Sunday, February 10, 2013

Kelaniya University Students Council Attacked


Kelaniya University Students Council office Attacked by unknown group yesterday (Feb 8) and destroyed painting and arts .IUSF has condemn the attack.
IUSF Press Release
ඊයේ දින (2013-02-08) රාත්රියේ කැලණිය සරසවියේ මහා ශිෂ් සංගම් කාර්යාලයට හා ජිම් ආපන ශාලාවට අනවසරයෙන් පැමිණි පිරිසක් විසින් එහි තිබූ සරසවි සිසුන් විසින් මීට වසර ගනනාවකට පෙරදී අදින ලද චිත් විනාශ කර තිබූ අතර, ශිෂ් සංගම් කාර්යාලය ඇතුල් වූ මැර පිරිස එහි තිබූ සිසුන් විසින් අදින ලද පෝස්ටර් හා චිත් වලට කලූ තෙල් ප්රහාර එල්ල කර ශිෂ් සංගම් වාර්තා ආදිය රැගෙන ගොස් ඇත. අප පළමුවෙන්ම මෙම බියගු ක්රියාව දැඩි පිළිකුලෙන් හෙලා දකින අතර, මෙහිදී සදහන් කළ යුතු විශේෂ කරුණ වන්නේ මෙකී ත්රස්තවාදී ක්රියාවට සම්බන්ද වූවන් පැය ගනනාවක් සරසවි භූමිය තුළ රැදී සිටියේ කෙසේද යන්නය
ජිම් ආපන ශාලාව තුළ ඇති චිත් විනාශ කර ඇත්තේ කලූ තීන්ත මත ක්රමානුකූලව ආලේප කරමිනි. මෙහි ඇති අනෙක් භයානක කරුණ නම් මෙහිදී ශිෂ් සංගම් තොරතුරු ඇතුලත් වාර්තා පැහැර ගැනීමය පසුගිය කාලය පුරාම සරසවි සිසුන්ට මෙවැනි සිදුවීම් වලට මුහුන දීමට සිදු විය. සිසු නායකයන්ගේ නිවෙස් වලට ආණ්ඩුවේ ඔත්තුකරුවන් මැදිහත් වී සිසුන්ගේ දෙමාපියන් බිය ගැන්වීමද සිසුන් පසුපස හමුදා ඔත්තු කරුවන් පැන්නීමද දක්නට ලැබුණි. මීට අමතරව පසුගිය ආචාර්ය අරගලයට සමගාමීව අන්තර් විශ්වවිද්යාල ශිෂ් බල මණ්ඩලයවිසින් සංවිධානය කරන ලද පා ගමනේදී සැලසුම් සහගතව සිදු කරන ලද රිය අනතුරකින් සිසුන් දෙදෙනෙකු මිය යාමද ගත හැකිය. මෙලෙස නැවත නැවතත් සිසුන්ගේ තොරතුරු සොරකම් කරන්නේ තවත් බිල්ලක් ගැනීමට සැලසුම් සකස් කිරීමට බව ඉතා පැහැදිළිය. 

මේ සමගම පසුගිය කාලයේ විශේෂයෙන් කැලණිය සරසවියට අදාලව සිසුන්ගේ සාමූහිකත්ව සංස්කෘතිය විනාශ කිරීමට විශාල පියවරයන් ප්රමාණයක් පරිපාලනය ආණ්ඩුවේ බලපෑම් යටතේ ගනු ලැබුණි. යටතේ පිරිමි නේවාසිකාගාර සරසවි භූමියෙන් ඉවත් කිරීම ගත හැක මේ හේතුවෙන් මේ වන විට සරසවි සිසුවියන් විශාල ප්රමාණයකටද නේවාසිකාගාර පහසුකම් අහිමි වී ඇත. සමගම සිසුන් සිය සංස්කෘතික ක්රියාකාරකම් සදහා දිගු කාලයක් භාවිතා කළ කැලණීයේ සුප්රසිද්ධ තෙල් බැම්ම කඩා දමා එහි බෝ ගසක් සිටුවන ලදී. ඊයේ දින සිදු වූ සිදුවීමේදීද මෙසේ විනාශ කර ඇත්තේ සරසවි සිසුන් මීට කලකට ඉහතදී `දින ලද චිත්රය. 
මේ අනූව පාලකයන් විසින් ආකාර කීපයකට සිසු මර්දනය කරන බව පැහැදිළි වේ. මේ යටතේ ඉතා ශුක්ෂම ආකාරයෙන් සිසු නායකයන් ඝාතනය කිරීම. සිසු නායකයන්ගේ නිවෙස් වලට හමුදා ඔත්තුකරුවන් යොදවා කරන තර්ජනය කිරීම්. සරසවි උපසංස්කෘතිය විනාශ කිරීම හා සිසුන්ගේ සාමූහික ක්රියාකාරීත්වයට වැට බැදීම. සරසවි සිසුන් තුළට වැඩි වැඩියෙන් හමුදා ඔත්තුකරුවන් යෙදවීම ඔවුන් හරහා සිසුන් අතර ගැටුම් ඇති කරීම
කාලයක් තිස්සේ සරසවි ආරක්ෂක අංශයන්හි සේවය කරන ලද නිලධාරීන් ඉවත් කර ආණ්ඩුවට පක්ෂපාතී හමුදා ඔත්තුරුවන් ඒවාට යොදවා දැඩි මිලිටරි පාලනයකට සරසවිය යටත් කිරීම. මේ සියලූ දේ හරහා සරසවි සිසුන් තුළ ඇති කරන භීතිය හේතුවෙන් සිසුන් කළ කිරීමට පත්කොට ඔවුන් අධ්යාපනයෙන් පිටමං කිරීම ගත හැක. අවසන පාලකයන්ගේ අධ්යාපනය විකුණන් කෑමේ ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට මේ සියලූ දේ පාර කපනු ඇත. නිසා අප මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ වත්මන් සරසවි පද්ධතිය විනාශ කිරීමේ සිසු ජීවිත බිල්ලට ගැණීමේ ආණ්ඩුවේ මෙකී නරුමවාදී මැදිහත්වීම්වලට එරෙහිව ඔබගේ දරුවාගේ අධ්යාපන අයිතිය වෙනුවෙන් පෙළ ගැහෙන ලෙසය. මේ සිදුවන සිදුවීම් සියල්ල ඉතා සැලසුම් සහගතව හා දැනුවත්ව සිදුවන දේ නිසා අපට මේවා පිළිබද සාධාරණ පරීක්ෂණ පවත්වේවිය කියා අප මොහොතකටවත් බලාපොරොත්තු නොවෙමු. එවැනි නීතියක් වත්මන් ලංකාවේ නොමැති බව අපට පමණක් නොව ඔබ සියලූ දෙනාටම පැහදිළි සත්යකි. නිසා ආදරණීය අම්මේ තාත්තේ ඔබට අපට කළ හැක්කේ මේ පිළිබදව දැනුවත් කිරීම හා මෙකී මර්දනයට එරෙහිව සටන්වැදීම පමණකි.

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-