Sunday, February 10, 2013

Japura University Student try to Suicide


අධිමාත‍්‍රාවෙන් ඖෂධයක් පානය කර දිවි හානි කරගැනීමට උත්සහ කළ විශ්වවිද්‍යාල සිසුවියක්  කලූබෝවිල ශික්ෂණ රෝහලට ඈතුලත් කර තිබේ. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් වන ඇය වේදනා නාශක ඖෂධයක පෙති 36 ක් පානය කළ බවට වාර්තාවේ.
ඉකුත් දෙසැම්බර් මස 24 වනදා සිට පනවනු ලැබ තිබෙන පන්ති තහනමකින් ඇය පීඩාවට පත්ව සිටි බව වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළිවිය.
විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ, ඇගේ මවුපියන් කැඳවා උප කුලපතිවරයා විසින් ඊයේ දැඩි අවවාද කිරීමක්ද සිදුකෙරුණු බවයි. දිවි හානි කරගැනීමට ඇය දැරූ උත්සාහය ඒ නිසා ඇති වූ සිත් රිදවීමේ ප‍්‍රතිඵලයක් බවද විශ්වාස කෙරේ.
විශ්වවිද්‍යාලයීය මාධ්‍ය සම්බන්ධීකාරක මහාචාර්ය ප‍්‍රනීත් අබේසුන්දර මහතාද කියා සිටියේ එම විශ්වාසය නිවැරදි විය හැකි බවයි.
පන්ති තහනමක් හේතුවෙන් සිත් තැවුලට පත්වූ විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවියක සිය දිවි හානි කරගැනීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරිපාලනයට විරෝධය පළ කරමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද දහවල් විරෝධතාවක ද නිරත විය.
මේ අතර ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේම තවත් ශිෂ්‍යයෙකු මීට දින කිහිපයකට පෙර බොල්ගොල්ල ඇළට පැන දිවි හානි කරගත්තේය. කහවත්තේ පදිංචිකරුවෙකු වන ඔහු එලෙස දිවි හානි කරගත්තේ අවසන් වසර ප‍්‍රථිපල අපේක්ෂිත මට්ටම වඩා අඩු වීමෙන් ඇති වූ සිත් රිදවීමකින් බව පොලිසිය අනාවරණය කළේය. 

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-