙකකට පසු
මා දැනගත්තේ
මගේ ප් රථම ප් රේමය මේ
ලෝකයෙන් සමුගෙන
ඇති බවයි .
“ මට සමාවෙන්න ” යැයි ඇය අමතා
කීමට උත්සාහ
කළ ඒ
දෛවෝපගත රාත් රියේම , බීමත් රියැදුරෙකුගේ රිය
අනතුරක් විසින්
ඇය ජීවිතයෙන්
සමුගන්වා තිබිණි .
මා පසුතැවෙන
බව නොදැනම
ඈ යන්නට
ගියාය . සිත
ගැස්සුණු මෝඩයකු
මෙලොව තනිකර
දමා ඇය
යන්නට ගියාය .
ඈ ගියා
වේලාසන වැඩි
බව , සැමදා හඬන මගේ
සිත කියයි .
"Love is not a one day story " ආදරය එක දිනක කතාවක් නොවේ!
Extract From Lake House Dinamina Newspaper Tabloid Samakaya
Read More Love Stories - > >> >>
Videos that you shouldn't miss..
Watch Below
VIDEO
www.lankauniversity-news.com
Extract From Lake House Dinamina Newspaper Tabloid Samakaya
Read More Love Stories - Click
SO SAD STORY
ReplyDeletesoooooooooo sad story
ReplyDeleteoh my god. what a pity................................................
ReplyDelete